මෙවර අයවැය බුදු දහමට නිග්‍රහයක් - සජිත් කියයි
ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු කළේ නිග්‍රහයක් බවත්, IMF සමඟ එළඹි ගිවිසුමෙහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම හේතුවෙන් එහි දෙවැනි වාරිකය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති මොහොතක ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත්, අපායක් පිළිබඳ නිරන්තරයෙන් කියමින්, පාලකයින් දිව්‍ය ලෝකයට ගෙන යන්නට කටයුතු යොදා ඇති මේ අයවැය සැබවින්ම ජනතාව රැවටීමට ගත් තවත් උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අයවැයෙහි දැක්වෙන වැඩ කරන ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ පිළිබඳ කතා කිරීමට පෙර, 2022 වර්ෂයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවල අඩංගු වූ කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරීමට හැකිවූවාද යන්න යළිත් සිතා බැලිය යුතු බවත්, ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට 17,800 දක්වා වැඩි කරන බවට අයවැය යෝජනාවේ සඳහන් වුවත්, එම කරුණ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7,500 – 10,000 දක්වා ප්‍රමාණයක් ලෙස බවත් මෙය ජනතාව නොමග යැවීමක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, අයවැය කතාවේ ඇතැම් අංශ පිළිබඳ දත්ත මන්ත්‍රීවරුන්ට ලබා දීමටත් පෙර මාධ්‍ය වෙත ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පවා අභියෝගයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එය රටේ ජනතාව රැවටීමට යොදාගත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.
Lirneasia සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත්, අස්වැසුම පවා විද්‍යාත්මක නොවන වැඩසටහනක් වීම හේතුවෙන් නිසි ප්‍රථිඵල ලගාකර ගැනීමට නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..