News Category
From Date
To Date
Maximum Number of Result

මයිදාන් ගෝල් ෆේස් පන්නයේ ඊනියා අරගල වලින් ජනතාවට විනාශය රැගෙන එන නායකයන් බලයට පත්වෙනවා- ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

Feb 27, 2025 at 12:42 PM
|

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින්  ඊයේ(26) කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර  තිබූ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව " ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ඊනියා මයිදාන් සහ ගෝල් ෆේස් පන්නයේ අරගල වලින් පාර කැපෙන්නේ සෙලෙන්ස්කිලා වැනි ජනතාවට විනාශය රැගෙන එන නායකයන්ට බවයි. ඒ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්, 


වැඩමවා වදාළ ගෞරවනීය, වන්දනීය, පූජනීය ස්වාමීන් වහන්ස ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින මෙම කටයුතු සංවිධානය කරන්න පුරෝගාමීත්වය ගත්තු අධිරාජ්‍ය  විරෝධී සංසදයේ කැඳවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා ඇතුළු සියලුම මහත්ම මහත්මින් ගෙන් අවසරයි. ඒ වගේම රුසියානු තානාපති කියුබානු තානාපති චීන තානාපති කාර්යාලයේ සියලුම රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින සියළුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි.

මේ වන විට රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වෙලා අවුරුදු  තුනක් ගෙවිලා ගිහිං තියෙනවා. මට කලින්  අදහස් ඉදිරිපත් කරපු මොහාන් සමරනායක මැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා වගේ රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන මේ යුද්ධය සම්බන්ධයෙන් බටහිර බලවතුන් ඇතුළු බොහෝ දෙනෙක් කල්පනා කළේ ඔවුන්ගේ අවි ආයුධ යුක්රේනයට ලබා දීම හරහා රුසියාව පරාජයට පත් කිරීමට යුක්රේනයට හැකියාවක් ලැබෙනු ඇතැයි කියලා.

නමුත් ඉතාම පැහැදිලිව ගතවෙච්ච කාලය තුළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ඒ ජනතාව සනාථ කොට  තිබෙනවා බටහිර කඳවුරේ එම යුධ උපායික උවමනාව දේශපාලන උවමනාව ජයග්‍රහණය කරනවා වෙනුවට පරාජය කරා ගමන් කරවීමට ඔවුන්ට ශක්තිය තිබෙන බව.

අපි දන්නවා මේ යුක්රේනයට සෙලෙන්ස්කි නැමැති පාලකයා නිර්මාණය වෙන්නේ මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලයක් හැටියට බව. මයිදානය කියන්නේ ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර වගේම උද්‍යානයක්.

මයිදානයට තමයි එවකට යුරෝපා සංගමය සහ රුසියාව අතර තුලනාත්මක විදේශ සබඳතා පවත්වාගෙන ගිය  යුක්රේනයේ ජනාධිපතිවරයා වූ වික්ටර්යනුකොවිච් එළවා දැමීම සඳහා පිරිස එක් රැස් වුණේ. ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලය හා සමානවම වික්ටෝරියා නූලන්ඩ්ලා හදපු තිර පිටපතට අනුව ඔවුන් පොම්ප කරපු ඩොලර් බිලියන පහකට අධික මුදල් අරගත්තු, බෙදාහදාගත්තු යුක්රේනයේ රාජ්‍ය නොවන සංවිධාන, තැරැව්කාරයෝ, ඒ වගේම සමාජ මාධ්‍ය වීරයෝ, ඊනියා වීරයෝ  එක් රැස් වෙලා ජීව හුස්ම පිම්බේ. මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය වුණේ, සෙලෙන්ස්කි නැමැති කවට නළුවාගේ අතට, යුක් රේනයේ ඉරණම භාර කිරීමයි.

එවැනි ඊනියා අරගල වලින් පාර කැපෙන්නේ කිසිවෙක් නොහිතන කවට නළුවන්ට එක්කෝ වෙනත් වර්ගයේ සෙලින්ස්කිලාට.

මොකද එවැනි අරගල බාහිර බලවතුන්ගේ න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක අරගල නිසා ඒ වගේම ඔවුන් පොම්ප කරන ඩොලර් මත ජවය සපයන අරගල නිසා එවැනි අරගල වලින් කිසිම ජාතියකට කිසිම රාජ්‍යයකට සුභදායී තර්කානුකූල ප්‍රතිඵලයක් අත්පත් කර දෙන්නේ නෑ. ඒ වෙනුවට තිබුණාටත් වඩා අගතියේ දිශාවට තිබුණාටත් වඩා අනර්ථයේ දිශාවට තිබුණාටත් වඩා අයහපතේ දිශාවට තිබුණාටත් වඩා අවදානමේ  දිශාවට  ඒ ජාතිය රැගෙන යාම අනිවාර්යෙන් සිදු වෙනවා.යුක්රේනය අපට කියා දෙන වැදගත්ම පාඩම ඒක.

සමහරු හිතන් ඉන්නවා "අරගලය" කියන වචනයේ ලේබලය අලවන හැම අරගලයක්ම නිරපේක්ෂව නිවැරදියි කියලා. නමුත් ලෝක ඉතිහාසයේ ඉතාම දුෂ්ට හා ප්‍රතිගාමී අරගලත් තිබිලා තියෙනවා. ඉතාම ප්‍රගතිශීලී සාධාරණ අරගලයක් තිබිලා තියෙනවා. මේ දෙයාකාර අරගල වලින්ම තමයි ලෝක ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ අනුව යුක්රේන අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි රුසියානු විරෝධී  යුරෝපා සංගමයට ගැති, බටහිරට ගැති යුක්රේන නායකත්වයක් අතට යුක්රේනයේ බලය හිමිවීම. ඔබ දන්නවා සංස්කෘතික වශයෙන් යුක්රේනය හා රුසියාව අතර තියෙන්නේ ඉතාම කිට්ටු බැඳියාවක්.ඕතඩොස් ආගම සමග ඉතාම කිට්ටු සංස්කෘතික බැඳියාවක්.

ඒ සියලු බැඳියාවන් පැත්තකට දාලා පසුකාලීන යුක්රේනයේ රුසියානු විරෝධී නව නාසිවාදී ප්‍රතිපත්තියකට ගමන් කරවනු ලැබුවා.යුක්රේනය පුරා ජීවත්වෙන රුසියානුවන්ට රුසියානු භාෂාව ඉගැන්වීම නතර කරනු ලැබුවා.

රුසියානුවන් අදහන ආගමට ගරහන්න පටන් ගනු ලැබුවා. එම ජනතාව යුක්රේන භූමියේ ජීවත් වුනු රුසියානු වැසියන්.රුසියානු සංස්කෘතියට අයත් වුනත් ඔවුන් යුක්රේන වැසියන්. ඒ අනුව ඔවුන් ජීවත් වෙච්ච භූමියේම නොතකා හරිනු ලැබුවා. ඔවුන්ව කොන් කරනු ලැබුවා.සෝවියට් සංගමය  බිඳ වැටීමෙන් පස්සේ ඉතාම අභාග්‍ය සම්පන්න දුර්භික්ෂ කාල රුසියානු ජනතා පහුකර පැමිණියා. එහෙත් රාජ්‍යයක් හැටියට බලවත්ව ශක්තිමත්ව නැගී හිටපු රුසියාවට ඒ දිහා ඇහැ කන පියාගෙන බලන් ඉන්න බැරි විදිහේ තත්වයක් නිර්මාණය වුණා.

යුක්රේනයේ ඊළඟ අභිලාශ වූයේ නේටෝ සාමාජිකත්වය ගැනීම .

අද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිවරයාට යෝජනා කරන ප්‍රධාන යෝජනාව තමයි යුක් රේනයේ තියෙන දුර්ලභ ඛණිජමය හා පාෂාණමය සම්පත් අමෙරිකාවට ලබා දීම.

ට්‍රම්ප් යුක්රේනයට පවසනවා ඩොලර් බිලියන පන්සීයක් වටිනා ඛණිජමය හා පාෂාණමය සම්පත් ඇමරිකාවට දෙන ගිවිසුමකට අත්සන් කරන්න කියලා.

මං හිතන්නේ චීනෙට පමණක් නොදෙවෙනි දුර්ලභ ඛනිජමය හා පාෂාණමය සම්පත් වලින් පිරිච්ච රටක් යුක්රේනය.

යුරෝපයේ පාන් කූඩය කියලා හඳුන්වන , යුරෝපයේ අංක එකේ ආහාර නිෂ්පාදකයා ලෙස  හඳුන්වන , මේ දුර්ලභ  පාෂාණමය හා ඛණිජමය සම්පත් වලින් අනූන වෙච්ච රටක් වූ  යුක්රේනයට  ට්‍රම්ප් ජනාධිපතිවරයා අමුවට කියනවා මේ ගිවිසුමට එන්න කියලා.

"යුක්රේනය වෙනුවෙන් මේ යුද්ධය වෙනුවෙන් අපි මෙච්චර මුදලක් වැය කරලා තියෙනව, ඒ මුදලට හිලව් වෙන්න මේ ගිවිසුමට එන්න. යුක්රේනය පොළොව ඇතුලේ තියෙන මෙන්න මෙච්චර වටිනා දුර්ලභ පාෂාණ සම්පත කඩිනමින් අපට දෙන්න." ට්‍රම්ප් සෘජුවම පවසනවා.

ඒකෙන් හොඳින් පැහැදිලි වෙනවා යුක්‍රේනය මේ ප්‍රොක්සි යුද්ධයට  බටහිර ජාතීන් තල්ලු කළේ මොන යටි අරමුණක් හිතේ තියාගෙනද කියලා.

ඔබට මතකයි යුද්ධය පටන් අරන් පළවෙනි මාස දෙක ඇතුලේ රුසියානු ජනාධිපති පුටින් සාම සාකච්ඡාවක් පවත්වන්න එකඟ වුණා.

සෙලෙන්කිගේ නියෝජිතයොයි රුසියානු ජනාධිපතිගේ නියෝජිතයොයි තුන්වෙනි පාර්ශවයේ රටකදී මුණ ගැහුනා.

මුණ ගැහිලා සාකච්ඡා කරාම රුසියාව ඉදිරිපත් කළේ කොන්දේසි දෙකයි.පළවෙනි කොන්දේසිය," ඔබ නේටෝවට එකතුවීමේ අදහස සම්පූර්ණයෙන්ම අතහරින්න ඕනේ.

නේටෝ කියන්නේ යුධ සන්ධානයක්. මිලිටරිමය සන්ධානයක්. ඒ මිලිටරිමය සන්ධානයට එකතු වීමේ අදහසින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනේ." අංක දෙක " යුක්රේනය නිශ්ක්‍රිය රාජ්‍යයක් හෙවත් කාටවත් ගැති නොවන රටක් හැටියට පවතින්න ඕනේ."

රුසියාව යෝජනා කළේ නැහැ. රුසියානු ගැති රටක් බවට පත්වෙන්න කියලා.අපටත් ගැති නොවී වෙන කාටවත් ගැති නොවී නිෂ්ක්‍රිය  රටක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක විතරයි කිව්වේ. මේ යෝජනා දෙකට යුක්රේනය සතුටු වුණා.මේ යෝජනා දෙකට එකඟ බවට යුක්රේනය අත්සන් කරා.

නමුත් සෙලෙන්ස්කිව මුණ ගැහෙන්න වේගයෙන් ආවා එවකට හිටපු බ්‍රිතාන්‍ය  අගමැති මොරිස් ජොන්සන් උන්නැහැ. ඇවිල්ලා කිව්වා මේකට එකඟ වෙන්න එපා. උඹලට අපි සම්පූර්ණයෙන් උදව් කරනවා යුද්ධ කරපන් කියලා.

මෝඩ සෙලෙස්කි කියන පාලකයා අච්චර සාධාරණ කොන්දේසි දෙකක් මත පදනම් වෙච්ච සාමයකට යන්න තිබිච්ච ඉඩ ප්‍රස්ථාව වළක්වලා  යුක්රේන ජනයාට  ජීවිත විනාශය පමණක් නෙවෙයි යුක්රේනය සතු අනභිභවනීය ස්වභාවික සම්පත් යුක්රේනයට අහිමි කරන යුක්රේනයේ අනාගතය බිලි ගන්වන ඒ මහා මෝඩ අනුවණ තීරණයට තල්ලූ වුණා අර හෙළි පෙහෙළි කරපු සාම සාකච්ඡාවේ එකඟතාවයට යන්නේ නැතුව. අද සෙලෙන්ස්කි මහත්තය තනිවෙලා. එක පැත්තකින් ට්‍රම්ප් ජනාධිපතිවරයාව විවේචනය කරන ඉරණමකට භාජනය වෙලා තියෙනවා.

අනිත් පැත්තෙන් යුරෝපය තමන්ව වෙනදා වගේ සැලකිල්ලට ලක් කරන්නේ නැති ඉරණමකට භාජනය වෙලා තියෙනවා.රුසියාව සාම සාකච්ඡාවට එකඟයි කියමින් තවදුරටත් යුක්රේනයට යුධමය පීඩනය එල්ල කරමින් ඉන්නවා. අද යුක්රේන තරුණයෝ යුක්රේන හමුදාව අතහැර දහස් ගණනින් පලා යන ඉරණමකට පත් වෙලා තියෙනවා. අද යුරෝපයට, බටහිරට තේරෙනවා ආයුධ කොච්චර සම්පාදනය කළත් යුක්රේනයට තමන්ට යුධමය ක්‍රියාන්විතයට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරගැනීමේ නොහැකියාවකින් පෙළෙනවා කියලා. මේක ඉතා වැදගත් අත්දැකීමක් අප වැනි සියලු රාජ්‍යයන් වලට.  බටහිරට ඕනේ ඒක ද්‍රැවීය ලෝකයක්.තමා පමණක් මත පදනම්ව කේන්ද්‍රගත වෙච්ච ලෝකයක්. තමා හිතන විදිහට කටයුතු කරන ලෝකයක්. තමාගේ අභිමතය එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්න ලෝකයක්.

ඒක ද්‍රැවීය ලෝකය වෙනුවට, බහු ද්‍රැවීය ලෝකය තමයි අපට තියෙන වඩාම යහපත් මාර්ගය.අපේ වගේ රටවල් වලට කෙලින් හිට ගැනීමේ, විභවය නිර්මාණය කර දෙන්නේ බහුද්‍රැවීය ලෝකය.මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමහර බටහිර තෙල් සමාගම් ලංකාවෙන් පිටත් කරන්න හදනකොට එවකට හිටපු ඇමරිකානු තානාපතිවරයා සිරිමාවෝ මැතිනියට ඇවිල්ලා තර්ජනය කළා අපි ගන්න තේ සියල්ලම නතර කරනවා මේ තීරණය ගත්තොත් කියලා. සෝවියට් සංගමයේ හිටපු තානාපතිවරයා ඊට පසුවදාම ඇවිල්ලා සිරිමාවෝ මැතිනියට කියනවා ඒගොල්ලෝ නොගන්න සියලුම තේ ප්‍රමාණය අපි ගන්නවා. බය නැතුව ඔබ තීරණ ගන්න කියලා.

එහෙම ද්වි ධ්‍රැවීය ලෝකයක් තිබිච්ච හින්දා තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඒ ප්‍රගතිශීලී රැඩිකල් අධිරාජ්‍ය විරෝධී තීරණ ගන්න පුළුවන්කම ලබා දුන්නේ. 

ඒ නිසා තමයි අපි කියන්නේ අපට ඕනේ චීනය රුසියාව වැනි ප්‍රගතිශීලී රාජ්‍යන් බලවත්ව නැගී සිටින  බහු ධ්‍රැවීය ලෝකයක් කියලා. එහෙම ලෝකයක් තමයි අපට නැගිටින්න උදව් කරන්නේ. ඒ ලෝකය සමඟ තමයි නිර්භයව අපි සිටගත යුත්තේ. ඒ ලෝකය සමග තමයි ඒ අප විශ්වාස කරන ප්‍රගතිශීලී බල කේන්ද්‍ර හරහා අපි අපේ මාවත පාදාගත යුතුව තිබෙන්නේ. එහෙම නැතුව අපි මුල්‍ය අරමුදලේවත් බටහිරවත් දිහා බලාගෙන යන ගමනකින් අපේ රාජ්‍යන් ශක්තිමත් කරන්න බෑ. මුල්‍ය අරමුදලේවත් බටහිරවත් දිහා බලාගෙන යන ගමන මගින් අපි තව තවත් අගාධයේ පතුල කරා ගමන් කරනවා ඇරෙන්න එයින් එළියට එන මාවතක් එළිපෙහෙළි කරගන්න බෑ. ඒ නිසා විය යුතුයි  අධිරාජ්‍ය  විරෝධී ජාතික සංසදය අද මේ ඉතාම ප්‍රගතිශීලී නිවැරදි ඒ වගේම ආදර්ශමත් ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙන්නේ. අපි ජාතිකවාදීන් එපමණටම අපි ජාත්‍යන්තරවාදීන් වෙනවා. අපි ජාතිකවාදීන්, සැබෑ ජාතිකවාදීන් එපමණටම අපි ජාත්‍යන්තරවාදීන්. රුසියානු යුක්රේන යුද්ධයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙන වෙලාවේ රුසියාවට එරෙහි ඡායාරූප ප්‍රදර්ශන පවත්වන විට ඒවා නවත්තන්න බැරිවුණා.

රුසියානු යුක්රේන යුද්ධයේ ඇත්ත පැත්ත මේ යුද්ධයේ ඇත්ත කතාව හෙළිපෙහෙළි කරන ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රගතිශීලී කාර්යයට අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අවතීර්ණ වීම සඳහා ඔවුන්ට ලැබුණු ශක්තියට හා ධෛර්යයට මගේ සුබ පැතුම් පළ කරමින් මේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මෙමගින් ලාංකීය ප්‍රගතිශීලී ජනයාගේ ප්‍රගතිශීලී ගමන් මාර්ගයට බලවත් උත්තේජනයක් ලැබේවා! කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා සියලු දෙනාටම ජය වේවා!

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.