ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධද..?
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මහතා ඊයේ (24) දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධ ද?
ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන ආවාම ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් සංජීව ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට Zoom තාක්ෂණය නැත්නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා කියලා වැඩ බලන පොලිස්පතිතුමා මාධ්‍ය හමුවක කියනවා. දැන් කවුරුහරි ගනේමුල්ලේ සංජීවට ගම්පහ උසාවියේ දී වෙඩි තබන්න හිටියනම් ඒ් වෙඩි තබන්න හිටියේ සංජීවත් එක්ක තිබෙන තරහකට මිස ගම්පහ උසාවියත් එක්ක තිබෙන තරහකට නොවේනෙ. එහෙමනම් ගම්පහ උසාවියේ තිබ්බ ඒ අවස්ථාව පොලීසිය නැති කරානම් අනිවාර්යයෙන්ම කොළඹට ගෙන එන ඊළග අවස්ථාවේ වෙඩි තියන්න කටයුතු කරනවා කියන එක තේරුම් ගන්න මහ ලොකු බුද්ධියක් අවශ්‍ය නෑ. නමුත් තොරතුරු ලැබුණු පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන කොළඹ දී ගනේමුල්ලේ සංජීව ඝාතනය වෙන්න ඉඩ ඇරලා බලන් ඉදලා තියනවා.
එහෙමනම් පොලිස්පතිවරයට ගම්පහ උසාවියේ උත්සහය වියර්ත වුනාම කොළඹදී ඒ උත්සහය දරාවි කියන එක සිතා ගන්න බැරි වෙන්න විදිහක් නෑ. මොකද ඒ වෑයම සූදානම් කල අය අත් අඩංගුවට ගන්නා තුරුම ඒ අවධානම ඒ විදිහටම තිබෙනවා. එම නිසා ගනේමුල්ලේ සංජීව ඝාතනයට වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. දැන් කවුද පොලිස්ලතිවරයා ගැන විමර්ශනය කරන්නේ. වැටත් නියරත් ගොයම් කත් නම් කාට කියන්න ද ඒ අමාරුව කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ අවස්ථාව වලට තමයි.
සංජීව ඝාතන සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී ඒ පිළිබඳ පියවර නොගැනීම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වහාම ප්‍රශ්න කළ යුතුයි. කාටද පුලුවන් පොලිස්පතිවරයා ප්‍රශ්න කරන්න? පොලිස්පතිව ප්‍රශ්න කරන්න ඉන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. රවී සෙනෙවිරත්න මහතා. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරක් තමන්ට ලැබී දින 12ක් පුරා කිසිම පියවරක් නොගත් රවි සෙනෙවිරත්න මහතාට තමයි මේ වගකීම පැවරිලා තියෙන්නේ. කකුළුවා පැටියාට කෙලින් යන්න උගන්වමින් කකුළුවා ඇදේට යනවනම් කවදාත් පැටියට කෙලින් යන්න ඉගෙන ගන්න වෙන්නේ නෑනේ. ඒ නිසා රවි සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරේ සිටිනතුරු පොලීසියට තොරතුරු ලැබිලත් ඒ් පිළිබඳව කිසිවක් නොකරන පොලිස් ලෙඩේ නම් කවදාත් හොද කරලන්න ලැබෙන්නේ නෑ කියන ඒක අපි සිහිපත් කරනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්