අයවැය පුස්සක්... දේශීය නිෂ්පාදන පද්ධතිය තවදුරටත් කඩාවැටෙනවා... මිල උද්ධමනය තවදුරටත් වැඩි වෙනවා... පරාධීන ආර්ථික මොඩලය එසේම පවතිනවා - ජාතික සංවිධාන කියයි
ආනයන සඳහා පනවන තීරුබදු නොවන සෙසු බදු සියල්ල ඉවත් කිරීම මගින් ආනයන ජාවාරම්කරුවන්ගේ ලාභය වැඩිවන බව සහ දේශීය නිෂ්පාදකයා තවදුරටත් කඩා වැටෙන බව ජාතික සංවිධාන කියයි.
ලංකා ලීඩර් විසින් අයවැය පිළිබඳව මතය විමසීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ බව සඳහන් කළේය.
ඉන්දියාව ප්‍රමුඛ බටහිර රටවල ප්‍රබල ඉල්ලීමක් වන සෙස් බදු, විශේෂ පාරිභෝගික බදු, වරාය සහ ගුවන්තොටුපොළ බදු, ඉවත් කිරීම මගින් දේශීය නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් කඩාවැටෙන බව හා අවසානයේ ආර්ථික අර්බුදයට මුල්වූ හේතු තවදුරටත් වර්ධනය වන බව ඔහුගේ මතයයි.
වැට් බදු වැඩිකිරීමෙන් ලැබෙන ආදායම යොදාගෙන ලබන අප්‍රේල් සිට පඩි වැඩිවීමක් ලබාදීම ඇස්බැන්දුමක් බවද ඒ මහතා සඳහන් කරයි.
වැට් බදු සමග මිල උද්ධමනය වැඩිවීම අනුව වැටුප් වැඩිවීම ඡන්ද ගුණ්ඩුවක් පමණක් බව ඔහුගේ මතයයි.
ආර්ථික මොඩලයේ තීරණාත්මක වෙනසක් නොකර දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා නොකර, ව්‍යාජ අපනයන ආර්ථික කතාව මගින් පමණක් අර්බුදය ජයගත නොහැකි බවද ඔහු සඳහන් කරයි.
දැන් පවතින ජාවාරම්කාර ආර්ථිකය සහ අමන බදු ප්‍රතිපත්තිය පවත්වාගෙන යන අතර, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ඇස්බැන්දුම් කතා පැවැත්වීමෙන් මහජනයා රැවටිය නොහැකි බව සහ අර්බුදය නිර්මාණය කළ හෙවත් ලෙඩේ උත්සන්න කර ලෙඩා බේරාගත නොහැකි බව ඔහුගේ මතයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..