
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් බවත්, එය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
"ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණයවෙලා තියෙනවා. එය මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. නමුත් මෙම පාතල කණ්ඩායම් දීර්ඝ කාලයක සිට වර්ධනය වුණු විවිධ ක්ෂේත්‍රවලට, ආයතනවලට පැතිරිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සබඳතාවයන් විනාශකාරී ජාලයක් බවට වර්ධනය වෙලා තියෙනවා. අපි දැඩි උත්සාහයක් ගන්නවා මැඩපවත්වන්න. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේවා වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. අනෙක් පැත්තෙන් අපිට සමහර තොරතුරු ලැබෙමින් තිබෙනවා අපි ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙය වනදවාද කියන සැකය ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා තිබෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
