News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ හුලං උපදේශකයා දේශිය කර්මාන්තය වළපල්ලට යවනවා ... පෝලිමේ ගිහින් ඡන්දේ දුන්නේ මේකටද? විමල් වීරවංශ

Feb 6, 2025 at 08:16 AM
|

වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම සදහා ගැසූ ගැසට් නිවේදනය මගින් මෙරට මෝටර් සයිකල් එකලස් කිරීමේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවධානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. 

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණෙ මූලස්ථානයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම කළේය.


අනුර කුමාර දිසානායක ජනපතිවරයාටත් ඉහළින් තීරණ ගනු ලබන ආණ්ඩුවේ උපදේශකවරයකු ඉන්දියානු යතුරු පැදි සමාගමක අධ්‍යක්ෂවරයෙක් බව අනාවරණය කළ විමල් වීරවංශ මහතා, වාහන ආනයන බාධා ඉවත් කිරීමේ ගැසට්ටුවෙන් දේශීය මෝටර් සයිකල් එකලස් කිරීමේ කර්මාන්තය මත තබා ඇති තර්ජනය ඉවත්කොට එය වෙනස් කිරීමට කටයුතු කරන්නැයි අවධාරණය කළේය.


විමල් වීරවංශ මහතා මෙසේ දී කීවේය.


ඔබ දන්නවා වාහන ආනයනයට තිබුණු බාධාවන් ඉවත් කරමින් අද වනවිට ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යම් යම් බාධා ඉවත් කරමින් විවිද බදු ක්‍රම යෝජනා කරමින් වාහන ආනයනයට අවසර ලැබෙන ආකාරයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.


ආණ්ඩුව බලයට එන්න කලින් පොඩි මිනිස්සුන්ට වාහනයක් ගන්න තත්ත්වයක් ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති කරන්න පුළුවන් කිවුවා. එහෙත් මේ ගැසට් නිවේදනය බැලුවම පේනවා සාමාන්‍ය ජනතාව භාවිතා කරන්න ඉඩ තිබෙන වාහන අති විශාල බදු ප්‍රමාණයක් පටවලා තිබුණ වගේ සියයට දෙසීයකට මිල ඉහළ යාමකට ලක් කර තිබෙනවා.ඒ නිසා ආණ්ඩුව දීපු පොරොන්දුවයි මෙතන භාවිතයයි අතර සම්පූර්ණ පරස්පරයක් තිබෙනවා.


අද අපි ඊට වඩා බරපතල කාරණයක් මතු කරනවා. ඔබ දන්නවා 2021 මම කර්මාන්ත ඇමති හැටියට ඉන්න වෙලාවේ එස්.ඕ.පී සම්මත මෙහෙයුම් පටිපාටිය කියන ප්‍රතිපත්තියක් මෙරට වාහන එකලස් කරන කර්මාන්තයේ යෙදෙන පිරිසේ හිත සුව පිණිස හඳුන්වා දුන්නා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියත් අරගෙන එය සම්පූර්ණයෙන්ම බලාත්මක කළා. සම්මත මෙහෙයුම් පටිපාටියට මුලින් මෝටර් සයිකල් ඇතුළත් කර තිබුණේ නැහැ. මම මෝටර් සයිකල් පවා මේ පටිපාටියට ඇතුළත් කළා. එමගින් සිදු උනේ විදේශීය සන්නාම සහිත වාහන එකලස් කරලා ලංකාව නිපැදවීමයි. සියයට විස්සක හෝ විසි පහකට උඩින් දේශීය අගය එකතු කිරීමක් තියෙනවා නම් එම අගය එකතු කිරීමට සාපේක්ෂව බදු ප්‍රමාණය අඩු කරන්න කටයුතු කළා. වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ඒක දිරි ගැන්වීමක්.


අපි එස්.ඕ.පි ගේන කොට මේ රටේ වාහන එකලස් කරන ආයතන තිබුණේ තුනයි. අද වෙනකොට මෝටර් සයිකල් කර්මාන්තයට පමණක් ආයතන 17ක් ක්‍රියාත්මක වෙනවා. මේ දා හතේ සියයට විස්ස විසිපහ වැඩි අගය එකතු කිරීමක් සිදුවෙනවා. සයිලන්සර් එක වෙන්න පුළුවන්. සීට් එක වෙන්න පුළුවන් ටයර් එක වෙන්න පුළුවන් ඒක දේශීය වශයෙන් නිපදවලා වාහන නිෂ්පාදන ක්‍රියාවලියට අපේ රටේ මිනිස්සු දායක වෙනවා. මේ මෝටර් සයිකල් කර්මාන්තයට අදාළ ආයතන 17න් පමණක් සෘජු හා වක්‍ර රැකියා විසි දහසකට අධික සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටට වසරකට අවශ්‍ය මෝටර් සයිකල් සංඛ්‍යාව නිපදවීමේ හැකියාව මේ ආයතන 17 පෙන්නුම්කර තිබෙනවා. එහි වැදගත් දේ තමයි චීනය සහ වෙනත් රටවල් ඇතුළු මෝටර් සයිකල් නිපදවන වෙනත් සන්නාම සහිත තවත් ආයතන 17ක් ලංකාවට ඇවිත් එකලස් කිරීමේ කර්මාන්තයට සම්බන්ධවෙන්න සූදානම් බවත් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒකෙන් පේන්නෙ 2021 කර්මාන්ත අමාත්‍යාංශය ගත්ත තීරණය මත දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නෙ ?

දැන් මේ ආණ්ඩුව අලුතින් ගහපු චක්‍ර ලේඛයේ දී අපට දැනගන්න තියෙන විදියට මුලින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවා එකඟවෙලා තියෙනවා ඒ වාහන ආනයනයට නිදහස් කරන ලැයිස්තුවට මෝටර් සයිකල් ඇතුළත් නොකර සිටින්න. එකලස් කරන ආයතනත් මෙහිදී කාරණා දෙකක් පිළිබඳව ඉල්ලා තිබුණා. එක්කො නිදහස් නොකර සිටින්න නැත්නම් අධික බද්දක් ඒවාට පනවන්න කියලා. අවසානයේ සිද්ධ උනේ මොකද්ද ?


තමුන්නාන්සෙලා දන්නවා ආණ්ඩුවේ උපදේශකයෙක් ඉන්නවා හුලං කියලා. හුලං විස්කෝතු ද ? මන් දන්නෙ නෑ. මේ හුලං උපදේශකයා කලින් ගෝඨාභය ආණ්ඩුවෙත් හිටියා. මේ හුලං උපදේශකයා ඉන්දියානු මෝටර් සයිකල් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්. ඒ හුලංගෙ ඉල්ලීම මත මෝටර් සයිකලුත් මේකට ඇතුළත් කළා. මෙතැනදි දේශීය වශයෙන් එකලස් කරන මෝටර් සයිකලේකයි හුලංගෙ බදු ප්‍රමාණයට අනුව එන ආනයනික මෝටර් සයිකලේකයි තියෙන මිල පරතරය රුපියල් දහ දාහයි. එතකොට සාමාන්‍ය පාරිභෝගිකයා ආනයනික මෝටර් සයිකලය මිලදී ගන්න පෙළඹෙනවා.


එතකොට වෙන්නෙ දැනට ක්‍රියාත්මක එකලස් කරන ආයතන 17ට සිද්ධ වෙච්ච අලකලංචිය දැක්කම එන්න තියෙන 17ත් නතර වෙනවා. එවිට මේ තියෙන කර්මාන්ත පවත්වාගෙන යන්න බැරිවෙනවා. ඔවුන් මේ කර්මාන්ත වසා දාලා ලංකාවෙන් පිටවෙලා යනවා. එතකොට මේකෙන් යැපුණු සෘජු හා වක්‍ර රැකියා 20000කට අධික පිරිසකට රැකියා අහිමි වෙනවා. දැන් මේක ද මේ ජාතික ජනබලවේගයේ ජේවීපි ආණ්ඩුවක් ගෙන ඒමෙන් ජනතාව බලාපොරොත්තු උනේ ? පෝලිමේ ගිහිං ඡන්දෙ දුන්නෙ ඒකට ද ? දේශීය කර්මාන්ත නගා සිටුවනවා කියලා ඔවුන් කලින් පොරොන්දු උනා. දේශීය වශයෙන් ඒවා බලගන්වනවා කිවුවා. එහෙත් අද මේ ගහලා තියෙන ගැසට් නිවේදනය අනුව එකලස් කරන මෝටර් සයිකල් කර්මාන්තය අනතුරේ වැටෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා වසා තැබීමෙන් ඒ මත රැකියා කරපු විසිදහසකට අධික පිරිසකගෙ රැකියා නිසැක වශයෙන්ම තර්ජනයට ලක්වෙනවා.


කිවුවේ එකක් කරන්නෙ තව එකක්. අන්තිමට මේ ආණ්ඩුව මෙහෙයවන්නෙ, ආණ්ඩුවේ තීරණ ගන්නෙ, අනුර දිසානායක ජනාධිපතිවත් නෙමෙයි අර වාණිජ මණ්ඩලෙන් දාපු හුලං තමයි ආණ්ඩුවේ සියල්ල තීරණය කරන්නෙ. ඒ නිසා දේශීය කර්මාන්ත පිළිබඳව අංශු මාත්‍රයක තැකීමක් නොකර ඒවා නොසලකා යන ආණ්ඩුවේ ගමන් මග දැන් පැහැදිලියි. ඒ නිසා ඔවුන්ගෙ දැන් ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ හුලං කියන විදියට ආර්ථිකය ඇදගෙන යන එකයි.


ලෝක බැංකුවෙන් මෙතෙක් නොලැබුණු විශාලම ණය මුදල අපට ලැබෙනවා කියලා ආණ්ඩුව දැන් කියනවා. හැබැයි බලය ගන්න කලින් නම් ණය අරගෙන රටක් ගෙනියන්න ආණ්ඩුවක් ඕන ද? ඒකට ඔය පොලී මුදලාලි කෙනෙක් ගත්ත නම් හරි කිවුවා. හැබැයි අද ගත්තොත් පැයට කිලෝමීටර් හැට හැත්තෑවක වේගෙන් ණය ගන්න ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඉතිං දැන් බලන්න ඡන්දෙට කලින් දීපු කයිය එකක්. දැන් දෙන කයිය තව එකක්. කයි දෙකක්. දැන් මේ කයිය ගගහා යන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇදගෙන ආපු පාරෙමයි.


එදා අයි.එම්.එෆ් උවමනාව අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනාපු ආර්ථික පරිවර්තන පනතට එදා ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනාම විරුද්ධ උනා. ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. හැබැයි දැන් කියනවා ආර්ථික පරිවර්තන පනත අපි සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවලු. එදා ගහපු කයිය එකක්. දැන් ගහන කයිය තව එකක්. පරණ කයියයි. අලුත් කයියයි දෙකක්.


හඳුන්නෙත්තිලා කිවුවා එක පෑන් පාරෙන් හාල් මෝල් හිමියන්ගෙ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියලා. දැන් පෑන් නැද්ද මන් දන්නෙ නෑ ජනාධිපති ලේකම් කාර්යාලයේත්, එහෙම ප්‍රශ්නෙ විසඳිලා නැහැ. ඉහළ පරිමාන හාල් මෝල් හිමියන්ට අනුව වී මිල තීරණය වෙනවා. සහතික මිල දැමීම කල් දමනවා. ඒ අතරෙ ඉහළ පරිමාන වී මෝල් හිමියන්ම කුඹුරටම ගිහිල්ලා ගොවියන්ගෙන් වී ටික කොල්ල කනවා. ඒ නිසා එදා ගහපු කයියයි අද ගහන කයියයි දෙකක්. එදා ගැහුවේ ගොවියා වෙනුවෙන් කයිය. අද ගහන්නෙ ඉහළ පරිමාන හාල් මෝල් හිමියන් වෙනුවෙන් කයිය. ඒ අනුව කියපු දේයි කරන දේයි අතර පරස්පරය දැන් පැහැදිලියි.


වෙනවා වාහන ආනයන ගැසට් පත්‍රයේ මෝටර් සයිකල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය බැලුවම මේක දැන් මනාව පැහැදිලියි. මෝටර් සයිකල් එකලස් කිරීමේ කර්මාන්තය ලංකාවේ හොඳින් සිද්ධවෙන නිසා ඒ ගැන වෙනම සළකා බැලිය යුතුව තිබුණා. එහෙම කිසිම තැකීමක් නැතිව ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා.


ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලයේ රේගුවේ කිසිම පරීක්ෂා කිරීමකින් තොරව ඇමතිවරයාගේ බලපෑමට යටත්ව කන්ටේනර් තුන්සිය ගණනක් නිදහස් කරනු ලැබුවා. ඉන් දෙසියකට වැඩි ප්‍රමාණයක් රතු ලැයිස්තුවට අයිතියි. මේ කාගේ කන්ටේනර් ද ? බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා කියලා තිබුණා මේ වනවිට මගේ ඒ ආයතන සමඟ සම්බන්ධයක් නැත කියලා. කන්ටේනර් ගෙන ආපු සමාගම සමඟ මේ වනවිට සම්බන්ධයක් නැතිලු. ධම්මික පෙරේරා දේශපාලනයට එනවිට තමන්ගෙ කම්පැනිවලින් ව්‍යාජලෙස අයින්වෙලා තමන්ගෙ පවුලෙ අයට ඒක බාර දීලා ආව නේ. බස්නාහිර ආණ්ඩුකාරයත් ඒ වගේ එකක් කරා වෙන්න පුළුවන්. ආණ්ඩුකාර ධුරය හම්බවෙනකොට එයාගෙ එක්ස්පො ලංකා සමාගමෙන් එයා නීත්‍යානුකූලව ඉවත්වෙලා එයාගෙ වෙන කාටහරි එහි කළමනාකරණය බාර දුන්නා වෙන්න පුළුවන්.


හැබැයි මේ ආපු කන්ටේනර්වලින් විශේෂයෙන් රතු ලැයිස්තුවේ තිබුණ ඒවායින් අති මහත් බහුතරය එක්ස්පො ලංකා සමාගමේ ඒවා. ආණ්ඩුව බොරුවට නිලධාරින් තුන් දෙනෙක්ගෙන් පරීක්ෂණ කමිටුවක් දාලා තියෙනවා. ඒ දැම්මයි කියලා වැඩක් වෙන්නෙ නෑ. ඔය නිලධාරින් අන්තිමට දෙන්නෙ ආණ්ඩුවට ඕන තීන්දුවක්. එහෙම පරීක්ෂණ කමිටුවක් දානවා නම් දාන්න ඕන ස්වාධීන එකක්. මේ තමන්ගෙ ඡන්දෙට උදව් කරපු බිලියන ගණන් මුදල් දීපු ගජ මිතුරන්ව පිනවන විදිය.


අද රාජ්‍ය සේවයේ ඉන්නවා සංවර්ධන නිලධාරින්. ඒ අයට අවුරුදු ගණනකට පසුව විභාගයක් තිබුණා. මෙතුවක් කල් ඒ විභාගයට සාමාන්‍යයෙන් සියයට වඩා ලකුණු ගත්ත අයට උසස්වීම දුන්නා. දැන් මේක 120ට වඩා කියලා කරන්න යනවා. එතකොට උසස්වීම් ලැබෙන ප්‍රමාණය අඩු කරන්න යනවා. මේ අයට උසස්වීමක් ගන්න තිබුණ එකම ක්‍රමය මේ විභාගය විතරයි. දැන් 120ට වඩා ලකුණු ගත්ත අයට දෙනවයි කිය කිය ඒක අදිනවා. එතකොට බලන්න රාජ්‍ය සේවකයො සියයට 80ක් විතර පෝලිමේ ගිහිං ඡන්දෙ දුන්නෙ ඔය මාලිමාවට. මෙන්න ඒකට ඡන්දෙ දීපු අයට සලකණ විදිය. තමන්ට ඡන්දෙ දීපු රාජ්‍ය සේවකයාවත් පහළ පන්තික සමාජය ගැනවත් නෙමෙයි අද ඔවුන් හිතන්නෙ තමන්ගෙ ඡන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරපු ගජ මිතුරු කල්ලිය ගැන විතරයි හිතන්නෙ. ඒ ගජ මිතුරන්ට තමයි ආණ්ඩුකාර පට්ටම් දෙන්නෙත්, රේගු පරීක්ෂා කිරීමකින් තොරව කන්ටේනර් නිදහස් කරන්නෙත් ගජ මිතුරන්ව පිනවන්න. ඒ නිසා පිනවන්නෙ පුංචි මිනිහා නෙමෙයි. ඡන්දෙ දීපු මිනිහා නෙමෙයි ඉතාම පැහැදිලිව බිලියන ගණන් තමන්ගෙ ඡන්ද ව්‍යාපාරයට සල්ලි දීපු ගජ මිතුරන්. ඒ නිසා ගජ මිතුරු කයි පාලනයක් බවට මේ පාලනය අද පත්වෙලා තියෙනවා.


ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී මේ ගජ මිතුරු කයි පාලනයට රතු එළිය දැල්විමේ අවස්ථාව බවට පත්කරගන්නැයි මේ රටේ පොදු ජනතාවගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මාලිමාවට ඡන්දය දීලා කණගාටුවෙන, ඒ පිළිබඳව පසුතැවෙන, පොල් ගෙඩියක් රු.250-300 ගන්න වෙලා හූල්ලන, කැකුළු හාල් ටිකක් හොයාගන්න බැරිව ලතවෙන, හාල්වල මිල ඇහුවම හාල් කිලෝවක් නෙමෙයි ඊට අඩුවෙන් ගන්න හිතිලා තියෙන, මේ හැමෝටම අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ කයිපාලනයට රැවටෙන්නෙ නැතිව බොරුවට පෙන්වන ඊනියා අල්පේජ්ජ තාවයට අහුවෙන්නෙ නැතිව, කජු කනවා කෑමක් තරගයකට ගිහිං වගේ, ඒ නිසා පොදු ජනතාවගෙන් අපි ඉල්ලනවා. ප්‍රගතිශීලි, ජාතිකවාදී දේශමාමක බලවේග තෝරාගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දීලා අන්ත දක්ෂිණාංශක බලවේගවලට මේ රටේ පාලන බලය අරන් දෙන මාවත නිර්මාණය නොකර, වාම, ප්‍රගතිශීලි ජාතික මාමක මෙන්ම සැබෑ දේශමාමක බලවේගවලට ඡන්දය පාවිච්චි කරන්න සූදානම් වෙන්න යැයි පොදු ජනතාවට ආරාධනා කරනවා.


ඒ වගේම මේ ගැසට් නිවේදනය වෙනස් කරන්න. මෝටර් සයිකල් එකලස් කිරීමේ කර්මාන්තය මත තබා ඇති තර්ජනය ඉවත් කරන්න. මෝටර් සයිකල් ආනයනය කරනවා නම් මීට වඩා වැඩි බද්දක් ආනයන මෝටර් සයිකල්වලට දාන්න. දේශීය වශයෙන් එකලස් කරන මෝටර් සයිකල් කර්මාන්තය ආරක්ෂා කරන්න පියවර ගන්නැයි විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.


සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් 



සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.