
අග්‍රාමාත්‍යතුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසුයි... ජනාධිපතිට කරුණු සහිතව දීර්ඝ ලිපියක්
අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍ය වේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය.
එම සම්පූර්ණ ලිපිය පහතින්
අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ඇමෙරිකන් ආධාර සංවිධානය (USAID) ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.9 යොදවා ඇති බවට ඇමරිකානු ජනාධිපති උපදේශක ඉලෝන් මස්ක් මහතා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එරට කොංග්‍රස් සභිකයන් තවදුරටත් කරුණු පෙන්වා දෙමින් ස්ත්‍රී පුරුෂ ලිංග භේදය භාවිතා නොකිරීමට (avoid binary language) ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ඇමරිකානු ජනතාවගේ බදු මුදල් යොදවා ඇති බවට USAID ආයතනයට චෝදනා නඟන ලදී.
ඇමරිකානු ආධාර සංවිධානය(USAID) පිළිබඳ අදහස් දක්වන ඉලෝන් මස්ක් එම ආයතනය හඳුන්වා දෙන්නේ අපරාධකාරී සංවිධානයක් ලෙසට වන අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම ආයතනය හඳුන්වා දුන්නේ රැඩිකල් උන්මත්තකයන් පිරිසක් විසින් මෙහෙයවන දූෂිත සංවිධානයක් ලෙසටයි.
ඇමරිකානු ආධාර සංවිධානය(USAID) කාර්ය වශයෙන් හඳුනාගත හැක්කේ ඇමරිකානු රජයේ ප්‍රතිපත්ති විදේශයන්ට සමීප කිරීමත්, එම රජයට පක්ෂ පාතීත්වය ඇති පිරිස් ගොඩනගා ගැනීමත් සහ එම රජයේ දේශපාලන සමාජ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය දීමට අවශ්‍ය පසුබිම විදේශයන්හි සකස් කිරීමත් ය.
ඉහත සඳහන් ප්‍රශ්නගත ආයතනය අප රටේ හර පද්ධතියට නොගැලපෙන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීමට මූල්‍ය ආධාර ලබා දුන් අය අතර වත්මන් අග්‍රාමාත්‍යතුමියගේ නමද සඳහන්ව ඇත.
එතුමිය දිගින් දිගටම සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, අමාත්‍යවරියක හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස ධූර දරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇත.
සමරිසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකුලභාවය පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ පැහැදිලිවම තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් වර්ගීකරණය කල හැක්කේ ගැහැනු හා පිරිමි වශයෙන් පමණක් බවත් ඉන් පරිබාහිර වර්ගීකරණයක් පිළිගන්නා නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ය.
ඒ අනුව සමරිසි සබඳතා ප්‍රවර්ධනය හා අනුමත කරමින් රටේ ආග්‍රාමාත්‍යවරිය හා පාර්ලිමේන්තු සභිකයෙක් ලෙස කටයුතු කිරීම මගින් හරිනි අමරසූරිය මහත්මිය ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත.
එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් සමග ඇයට තම ධූරයේ නීත්‍යානුකූලව කටයුතු කල නොහැකිය.
එබැවින් අපගේ රටේ හර පද්ධතියට, වටිනාකම් වලට හා සම්ප්‍රදායන්ට අනුකූල නොවන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරය හෝ අධ්‍යාපන අමාත්‍ය ධුරය හෝ දැරීම සදාචාරාත්මක නොවන බවත්, ව්‍යවස්ථා විරෝධි බවත් සඳහන් කර සිටිමු.
අපගේ මෙම විරෝධය කිසිසේත්ම එතුමියගේ තෝරා ගැනිමේ අයිතියට හෝ පෞද්ගලිකත්වයට බලපෑම් එල්ල කිරීමක් නොවන බවද සඳහන් කීරිමට කැමැත්තෙමු.
පුද්ගලයෙකුගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික දිශානතිය,ලිංගික ඇබ්බැහි වීම, විවිධත්වය, අසාමාන්‍ය පුරුදු , ලිංගික බෙල හීනතාවයන් වැනි පෞද්ගලික කටයුතු සමාජය තුළ වර්ධනය කිරීම නීති සංග්‍රහයට ඇතුළත් කිරීම, ඒ අනුව අධ්‍යාපන මට්ටම් වෙනස් කිරීමට යෝජනා කිරීම සමාජ පරිවර්තනයන් සිදුකිරීමට හෝ සමාජයේ ආකල්ප ඒ අනුව වෙනස් කිරීම සිදුවිය යුතු යැයි රටක අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ඇමති මූලික වීම අනුමත කළ නොහැක.
අග්‍රාමාත්‍ය තුමිය විසින් මේ අභියෝගයට ලක් කරන්නේ අපේ රටේ සංස්කෘතිය, සම්ප්‍රදායන්, වටිනාකම් හා අප රට හා සමස්ත සමාජය ගොඩ නැගී ඇති හර පද්ධතියට බව පෙන්වා දීමට කැමැත්තෙමු.
පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය, පුරුදු, රුචිකත්වය යන අතිශයින් පෞද්ගලික හේතූන් මත ඔහුට හෝ ඇයට සම අවස්ථාවන් නොලැබීම,වෙනස් කොට, උසස් හෝ පහත් කොට සැලකීම අප කිසි විටෙකත් අනුමත නොකරන අතර මෙවැනි පෞද්ගලික දේ පදනම් කර ගනිමින් වෙනම ප්‍රජාවක් ලෙස හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් හෝ අමුතු පුද්ගලයෙක් ලෙස තමන් හඳුන්වා ගැනීමට හෝ වෙනත් අය විසින් මෙම පුද්ගලයන් එසේ හඳුන්වා දීමට උත්සාහ දැරීමද අපි අනුමත නොකරන්නෙ සියලු පුරවැසියන් සමාන කොට සැලකිය යුතු නිසාය.
එමෙන්ම, ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ වී ලබන්නා වූ දරුඵල ජීවිතයේ තමන් ලද වටිනාම දායාදයක් ලෙස සලකන දෙමව්පියන් තම ජීවිත කාලය තුළ කැප වන්නේ තමන් බිහිකල දරුවාගේ අනාගතය සකස් කරන අත්වැලක් වීමේ සිහින යථාර්ථයක් කර ගැනීමටය, එවැනි වටිනාකම් සහිත අප සමාජයට ලිංගික දිශානතිය හඳුන්වාදීමට, ස්ත්‍රී ලිංග පුරුෂලිංග පද භාවිතා නොකර මාධ්‍ය හැසිරවීමට, සමරිසි සම්බන්ධතා පිළිබඳ දැනුවත් කිරීමට හෝ පෙළඹවීමට, සමාජය තුළ එවැනි කාරණා ප්‍රවර්ධනය කිරීමට තමන් දරන රාජ්‍ය තනතුරක් මෙවලමක් කර ගන්නේනම් එයට එරෙහිව නැගී සිටීමට මෙරට මව්වරුන් පියවරුන් බහුතරයක් කිසිදු භේදයකින් තොරව ඉදිරිපත් වනු ඇති බව වගකිමෙන් සදහන් කරමු.
2023 වසරේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව දණ්ඩනීති සංග්‍රහයේ 19වෙනි පරිච්ඡේදය 365, 365අ යන වගන්තියෙන් සංශෝධනය නොකරන ලෙසට එවකට ජනාධිපති හා අධිකරණ ඇමැති තුමන් වෙත අප සංවිධානය කරුණු පහදා දුන්නේ එම වගන්තීන් ඉවත් කිරීමෙන් ළමා අපයෝජකයන් සඳහා ලබා දෙන්නා වූ "දැඩි දඬුවම්" යන නිර්දේශයන් ඉවත්වන නිසාය.
එක් කොටසගේ අයිතිය තහවුරු කිරීම සඳහා තවත් කොටසකගේ අයිතීන් අභියෝගයට ලක්වන්නේ නම් ඒ පිළිබඳව පෙනී සිටීම,හඬක් නැගීම සෑම යහපත් පුරවැසියෙකුගේම අයිතියකි. අපරාධකාරී ආයතනයන් හරහා ලැබෙන මුදල් යොදවා තම මතයට සහාය නොදෙන, පිළිනොගන්නා,වෙනත් මතයක් දරන අය විවේචනය කිරීම,අපහාස කිරීම තම මතය දැරීමට බලපෑම් කිරීම නුසුදුසු යැයි අපගේ පිළිගැනීමයි.
මෙම ලිපිය ගරු ජනාධිපති තුමන් වෙත යොමු කරන්නේ
(1) ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍ය වේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්,
(2) අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බව ත් පෙන්වා දීමටය.
ජනාධිපති තුමනි, ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු වේවායි අපේක්ෂා කරමු .
මෙයට
ශර්ම්ලා ගෝනවෙල
සභාපතිනි
අර්බන් සිටිසන් සංවිධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
