
රට රැකගත් හමුදාව වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපති පවසන්නේ කාගේ වුවමනාවකටද? විමල්ගෙන් ප්‍රශ්නයක්
බලවත්ත්‍රස්තවාදී සංවිධානයක් පරාජයට පත්කරමින් මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් මෙරටේ ත්‍රිවිධ හමුදාව රජයට පක්ෂපාතී නොවන වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපතිවරයා සේනාධිනායකවරයා ලෙස පැවසීම කාගේ වූමනාවට සිදුවූවක් දැයි ප්‍රශ්නයක් පැන නගින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළකළේ අද (03) ඒම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
''ජනාධිපති අනුර කුමාර දිසනායක මහත්තයා කියනවා අපේ රටේ හමුදාව රාජ්‍යයට පක්ෂපාතී, වෘත්තීමය හමුදාවක් බවට පත්කරනවා කියලා. එමගින් ඔහු නොකියා කියන්නේ මේ වනවිට තියෙන්නේ රාජ්‍යයට පක්ෂපාතී ානොවන වෘත්තීමය නොවන හමුදාවක් කියලා. ඔබ දන්නවා ජිනීවා මානව හිමිකම් කොමිසමෙත්, ඒ වගේම දෙමළ ඩයස් පෝරාවෙත් ප්‍රධාන චෝදනාවක් වුණේ පසුගිය යුද ගැටුම් පැවති සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෘත්තීමය හමුදාවකට නොගැලපෙන යුද අපරාධ සිදු කරන ලද හමුදාවක් ලෙසයි. ඔවුන්ට ඔ්න වුණා ඒ මතය අන්තර්ජාතිකව සනාථ කරන්න. දැන් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයා, සේනාධිනායකවරයා, ආරක්ෂක අමාත්‍යවරයා තම රාජ්‍යයේ හමුදාව රාජ්‍යයට පක්ෂපාතී නැති හමුදාවක් හැටියට අර්ථකථනය කරනවා. ඒ වගේම ඒ් හමුදාව වෘත්තීමය නොවන හමුදාවක් හැටියට ප්‍රකාශයට පත්කරනවා. අපි අහනවා එදා ඇස්, ඉස්, මස්, ලේ දන්දීලා භයානක ත්‍රස්තවාදයකින් මේ රට බේරාගත්තතේ ඒ් වෘත්තීමය නොවන, රාජ්‍යයට පක්ෂපාතී නොවන හමුදාවද කියලා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
