
බීඩීයක වියදමින් වී ප්‍රශ්නයට විසදුම් දෙන හැටි ඇමති ලාල් කාන්තට සටන් සගයෙකුගෙන් උපදෙස්
වී කිලෝවක මිල රු. 120ක් බව ලාල්කාන්ත ඇමැතිතුමා තීරණය කර ඇත. එතුමාත් මේ ලියුම්කරුත් 1989යේ සන්නද්ධ අරගලයට දායක වන විටත් අක්කරයකට අස්වැන්න බුසල් 85කි. ජීවිතයේ පළමු වතාවට අප විසින්ම “අපේ ආණ්ඩුව” 2024 පිහිටුවන විටත් අස්වැන්න අක්කරයකට බුසල් 85ට අඩුය. අපට ඇත්තේ එතරම්ම දක්ෂ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවකි. එය දැන් ලාල්කාන්ත ඇමැතිතුමාට ලැබී ඇත.
ඒ අනුව ඇමැතිතුමාගේ තීරණයෙන් පසු වී බුසල් 85කට අඩු රටේ සාමාන්‍ය අනුපාතයට අස්වැන්න ලබාගන්නා ගොවියකුගේ මාසික ආදායම රු. 5,300කි. වී ටොන් මිලියනයක් හංගා ඇතැයි කියන රටේ ඉහළම සුදුසුකම් ඇති කෘෂිකර්ම නිලධාරීන් වී ගොවියකුට මාසයකට රුපියල් 5,300ක ආදායමක් ප්‍රමාණවත් බවට ඇමැතිතුමාට ඒත්තු ගන්වන්නට ඇත. වී බුසල් 100ක් ගන්නා ගොවියකුට මාසෙකට රු. 13,000ක් ලැබේ නම් එය හොඳම ආදායමක් යැයි ඇමැතිතුමාට කවුරුන් හෝ උපදෙස් දෙන්නට ඇත.
ඇමැතිතුමා වී කිලෝව රු. 130ක් කළේ නම් බුසල් 85ක් ගන්නා ගොවියකු රු 10,000ක මාසික ආදායමක් ලබාගැනීමට ඉඩ තිබිණි. බුසල් 120ක් ලබාගන්නා ගොවියකු රු. 25,000ක් මාසිකව ලබාගන්නවා ඇත. කීර්තිධර දක්ෂ කර්මාන්ත ඇමැතිවරයකු වන සහ විශිෂ්ට සවන්දෙන්නෙකු වන ලාල්කාන්ත ඇමැතිතුමා ඔහුගේ ධුර කාලයේ වී අස්වැන්න වැඩි කරනු ඇති බව මේ ලියුම්කරු ඉහළින්ම විශ්වාස කරයි. ඔහු කඩිනමින් කාබනික පොහොර 35% දමා ඉහළම වී අස්වැන්න වැඩි කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල පර්‍යේෂණ වාර්තාව සොයාගෙන ක්‍රියාත්මක කිරීමට හපනෙක් බව තදින්ම විශ්වාස කරමි. එහෙත් ඒ සඳහා ගොවියා කුඹුරේ රදවාගැනීම කළ යුතුය. රු. 130ක වී කිලෝවක් අවශ්‍ය වනුයේ ඒ නිසාවෙනි.
පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව ආණ්ඩුව යටතේ සිය ගණනක් සහල් කර්මාන්තකරුවන් පැමිණ සාකච්ඡා කිරීමේදී වී කිලෝවක් සහල් කිරීමට සහල් කර්මාන්තයකට රු. 34 වැය වන බව එම ආයතනයේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂවරුන් තහවුරු කරන ලදී. ඒ අනුව වී කිලෝව රු. 130ක් වේ නම් සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 245කි. එනම් රු. 15ක වැඩි වීමකි.
රුපියල් 15ක් සහල් මිල ඉහළ යන්නේ නම් එක් පුද්ගලයකුට දිනකට රුපියල් 3ක් වැනි “දරාගැනීමට නොහැකි තරමේ මිලක්” අමතරව වැය කළ යුතුය. රුපියල් 3ක වියදමක් දිනකට මිනිසකුට දරාගත නොහැකි බව කෘෂිකර්ම ලොක්කන් ඇමැතිතුමාට පෙන්වාදෙන්නට ඇත. ඔවුන් එපමණ මානව හිතවාදීන් බව අප හොඳින් දනී. එම නිසාම දශක ගණනක් කෘෂි ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද යාපා අබේවර්ධන යන “තුන් මහින්දකට්ටුව” පවත්වාගෙන ආ විකෘතියට ලාල්කාන්ත ඇමැතිතුමාද කර ගසා ඇති බව පෙනේ. රජයේ මුදල් නොමැතිනම් පී.බී. ජයසුන්දර 2007 ගැසූ පාන් පිටි බද්ද යළි ක්‍රියාත්මක කිරීමට ඕනෑ තරම් ඉඩකඩ තිබිණි. එවිට සහල් කර්මාන්තකරුවන් ඉතිරි හරිය බලා ගනු ඇත.
රුපියල් 3ක් වැඩියෙන් වියදම් කර මේ ප්‍රශ්නය විසඳිය හැකි බව රටට ප්‍රකාශ කිරීමට තරම් එඩිතර “විප්ලවවාදී ඇමැති කෙනෙක්” ජාතියට අහිමි කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
බීඩියක් රුපියල් 20කි. ප්ලේන්ටියක් රුපියල් 40කි. බුලත් විටක් රු. 80කි. කිරිතේ එකක් රුපියල් 100කි. සිගරැට්ටුවක් රුපියල් 125කි.
වී ගොවි අර්බුදය විසඳීමට වැයවනුයේ බීඩි කොටයක මිලක් වන රුපියල් 3කි. එය කීමට ඇමැති කෙනෙක් බිහි කර ගැනීමට මේ ජාතිය අසමත් වී වෙඩි උණ්ඩයක් වැය නොකර රට එක සේසත් කළ ආණ්ඩුවම අපවාදයට ලක් කර ඇත.
අරුණ කාන්ත බණ්ඩාර
අනුශාසක
ජාතික සහල් කර්මාන්ත සම්මේලනය
උපුටා ගැනීම මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
