
ඉන්දියාව රුසියාවෙන් කරන බොරතෙල් ආනයනය තියුනු ලෙස පහත දමයි
2023 ජනවාරි මාසයෙන් පසුව පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාවෙන් ඉන්දියාව ආනයනය කරන බොරතෙල් ප්‍රමානය අවම මට්ටමට පහත වැටී ඇති බව වාර්තා පවසයි. මෙම තත්වය ඇතිවී තිබෙන්නේ, එක්සත් ජනපද පරිපාලනය රුසියානු බලශක්ති සමාගම් කිහිපයකට සහ තෙල් ටැංකි ගණනාවකට එරෙහිව සම්බාධක පැනවීමෙන් සති කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.
රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාවේ දෙවන විශාලතම තෙල් ගැනුම්කරු බවට ඉන්දියාව පත් විය. එම ආනයන්යන් පසුගිය ජනවාරි මාසයට වඩා 14.9% ක අගයකින් අඩු වූ අතර, එය පෙබරවාරි මාසයේදී දිනකට බැරල් මිලියන 1.4 ක් පමණ වන සාමාන්‍යය අගයක් ගත් බව Kpler හි දත්ත උපුටා දක්වමින් පසුගිය 28 දා Bloomberg ආයතනය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේය.
Kpler දත්ත වලට අනුව රුසියාවෙන් බොරතෙල් ආනයනය නැවැත්වීම හේතුවෙන් ඇතිවන හිඟය ප්‍රධාන වශයෙන් ඉරාකය සහ සෞදි අරාබිය විසින් පියවා ඇති බවද Bloomberg පවසයි. උදාහරණයක් ලෙස, ඉන්දියාවේ දෙවන විශාලතම සැපයුම්කරු වන ඉරාකයෙන් නැව්ගත කිරීම් පෙබරවාරි මාසයේදී 8.3% කින් ඉහළ ගොස් තිබුණි. ඉන්දියානු පිරිපහදුකරුවන් ද නයිජීරියාව, ඇන්ගෝලාව, මෙක්සිකෝව සහ කොලොම්බියාවෙන් වැඩිපුර මිලදී ගැනීම් කර තිබුණි. ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම් ඉදිරි මාස දෙක තුළ තවදුරටත් පහත දමනු ඇතැයි අපේක්ෂා කරන බව Bloomberg වාර්තාව පුරෝකතනය කළේය.
ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් පනවන ලද නවතම සම්බාධක, ගෑස්ප්‍රොම් නෙෆ්ට් සහ සර්ගුට්නෙෆ්ටෙගාස් ඇතුළු රුසියානු තෙල් නිෂ්පාදකයින් මෙන්ම රුසියානු බොරතෙල් ප්‍රවාහනය කරන නාවික යාත්‍රා 183 ක් ඉලක්ක කර ගත්හ. මෙම පියවරයන් ලොව තුන්වන විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාවට සහ ලොව විශාලතම ආනයනකරු වන චීනයට බලපා ඇත.
පෙබරවාරි මාසයේ නවදිල්ලියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, සම්බාධක නොතකා, රුසියාව ඉන්දියාව ඇතුළු ගෝලීය වෙළඳපොළට තෙල් සැපයීම දිගටම කරගෙන යනු ඇති බව රුසියානු පළමු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය පාවෙල් සොරොකින් අවධාරණය කළේය. "අපි ප්‍රායෝගිකයි. අපි අපේ සබඳතා අගය කරනවා, වෙළඳපොළට සැපයුම් දිගටම කරගෙන යනවා. ආර්ථික දෘෂ්ටි කෝණයකින් අපේ සම්පත් තරඟකාරීයි." සොරොකින් පැවසීය.
රුසියාව ඉන්දියාවට ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නැව්ගත කිරීම් වැඩි කරන බව ද ඔහු යෝජනා කළේය. නවදිල්ලිය දැනට කටාර් සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙඅංශයෙන්ම සුපිරි ශීත කළ ඉන්ධන ආනයනය කරන අතර එමඟින් ඉන්දියානු ඉල්ලුමෙන් 50% ක් පමණ සපුරාලයි.
යුක්රේන ගැටුමේදී ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික කඹයක් දිගේ ගමන් කර ඇති අතර, එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන අතරම රුසියාව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කළේය. ඒ අනුව රුසියාව ඉන්දියාවේ විශාලතම තෙල් සැපයුම්කරු ලෙස මතුවී ඇත.
ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් පසුගිය 27 වනදා නිව්ස් 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තෙල් හා ගෑස් සඳහා වඩාත්ම ලාභදායී ප්‍රභවයන් සොයා ගැනීම සඳහා නවදිල්ලියේ ප්‍රවේශය අගය කළ අතර රුසියාව විශ්වාසදායක සහ දැරිය හැකි බලශක්ති සැපයුම්කරුවෙකු වී ඇති බවද සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
