රට රැකගත් හමුදාව වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපති පවසන්නේ කාගේ වුවමනාවකටද? විමල්ගෙන් ප්‍රශ්නයක්
බලවත්ත්‍රස්තවාදී සංවිධානයක් පරාජයට පත්කරමින් මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් මෙරටේ ත්‍රිවිධ හමුදාව රජයට පක්ෂපාතී නොවන වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපතිවරයා සේනාධිනායකවරයා ලෙස පැවසීම කාගේ වූමනාවට සිදුවූවක් දැයි ප්‍රශ්නයක් පැන නගින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළකළේ අද (03) ඒම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
''ජනාධිපති අනුර කුමාර දිසනායක මහත්තයා කියනවා අපේ රටේ හමුදාව රාජ්‍යයට පක්ෂපාතී, වෘත්තීමය හමුදාවක් බවට පත්කරනවා කියලා. එමගින් ඔහු නොකියා කියන්නේ මේ වනවිට තියෙන්නේ රාජ්‍යයට පක්ෂපාතී ානොවන වෘත්තීමය නොවන හමුදාවක් කියලා. ඔබ දන්නවා ජිනීවා මානව හිමිකම් කොමිසමෙත්, ඒ වගේම දෙමළ ඩයස් පෝරාවෙත් ප්‍රධාන චෝදනාවක් වුණේ පසුගිය යුද ගැටුම් පැවති සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෘත්තීමය හමුදාවකට නොගැලපෙන යුද අපරාධ සිදු කරන ලද හමුදාවක් ලෙසයි. ඔවුන්ට ඔ්න වුණා ඒ මතය අන්තර්ජාතිකව සනාථ කරන්න. දැන් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයා, සේනාධිනායකවරයා, ආරක්ෂක අමාත්‍යවරයා තම රාජ්‍යයේ හමුදාව රාජ්‍යයට පක්ෂපාතී නැති හමුදාවක් හැටියට අර්ථකථනය කරනවා. ඒ වගේම ඒ් හමුදාව වෘත්තීමය නොවන හමුදාවක් හැටියට ප්‍රකාශයට පත්කරනවා. අපි අහනවා එදා ඇස්, ඉස්, මස්, ලේ දන්දීලා භයානක ත්‍රස්තවාදයකින් මේ රට බේරාගත්තතේ ඒ් වෘත්තීමය නොවන, රාජ්‍යයට පක්ෂපාතී නොවන හමුදාවද කියලා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්