
මයිදාන් අරගලයෙන් බටහිරයන් අතට පත්වී රූකඩ රාජ්‍යක් බවට පත්වූ යුක්‍රේනයේ වත්මන් ඉරණම - විමල් පැහැදිලි කරයි
බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවි ආයුධ යුක්‍රේනයට ලබාදීම හරහා බලාපොරොත්තු වූයේ රුසියාව පරාජය කිරීමට හැකිවනු ඇතැයි කියා වුවද, නමුත් ගතවූ කාලයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු ජනතාවට බටහිර කඳවුරේ යුද උපායික උවමනාව පරාජය කරා ගමන්කරවීමට හැකිවී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
යුක්රේනයේ සෙලෙන්ස්කි නමැති නායකයා නිර්මාණය වන්නේ මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස බවත්, සෙලෙන්ස්කිට පෙර රුසියාව සහ යුරෝපා සංගමය සමග තුලනාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය
යුක්රේනයේ හිටපු නායකයා ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර අරගලය මෙන්ම අරගලයක් තුළින් පළවා හැරීමට විටොරියා නූලන්ඩ්ගේ තිරපිටපතට අනුව හැකිවූ බවද ඒ මහතා සඳහන් කරයි.
එම අරගලයට මෙරට අරගලයට මෙන්ම වික්ටෝරියා නූලන්ඩ්ලා විසින් ඩොලර් මිලියන ගනණක් පොම්ප කළ බවත් පවසන විමල් වීරවංශ මහතා, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යුක්රේනය තුළ ස්ථාපනය කිරීමේ මුවාවෙන් මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය වූයේ සෙලෙන්ස්කි නමැති විකට නළුවාගේ දෑත මතට යුක්රේනයේ ඉරණම බාරකිරීම බවත් පෙන්වා දෙයි.
එවැනි අරගල වෙනුවෙන් පාර කැපෙන්නේ නොසිතන චරිතවලට බවත්, එවැනි අරගලවලින් කිසිඳු රාජ්‍යයකට සුබදායී ප්‍රතිඵල අත් නොවන බවත්, යුක්රේනය අපට කියාදෙන වැදගත්ම පාඩම බවත් විමල් වීරවංශ මහතා පවසයි.
ලෝක ඉතිහාසයේ ඉතාම දුෂ්ඨ හා ප්‍රතිගාමී අරගල මෙන්ම, ඉතාම ප්‍රගතිශීලී අරගල ද ක්‍රියාත්මක වූ බවද පවසන ඒ මහතා, මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය වූයේ රුසියානු විරෝධී, නේටෝවට ගැති, බටහිරට ගැති නායකත්වයක් අතට යුක්රේනයේ පාලනය ලබාදීම බවද සඳහන් කරයි.
අද ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිවරයාට සිදුකරන ප්‍රධාන යෝජනාව වන්නේ යුක්රේනයේ ඇති දුර්ලභ ඛනිජමය හා පාෂාණමය සම්පත් අමෙරිකාවට ලබාදෙන ගිවිසුමකට අත්සන් කිරීම බවත්, එයින් පැහැදිලි වන්නේ යුක්රේනය මෙම යුද්ධයට තල්ලු කළෙ බටහිරයන් විසින් වන බවත් යැයි විමල් වීරවංශ මහතා පවසයි.
යුක්‍රේන යුද්ධය ආරම්භ වී මාස 2කදී පමණ පැවති සාම සාකච්ඡාවලදී රුසියාව විසින් යුක්‍රේනයට කළ යෝජනා වූයේ නේටෝ යුදමය සංවිධානය හා එකතුවීමේ අරමුණ ඉවත්කරගන්නා ලෙස හා කිසිවෙකුට ගැති නොවන රාජ්‍යයක් ලෙස යුක්රේනය පැවතිය යුතු බවත් යැයි විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
යුක්රේනය මෙම යෝජනාවලට එකඟවූවද බ්‍රිතානයේ එවකට සිටි අගමැති බොරිස් ජොන්සන් පැමිණ එය වළක්වා යුද්ධ කිරීමට සහයෝගය ලබාදෙන ලෙස පැවසූ බවත්, සෙලෙන්ස්කි නමති පාලකයා ඊට එකඟවී යුක්රේනයට සාමය රැගෙන ඒම කඩාකප්පල් කර දැමූ බවත් ඒ මහතා පවසයි.
එමගින් සිදුවූයේ ජීවිත, දේපොළ පමණක් නොව යුක්රේනයේ අනාගතයද විනාශවීම පමණක් බවත් පවසන විමල් වීරවංශ මහතා, අද යුක්රේනයේ නායකයා සෑම පැත්තකින්ම හුදෙකලා වී ඇති බවත් සඳහන් කරයි.
මෙරට නායකයන්ටද මෙය ඉතා වැදගත් අත්දැකීමක් බවද, බටහිරට අවශ්‍ය ඒක ධ්‍රැවීය ලෝකයක් වුවත්, අපට අවශ්‍ය මාර්ගය වැටී ඇත්තේ බහුධ්‍රැවීය ලෝකයක් හරහා බවද විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
