
යුද්ධය ජයග්‍රහණය දෙසට තල්ලූවෙමින් පවතිනවා... ඉන් පසුව ලෝකයේ තත්වය වෙනස් වෙයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති (ඡායාරූප)
රුසියානු - යුක්‍රේන යුදමය තත්වය රුසියානු ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් පවතින බවත් ඉන් පසුව ලෝකයේ තත්වයන් වෙනස් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ”යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව” (Ukraine Proxy War: The Truth and Lies) නමින් ‘අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය‘ විසින් සංවිධානය කළ ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද අවධාරණය කළේය. ‘‘රුසියාව කිසිම විටක යුරෝපා ජාතීන් සහ ඇමෙරිකානු වැසියන්ට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් රුසියාව තුළ ඇත්තේ සමස්ත අධිරාජ්‍යවාදයට එරෙහිව සටනක් පමණක් බවයි. “
මෙම ප‍්‍රදර්ශනයේ විශේෂ ආරාධිතයන් ලෙස ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සහ ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාද සහභාගී වෙමින් විශේෂ දේශනද සිදු කරන ලදී.
මෙහිදී බටහිර රටවල් විසින් යුකේ‍්‍රන භූමියේ සිට රුසියාවට එරෙහිව සිදුකරන යුද්ධය සම්බන්ධයෙන් සහ එහි වර්තමාන තත්වය, ඉතිහාසය මෙන්ම අනාගතයේ හැඩතල සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා සහ මොහාන් සමරනායක මහතා අදහස් පළ කරන ලද අතර,මෙම අවස්ථාවට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, කියුබානු තානාපති Andres Marcelo Gonzales Gorrido, චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, සාහිත්‍ය ශූරී ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රදාස කමලදාස, ආචාර්ය දසරත් ජයසූරිය, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, මාධ්‍යවේදී ජීවන්ත ජයතිස්ස, ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය නියෝජනය කරමින් ශාමේන්ද්‍ර වික‍්‍රමාරච්චි, ලකමව දියණියෝ සංවිධානයේ සභාපති ප්‍රියංගා කොතලාවල, නීතිඥ මදුමාලි අල්විස්, නීතිඥ S K A S සේනානායක, විශ‍්‍රාමික යුද හමුදා නිලධාරී වසන්ත අල්විස්, DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.


















සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
