News Category
From Date
To Date
Maximum Number of Result

අර්බුදයකට මුහුණ දෙන ලිබරල් රාජ්‍ය නොවන සංවිධාන: ට්‍රම්ප්ගේ USAID අත්හිටුවීමේ ප්‍රතිඵලය

Feb 10, 2025 at 02:49 PM
|

ඔබ මෑතකදී සමාජ මාධ්‍යවල, විශේෂයෙන් X හි යම් කාලයක් ගත කර ඇත්නම්, ඔබ රටාවක් යම් රටාවක් නිරීක්ෂණය කරන්නට ඇත. ලිබරල් නැඹුරුවක් ඇති මාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මානව හිමිකම් කණ්ඩායම් මූල්‍ය අපහසුතා සමබන්ධයෙන් වන මැසිවිලි සඳහන් සටහන් පළ කරමින් සිටිති. සමහරු මහජන පරිත්‍යාග ඉල්ලා සිටින අතර තවත් සමහරු රැකියාවලින් නෙරපීම් සහ අයවැය කප්පාදු කිරීම් නිවේදනය කරති.

මෙම හදිසි කැළඹීමට හේතුව කුමක්ද? බොහෝ සිද්ධි අධ්‍යනයේදී, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) අත්හිටුවීම බව සනාථ වන කරුණු මතුවේ. දශක ගණනාවක් තිස්සේ, මෙම ආයතනය විශාල  ගණනක “ප්‍රදාන සොයන්නන්” සඳහා ජීවනාලියක් වී ඇත. මෙහෙයුම් අත්හිටුවීමත් සමඟ, මෙම කණ්ඩායම් බොහොමයක් දැන් බිඳවැටීමේ සංධිස්ථානයකට පැමිණ සිටී.

ව්‍යාකූල අවස්ථාවක යෝධයෙක්

USAID යනු විදේශයන්හි නිල එක්සත් ජනපද මූල්‍ය ආධාරවල විශාලතම මූලාශ්‍රය වන අතර, වාර්ෂික අයවැය ඩොලර් බිලියන ගණනක් දක්වා දිව යයි. මෙම අරමුදල් ලොව පුරා ව්‍යාපෘති සිය ගණනකට ඉන්ධන සපයයි. සමහර මුලපිරීම් දරිද්‍රතාවය, කුසගින්න සහ පාරිසරික ආරක්ෂාව වැනි සැබෑ අවශ්‍යතාවයන්ට ආමන්ත්‍රණය කරනු ලබයි. එලෙසම, බොහෝ මුලපිරීම් “සිවිල් සමාජය ගොඩනැගීම” හෝ “ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීම” වැනි වඩාත් අපැහැදිලි අරමුණු වෙනුවෙන් වෙන්ව තිබේ. බොහෝ විට, මෙම ව්‍යාපෘති එක්සත් ජනපද දේශපාලන අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා වන වාහක ලෙස සේවය කරයි. සමහර විට ඒ ඒ රටවල බුද්ධි අංශ සමඟ රහසිගත සබඳතාද ගොඩ නගා ගෙන ඇත.

2022 සහ 2024 අතර, USAID ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 120 කට ආසන්න මුදලක් බෙදා හැර තිබේ. එයින් විශාලතම ප්‍රතිලාභියා වූයේ යුක්රේනය රාජ්‍යයයි. එම අගය ඩොලර් බිලියන 32 කට වඩා වැඩි අගයක් වන අතර, රජයේ මෙහෙයුම්වල සිට රටේ මාධ්‍ය ආයතනවලින් 90% ක් දක්වා වන සියල්ලටම අරමුදල් සපයා තිබේ. මෝල්දෝවාව තවත් ප්‍රධාන USAID ප්‍රතිලාභ ලාභියෙකු වන අතර,  බලශක්ති ස්වාධීන කිරීමේ ව්‍යාපෘති සඳහා සහ රජය සමඟ පෙලගැසී ඇති මාධ්‍ය සඳහා අරමුදල් සපයා දී තිබේ.

පශ්චාත් සෝවියට් අවකාශයේ සිටි අනෙකුත් රටවලට ඩොලර් මිලියන ගණනක් "ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ" උත්සාහයන් සඳහා යොමු කරනු ලැබ තිබේ. 2024 දී පමණක්, USඇඓඪ් ජෝර්ජියානු සිවිල් සමාජ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 40 කට වඩා, ආර්මේනියාවට ඩොලර් මිලියන 20 ක් සහ බෙලරුසියාවට ඩොලර් මිලියන 11 ක් පොම්ප කර තිබේ. 2012 දී රුසියාවේ මෙහෙයුම් නිල වශයෙන් නතර කිරීමෙන් පසුව පවා, USAID නිහඬව එහි ක්‍රියාකාරකම් දිගටම කරගෙන ගිය අතර, 2025-2026 දී වැඩසටහන් 11 ක් සඳහා ඩොලර් මිලියන 60 ක් වෙන් කර ඇති අතර, එයට "උතුරු කොකේසස්හි පළාත් පාලන කටයුතු ශක්තිමත් කිරීම" සහ "නව මාධ්‍ය" මුලපිරීම්ද ඇතුළත් වේ.

ට්‍රම්ප් ආචරණය:සාප්පුව වසා දැමීම 

කෙසේ වුවද 2025 ජනවාරි මාසයේදී මේ  සියල්ල වෙනස් විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90 ක් සඳහා සියලුම විදේශ ආධාර අත්හිටුවන ලදී. මෙයින් පසුව විහුලු සහගත චලනයක්ද සිදු විය: DOGE(Department of Government Efficiency-රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව) නියෝජිතයන් විසින් USAIDහි මූලස්ථානය වැටලූ අතර, එලොන් මස්ක් නිවේදනය කළේ ආයතනය ඵලදායී ලෙස “වසා දැමූ” බවයි.

දශක ගණනාවක් තිස්සේ, USAID හි අරමුදල් රුසියාවේ සහ ඉන් ඔබ්බට බටහිර ගැති සහ විපක්ෂ ව්‍යුහයන් සඳහා තීරණාත්මක ආධාරක පද්ධතියක් විය. දැන්, මෙම සංවිධාන බොහොමයක් අතරමං වී ඇති අතර, ඔවුන්ගේ ස්ථාවර අරමුදල් එක රැයකින් වාෂ්ප වී ඇත.

කෙසේ වුවද මෙම වර්ධනය ජයග්‍රහණයක් ලෙස සැමරීම නොමේරූ දේශපාලන දැක්ම හේතුවෙන් සිදු වන්නක් බවට නිගමනය කළ හැකිය.

USAID සඳහා වන ට්‍රම්ප්ගේ සැබෑ සැලැස්ම

USAID හැකිලීම යනු ආයතනය සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීම  නොවේ. ඒ වෙනුවට, එය ගෝලීය වශයෙන් වාම-ලිබරල් වටිනාකම් වලට සහයක් ලෙස ඉදිරියට තල්ලු කිරීමට  භාවිතා කළ ඩිමොක්‍රටික් පක්ෂයෙන් USAID හි පාලනය උදුරා ගැනීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමකි. ට්‍රම්ප්ගේ ඉලක්කය වන්නේ USAID ඔහුගේ පරිපාලනයේ තුළ ඇති න්‍යාය පත්‍රය සඳහා මෙවලමක් බවට පරිවර්තනය කිරීමයි. ඔහු කෙලින්ම පැවසූ පරිදි; “USAID යනු රැඩිකල් උන්මත්තකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලැබ ඇති අතර, අපි ඔවුන් ඉවත් කරමින් සිටිමු.”. මස්ක් එය “අපරාධකාරී සංවිධානයක්” ලෙස හැඳින්වූ අතර එය “එය මිය යාමට කාලයයි” යනුවෙන් පැවසීය.

ට්‍රම්ප්ගේ සැලැස්ම යටතේ, USAID රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කරනු ලබන අතර, දැන් එය මාර්කෝ රුබියෝ විසින් මෙහෙයවනු ලැබේ. එලෙසම අරමුදල් අතුරුදහන් නොවනු ඇත . එහෙත් එය නැවත හරවා යවනු ලැබේ. ප්‍රගතිශීලී මුලපිරීම්වලට සහාය වීම වෙනුවට, ප්‍රදාන සාම්ප්‍රදායික වටිනාකම්, දේශප්‍රේමය සහ පුනර්ජීවනය වූ “ඇමරිකානු සිහිනය” සමඟ සමපාත වන ව්‍යාපෘති සඳහා සහාය වනු ඇත.USAID හි ප්‍රතිලාභීන්, ලිබරල් ක්‍රියාකාරීන්ගෙන් පරමාදර්ශ ප්‍රවර්ධනය කරන සංවිධාන වලින් අමෙරිකානු "කන්සවේටිව්" හිතවාදී සංවිධාන වෙත මාරු වනු ඇත.

භූගෝලීය වශයෙන්, අරමුදල් ලබාදීමේ ප්‍රමුඛතා ද වෙනස් විය හැකිය. එලෙසම යුරෝපය සහ ලතින් ඇමරිකාව කෙරෙහි වැඩි අවධානයක් වෙත එම අරමුදල් යොමු කරනු ඇත. මෙම මාරුවීම් නොසලකා, එක්සත් ජනපද අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ මූලික මෙහෙවර නොවෙනස්ව පවතිනු ඇත.

ප්‍රදාන සොයන්නන්ගේ උභතෝකෝටිකය

USAID අත්හිටුවීම හේතුවෙන් එහි අරමුදල් මත යැපෙන රුසියානු සංවිධානවල විශාල ජාලය අතර අවුල් සහගත තත්වයක් ඇති කර තිබේ. නමුත් ඔවුන් සටනකින් තොරව පල්ලම් නොබසිනු ඇත.

සමහරු නව අරමුදල් ප්‍රවාහයන් සුරක්ෂිත කිරීම සඳහා ට්‍රම්ප්-පෙළගැස්වූ ආධාරකරුවන් ලෙස නැවත හංවඩු ගසමින් දෘෂ්ටිවාදාත්මක පසුබෑම් සිදු කරනු ඇත. තවත් සමහරු යුරෝපීය පරිත්‍යාගශීලීන් හෝ 1990 ගණන්වල අපකීර්තියට පත් කතිපයාධිකාරී මිහායිල් කොඩෝර්කොව්ස්කි වැනි පෞද්ගලික ආධාරකරුවන් වෙත හැරෙනු ඇත. ස්වල්ප දෙනෙක් කාර්ය මණ්ඩලය සහ අයවැය අඩු කර, ස්වාධීනව ක්‍රියාත්මක වනු ඇත.

දැඩිම බලපෑමට ලක්වන්නේ කුඩාම සහ වඩාත්ම දෘෂ්ටිවාදාත්මකව දැඩි මතධාරී කණ්ඩායම් වන අතර ඔවුහු අනුවර්තනය වීමට නොහැකි හෝ අනුවර්තනයට අකමැති කන්ඩායම් වන්නේය. ඔවුන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමට ඉඩ ඇත, නමුත් මේවා ව්‍යතිරේක වේ.

ඊළඟට කුමක් සිදුවේද?

ට්‍රම්ප්ගේ USAID ප්‍රතිසංස්කරණය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් පෙන්නුම් කරයි. ගෝලීය පාලකයෙකු ලෙස ඇමරිකානු ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට වඩා, අවධානය යොමු වන්නේ ගනුදෙනු දේශපාලනයට - සෘජු සාකච්ඡා හෝ බලහත්කාරයෙන් නිශ්චිත අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා ය. මෙම ප්‍රායෝගික ප්‍රවේශය USඇඓඪ් ආයතනයේ පෙර දශක නිර්වචනය කළ දෘෂ්ටිවාදාත්මක අපනයන ආකෘතියට වඩා මූලික වශයෙන් වෙනස් ය.

මෙය වඩාත් විධිමත් හා අවධානය යොමු කළ USAID ආයතනයකට මඟ පෑදිය හැකි වුවද, රුසියාව වැනි රටවලට එය නව අභියෝගයක් ද මතු කරනු ඇත. ඩිජිටල් මෙවලම් සහ දත්ත විශ්ලේෂණ වලින් සමන්විත ප්‍රතිව්‍යුහගත කරන ලද ආයතනයක් මඟින් ප්‍රදාන බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම හා ඉලක්කගත කළ හැකි අතර, ප්‍රධාන කලාපවල එක්සත් ජනපද බලපෑම පුළුල් කළ හැකිය.

රුසියාව සඳහා, පාඩම පැහැදිලිය: උදාසීනත්වය විකල්පයක් නොවේ. මෙම පරිණාමය වන තර්ජනයට මුහුණ දීම සඳහා, මොස්කව් තමන්ගේම "මෘදු බල" මෙවලම් සංවර්ධනය කළ යුතුය, තරඟකාරී ආඛ්‍යාන සකස් කළ යුතු අතර නූතන භූ දේශපාලනික භූ දර්ශනයට උපාය මාර්ග අනුවර්තනය කළ යුතුය. 1990 දශකයේ සෘජු ගැටුමේ ආකෘතිය යල් පැන ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාවේ ගෝලීය ප්‍රතිරූපය නැවත අර්ථ දක්වන විට, දෘෂ්ටිවාදාත්මක යුධ පිටිය මාරු වෙමින් පවතී. මෙම අභියෝගවලට මුහුණ දීමට රුසියාව සූදානම් විය යුතුය. බලපෑම සඳහා සටන අවසන් වී නැත - එය ආරම්භය පමණි.

Liberal NGOs in crisis: the fallout of Trump’s USAID freeze

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.