බීඩීයක වියදමින් වී ප්‍රශ්නයට විසදුම් දෙන හැටි ඇමති ලාල් කාන්තට සටන් සගයෙකුගෙන් උපදෙස්
වී කිලෝවක මිල රු. 120ක් බව ලාල්කාන්ත ඇමැතිතුමා තීරණය කර ඇත. එතුමාත් මේ ලියුම්කරුත් 1989යේ සන්නද්ධ අරගලයට දායක වන විටත් අක්කරයකට අස්වැන්න බුසල් 85කි. ජීවිතයේ පළමු වතාවට අප විසින්ම “අපේ ආණ්ඩුව” 2024 පිහිටුවන විටත් අස්වැන්න අක්කරයකට බුසල් 85ට අඩුය. අපට ඇත්තේ එතරම්ම දක්ෂ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවකි. එය දැන් ලාල්කාන්ත ඇමැතිතුමාට ලැබී ඇත.
ඒ අනුව ඇමැතිතුමාගේ තීරණයෙන් පසු වී බුසල් 85කට අඩු රටේ සාමාන්‍ය අනුපාතයට අස්වැන්න ලබාගන්නා ගොවියකුගේ මාසික ආදායම රු. 5,300කි. වී ටොන් මිලියනයක් හංගා ඇතැයි කියන රටේ ඉහළම සුදුසුකම් ඇති කෘෂිකර්ම නිලධාරීන් වී ගොවියකුට මාසයකට රුපියල් 5,300ක ආදායමක් ප්‍රමාණවත් බවට ඇමැතිතුමාට ඒත්තු ගන්වන්නට ඇත. වී බුසල් 100ක් ගන්නා ගොවියකුට මාසෙකට රු. 13,000ක් ලැබේ නම් එය හොඳම ආදායමක් යැයි ඇමැතිතුමාට කවුරුන් හෝ උපදෙස් දෙන්නට ඇත.
ඇමැතිතුමා වී කිලෝව රු. 130ක් කළේ නම් බුසල් 85ක් ගන්නා ගොවියකු රු 10,000ක මාසික ආදායමක් ලබාගැනීමට ඉඩ තිබිණි. බුසල් 120ක් ලබාගන්නා ගොවියකු රු. 25,000ක් මාසිකව ලබාගන්නවා ඇත. කීර්තිධර දක්ෂ කර්මාන්ත ඇමැතිවරයකු වන සහ විශිෂ්ට සවන්දෙන්නෙකු වන ලාල්කාන්ත ඇමැතිතුමා ඔහුගේ ධුර කාලයේ වී අස්වැන්න වැඩි කරනු ඇති බව මේ ලියුම්කරු ඉහළින්ම විශ්වාස කරයි. ඔහු කඩිනමින් කාබනික පොහොර 35% දමා ඉහළම වී අස්වැන්න වැඩි කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල පර්‍යේෂණ වාර්තාව සොයාගෙන ක්‍රියාත්මක කිරීමට හපනෙක් බව තදින්ම විශ්වාස කරමි. එහෙත් ඒ සඳහා ගොවියා කුඹුරේ රදවාගැනීම කළ යුතුය. රු. 130ක වී කිලෝවක් අවශ්‍ය වනුයේ ඒ නිසාවෙනි.
පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව ආණ්ඩුව යටතේ සිය ගණනක් සහල් කර්මාන්තකරුවන් පැමිණ සාකච්ඡා කිරීමේදී වී කිලෝවක් සහල් කිරීමට සහල් කර්මාන්තයකට රු. 34 වැය වන බව එම ආයතනයේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂවරුන් තහවුරු කරන ලදී. ඒ අනුව වී කිලෝව රු. 130ක් වේ නම් සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 245කි. එනම් රු. 15ක වැඩි වීමකි.
රුපියල් 15ක් සහල් මිල ඉහළ යන්නේ නම් එක් පුද්ගලයකුට දිනකට රුපියල් 3ක් වැනි “දරාගැනීමට නොහැකි තරමේ මිලක්” අමතරව වැය කළ යුතුය. රුපියල් 3ක වියදමක් දිනකට මිනිසකුට දරාගත නොහැකි බව කෘෂිකර්ම ලොක්කන් ඇමැතිතුමාට පෙන්වාදෙන්නට ඇත. ඔවුන් එපමණ මානව හිතවාදීන් බව අප හොඳින් දනී. එම නිසාම දශක ගණනක් කෘෂි ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන යන “තුන් මහින්දකට්ටුව” පවත්වාගෙන ආ විකෘතියට ලාල්කාන්ත ඇමැතිතුමාද කර ගසා ඇති බව පෙනේ. රජයේ මුදල් නොමැතිනම් පී.බී. ජයසුන්දර 2007 ගැසූ පාන් පිටි බද්ද යළි ක්‍රියාත්මක කිරීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. එවිට සහල් කර්මාන්තකරුවන් ඉතිරි හරිය බලා ගනු ඇත.
රුපියල් 3ක් වැඩියෙන් වියදම් කර මේ ප්‍රශ්නය විසඳිය හැකි බව රටට ප්‍රකාශ කිරීමට තරම් එඩිතර “විප්ලවවාදී ඇමැති කෙනෙක්” ජාතියට අහිමි කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
බීඩියක් රුපියල් 20කි. ප්ලේන්ටියක් රුපියල් 40කි. බුලත් විටක් රු. 80කි. කිරිතේ එකක් රුපියල් 100කි. සිගරැට්ටුවක් රුපියල් 125කි.
වී ගොවි අර්බුදය විසඳීමට වැයවනුයේ බීඩි කොටයක මිලක් වන රුපියල් 3කි. එය කීමට ඇමැති කෙනෙක් බිහි කර ගැනීමට මේ ජාතිය අසමත් වී වෙඩි උණ්ඩයක් වැය නොකර රට එක සේසත් කළ ආණ්ඩුවම අපවාදයට ලක් කර ඇත.
අරුණ කාන්ත බණ්ඩාර
අනුශාසක
ජාතික සහල් කර්මාන්ත සම්මේලනය
උපුටා ගැනීම මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්