
රනිල් අගමැති කාලයේදී අපේ රණවිරුවන් යුද අපරාධකාරයින් ලෙස පිළිගැනීම සමග සළකන විට ෂම්මි සිල්ව කරල තියෙන්නෙ බොහොම සුළු වරදක් - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයිසීසීය මගින් ක්‍රීඩා ඇමතිවරයා පවසන ආකාරයට අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳව ලංකා ලීඩර් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත ප්‍රකාශය කරන්නට යෙදුනි.
ඒ් මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
"මේ වෙනවිට අප රටට හතුරු සියළුම බලවේග උච්ච අවස්ථාවට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. මෑතම සිදුවීම වන්නේ ක්‍රික්ඉන්ෆෝ කියන ආකාරයට ෂම්මි සිල්ව ICC යට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ඉල්ලා සිටීම සහ ඒ අනුව අයිසීසිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඒකමතිකව තහනම් කිරීමයි.
පාර්ලිමේන්තුව විසින් පක්ෂ විපක්ෂ සියල්ලේ එකඟතාවය ඇතිව දූෂණයකට විරුද්ධව ගන්නාලද ක්‍රියාමාර්ගයකදී, රජයට නීතිපති සහාය නොලැබීමෙන්, ඊට විරුද්ධව ස්වාභාවික යුක්තිය පසිඳලීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව අධිකරණයේ 301 කාමරය ඒකමතිකව ක්‍රියාකර ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසන ලදී. එසේනම් එම අනීතිකවූද, ප්‍රාථමික ගෝත්‍රික වරිග සභාවකවත් නොකරන්නාවූ ආකාරයටම, එම වරදම ඒකමතිකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද සිදුකර ඇති බව පෙනෙන්නට ඇත.
ක්‍රික්ඉන්ෆෝ සඳහන් කරන ආකාරයට ෂම්මි සිල්ව එවන් ඉල්ලීමක් කර ඇත්නම් අනිවාර්යයෙන්ම එය දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැළකිය යුතුයි. තම රටට එරෙහිව එවන් ඉල්ලීමක් කිරීමට ඉතාමත්ම පහත් නීචකුලයක පුද්ගලයෙක්වත් පෙළඹෙනු ඇතැයි සිතීමට නොහැකියි. එය දැන් සිදුව ඇති බැවින් අපට එය විශ්වාස කිරීමට සිදුව ඇත. එම නීචයින් ඉන් ඔබ්බට ගොස් ඒ පැනවූ තහනම සමරමින් කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක ජයපැන් බිව්ව බව විපක්ෂ නායකවරයා ප්‍රකාෂ කර ඇත.
ඒ අතර ජනාධිපති කාර්‍ය ප්‍රධානී සාගල රත්නායක මහතා අයිසීසිය පැනවූ තහනමට හේතුවූ පාර්ලිමේන්තු ක්‍රියාව කිසිදු පදනමක් නැති චෝදනා මත පදනම්ව සිදුකල ක්‍රියාවක් බව පවසා ඇත. එම ප්‍රකාෂයෙන් කාරණා දෙකක් පැහැදිලිවේ. එක්කො ජනාධිපති කාර්‍ය ප්‍රධානීට දැනුමක් නෑ කෝප් කමිටු සහ විගණකාධිපති වාර්තා පිළිබඳව. එසේ නොමැතිනම් ජනාධිපති කාර්‍ය ප්‍රධානීට අවශ්‍යයි එම වාර්තා නොසලකා හරිමින් කටයුතු කිරීමට. එසේනම් එයින් පැහැදිලි වෙන්නෙ වක්‍රාකාරයෙන් ජනාධිපති කාර්‍ය ප්‍රධානීද ක්‍රිකට් තහනමේ ආශිර්වාද අනුග්‍රහයෙකු බවයි. ජනාධිපති කාර්‍ය ප්‍රධානීගේ අවබෝධය ක්‍රිකට් කොමිටිය නිර්දෝශයි යන්නනම් ජනාධිපතිවරයා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව ඉල්ලා අස්කරගන්නා ලෙස පැවසීම පුදුමවිය යුතු කාරණයක් නොවනු ඇත.
කෙටියෙන් සඳහන් කරන්නේනම් පෙනෙන ආකාරයට විගණකාධිපති වාර්තා මගින් දූශිත ගනුදෙනු යැයි හඳුන්වන ලද ගනුදෙනු සිදුකරන ලද ආයතනයකට එරෙහිව ගන්නාලද ක්‍රියා මාර්ගයක් පිළිබඳව උරණවුන එම දූශිතයැයි සඳහන් ආයතනයේ ප්‍රධානීන් විසින් තමුන්ට එරෙහිව සිදුකලාවූ ක්‍රියාවට පලිගැනිමක් ලෙසට තමුන්ගේ වගකීම තිබෙන්නේ යැයි වටහාගෙන ඇත්තාවු හාම්පුතා මගින් මුළු රටටම බලපවත්වන ආකාරයේ ඳඬුවමක් ලබාදී ඇත.
මේ තත්ත්වය 2015දී රාජපක්ෂවරුන්ගෙන් පලිගැනීමට අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සැලකීමට වත්මන් ජනාධිපති එවක අගමැතිව සිටි කාලයේදි ක්‍රියාකිරීම සමග ගැළපෙන බව පෙනෙන්නට ඇත. එලෙස ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් විලස වත්මන් ජනාධිපති ඇතුලු යහපාලන රජය 2015දී පිලිගැනීම සමග සළකා බලනවිට ෂම්මි සිල්වගෙ මෙම නිහීන තුච්ඡ ක්‍රියාව ඉතා සුළු දෙයක් ලෙස සැළකිය හැකියි.
වත්මන් පත්කරනලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2015 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් අටක් විසින් අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සළකා ගෙන එන ලද යෝජනාවලියට කිසිදු විරෝධයක් නොමැතිව එම යෝජනා අගයකරමින් සම අනුග්‍රහයදී පිළිගැනීම සිදුකරනලදී. ඒ පිළිගැනීම හේතුකරගෙන මානව හිමිකම් කඩනොකරනු යන ආයුධය අවභාවිතා කරමින් ත්‍රිවිධ හමුදාව අකර්මණ්‍ය කරමින් හැටනම ලක්ෂයක ජනතාවක් ඡන්දය දෙමින් පත්කල ජනාධිපට්තිවරයෙක්ව බලයෙන් පහකළ බවට මෑතකදී එලි දැක්වුන ග්‍රන්ථ දෙකකම සටහන්ව තිබුන. මෙහි අරමුණ බෙදුම්වාදී න්‍යාය පත්‍රය හා සර්දාර් පණික්කාර් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමක් බව අරගල සමයේ නොපෙනුණත් අරගලයේ සියළුම ආයතන ක්‍රියාත්මක කල ප්‍රභල පක්ෂයක් පසුව ප්‍රකාෂකර තිබුනෙ ඔවුන් විප්ලවය කියා ප්‍රතිවිප්ලවයකට සහයෝගය දී ඇති බවයි.
මෙහිදී මතුවෙන තවත් ප්‍රභල කාරණයක් වන්නේ තම රටේ පාර්ලිමේන්තුවට වග නොකියන ස්වාධීන ආයතනයක් ලෙස සිතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම. එමගින් ඔවුන් පෙන්වා දුන්නේ තම හාම්පුතාවන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් රටට ඳඬුවම් ලබාදිය හැකි බවයි. මෙම කාරණය රටේ සියළු දේශ හිතයිශී ජනතාවගේ දැඩි අවධානයට යොමුවිය යුතු ඇස් ඇරවිය යුතු කාරණයක් ලෙස සැළකිය යුතුයි. එනම් ස්වාධීන SLC වගේම මහ බැංකුවද IMF කියන ආකාරයට ස්වාධීන කළහොත් සිදුවන්නේ කුමක්දැයි සළකා බැලිය යුතුයි. යම් හෙයකින් මහබැංකුවටද දූෂණ චෝදනා එල්ලවී පාර්ලිමේන්තුවෙන් ඊට විරෝධයක් මතුවුව හොත් ස්වාධීන මහබැංකුවද තම හාම්පුතාවන IMF මගින් රටට ඳඬුවම් දීමට කටයුතු නොකරන්නේ යැයි විශ්වාසයක් තැබිය හැකිද?"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
