News Category
From Date
To Date
Maximum Number of Result

USAID විරෝධය හෙවත් සියලු බලවේග ඇමෙරිකාවේ උවමනාවට අනුව මෙහෙයවීම

Feb 15, 2025 at 01:50 PM
|

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට  එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය.  එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ  ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි.  එමෙන්ම ඉදිරියේදී  ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි  විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.

මේ අතර ඊයේ (14) දින ජාතික සංවිධාන එකමුතුව විසින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙසේ පවසයි. 

''පසුගිය රාජ්‍ය විරෝධී අරගල සහ නීත්‍යානුකූල නොවන ආකාරයට පාලකයින් පලවා හැරීම ආදී මෑත කාලීන අත්දැකීම් නැවත ප‍්‍රතිනිර්මාණය නොවන බවට කිසිවෙකුට කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බව ඔබතුමා පිළිගන්නවා ඇත. එසේම ඩොනල්ඩ් ට‍්‍රම්ප් පාලනය යටතේ මීට පෙර තිබූ අරමුදල් අනුමත කරනු ලබන කොංග‍්‍රස් මණ්ඩලයට යම් කිසි වගවීමක් තිබුණු ක‍්‍රමවේද වෙනුවට අත්තනෝමතික ක‍්‍රමවේද අනුගමනය කිරීමට වැඩි ඉඩක් තිබීම තුළ තත්ත්වය තවදුරටත් බරපතළ වේ." යනුවෙනි. 

එම ලිපියේ මෙම උපුටනය මගින් ජාතික සංවිධාන එකමුතුව පවසන කාරණය වන්නේ වර්තමානයේ ඩොනල්ඩ්ට්‍ඩ්රම්ප්ගේ පාලනය යටතේ  USAID සංවිධානය  කොංග්‍රස් මණ්ඩලයට වග නොකියන තත්වයක් යටතේ අත්තනෝමතික ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකළාටත වඩා දරුණු මැදිහත්වීම් සිදුකිරීමට හැකියාවක් ඇති සංවිධානයක් බවට පත්වන බවයි 

 

මේම ලිපි 2ක එකට තබා අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන එක් කරුණක් ඇත. එනම් USAID සංවිධානයේ අත්තනෝමතික මැදිහත්වීම් වලට හෝ 

වර්තමාන ඇමෙරිකානු  පාලනයෙන් සිදුවන වෙනස් ආකාරයේ මැදිහත්වීම් වලට හෝ විරෝධය දැක්වීම දේශපාලන පක්ෂ වලින් පමණක් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවන බවත් එය සමස්ත  දේශප්‍රේමීන්ගේම කාර්යක් විය යුතු බවත්ය. 


එරන්ද ගිනිගේ මහතා බ්ලොග් අඩවියට යොමුකර ඇති ලිපිය 


USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.


ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි.


නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එය ඔහුගේ නිදහස සහ අයිතියයි. ඒ පිළිබඳව මාගේ උපදෙස ඊයේ විමසූ විට මා කීවේ මුණ නොගැසීම වඩාත් සුදුසු බවත්, එහෙත් මුණගැසීමට අවශ්‍යම නම් කොන්ද කෙලින් තබා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අතපෙවීමට විරුද්ධව සෘජුව කතා කරන ලෙසත්ය. නාමල් බබෙකු නොවේ. ඔහු පක්ෂයක ජාතික සංවිධායකය. තීරණය ගත යුත්තේ ඔහුය. එම තීරණයේ හොඳ සහ නරක විපාක විඳිය යුත්තේ ඔහුය. අප කරන්නේ හොඳ නරක පෙන්වීම පමණී. රටේම ඡන්ද ලක්ෂ තුනට වැටී හොම්බෙන් යන පක්ෂයක් නැවත නැගිට්ටවන්නේ කෙසේද යන්න නාමල් හමුවේ ඇති අභියෝගයයි. ඔහුගේ තෝරා ගැනීම් අනුව එහි අනාගතය තීරණය වනු ඇත.


ජූලීගේ පොච්චාරණයෙන් ඇය කියන්නේ ඊනියා අරගලය සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘතිය පසුගිය ඇමරිකානු ආණ්ඩුවේ වැඩක් කියා නොවේද? ඒ වෙනුවෙන් USAID සහ තවත් ඩොලර් වියදම් කළ බව නොවේද? ඇය කර ඇත්තේ වරද පිළිගැනීමකි. මා හිතන්නේ එයට නම් බලපෑවේ පෙර දින සිද්ධ කළ දැඩි විරෝධය බවයි. ඇය කළේ ඇමරිකානු මුදලට විකිණුනු නූගත් මෝඩ ම්ලේච්ඡ අරගලකාරයන් අමුඅමුවේ පාවා දී තමන්ගේ ඇඟ බේරාගැනීමයි. ඇය වෙනුවෙන් හෑලි ලියමින් අපට කුණුහරුපයෙන් බැන වැදුණු මෝඩ අරගලකාරයන්ගේ කණට ගැසීමයි. තමන්ගේ අතින් කවා හැදූ සුනඛයන්ට පයින් ගැසීමයි.


නමුත් ජූලී පොහොට්ටුව ඉදිරියේ නැවී සමාව ඉල්වා වැඩක් නැත. පොහොට්ටුව දැන් ලංකාවේ බෞද්ධ සිංහල කඳවුරේ නියෝජිතයා නොවේ. මහින්දට හෝ ගෝඨාභයට හෝ තිබුණු එම පිළිගැනීම තවම නාමල්ට නොමැත. එබැවින් ජූලී ගොස් ඇත්තේ වැරදි දේවාලයටය. ජූලී සමාව ගන්නවා නම් ගත යුත්තේ පළමුව මෙරට සමස්ත බෞද්ධ සිංහල ප්‍රජාවගෙනි. දෙවනුව ගෝඨාභයගෙනි. තෙවනුව මහින්දගෙනි. නමුත් ඇයට ඒ තරම් කොන්දක් නැති බව අපි දනිමු. විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවේ. ඊළඟට එන විරෝධතා රැල්ල සංවිධානය කරන්නෙත් පොහොට්ටුවෙන් නොවේ. ධර්මය ඔබට මග වේවා!


ජාතික සංවිධාන එකමුතුව විසින් ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට යොමුකළ ලිපිය 






සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.