ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්‍රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී
කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ඊයේ(29) පවසා සිටියේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිරිස තිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක් වන ග්වාන්ටනාමෝ නාවික කඳවුරට යැවීමට එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.
"ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස, නව එක්සත් ජනපද රජය නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක පිහිටා ඇති ග්වාන්ටනාමෝ නාවික කඳවුරේ සිරගත කරන බව නිවේදනය කර ටිබෙනවා. සංක්‍රමනිකයන් බලහත්කාරයෙන් නෙරපා හරිනු ලබන්නේ වධහිංසා සහ නීති විරෝධී රඳවා තබා ගැනීම් පිළිබඳ ප්‍රසිද්ධ බන්ධනාගාරයේය." ජනාධිපතිවරයා ඔහුගේ X ගිණුමෙහි සටහනක් තබමින් පවසා සිටී.
එලෙසම කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් මහතාද එක්සත් ජනපද පරිපාලනයේ තීරණය හෙළා දුටු අතර, එක්සත් ජනපදය වධහිංසා සහ අවිනිශ්චිත රැඳවුම් මධ්‍යස්ථාන නිර්මාණය කළ ප්‍රදේශයට සංක්‍රමණිකයන් යැවීම මිනිසත්වයට සහ ජාත්‍යන්තර නීතියට අපහාසයක් කරන බවද පෙන්වා දුන්නේය.
නාවික කඳවුර පිහිටා ඇත්තේ එක්සත් ජනපද අධිකරණ බල ප්‍රදේශයෙන් පිටත, නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින, කියුබානු භූමියක බව ඔහු සිය සටහන මගින් අවධාරණය කළේය.
එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් ඊයේ(30) හෙළි කළේ, ඔවුන්ගේ උපන් රටවලින් ප්‍රතික්ෂේප කර පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් ග්වාන්ටනාමෝ වෙත යැවීම රජයේ සැලසුම බවයි.
ෆොක්ස් නිවුස් ජාලය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, එක්සත් ජනපද නිලධාරියා පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය “එක්සත් ජනපදය ආරක්ෂිතව තබා ගැනීම සඳහා අපගේ සියලු සම්පත් භාවිතා කළ හැකි ආකාරය” තීරණය කිරීමට පෙර “මේ මොහොතේ එය තක්සේරු කර විවාද කරමින් සිටින” බවයි.
එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (2001-2009) යටතේ, ත්‍රස්තවාදයට චෝදනා ලැබූවන් රඳවා තබා ගැනීම සඳහා 2002 දී එම ප්‍රදේශයේ බන්ධනාගාරයක් විවෘත කරන ලද අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලිවලට බන්ධනාගාරය ලක්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..