කුරුන්දි ගැටලුව සම්බන්ධෙයන් බෞද්ධ කටයුතු කොමසාරිස් මානව හිමිකම් කොමිසමට
කුරුන්දි විහාර පරිශ්‍රය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙරට බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිංකම් උල්ලංඝණය වී ඇති බවට පිවිතුරු හෙළ උරුමය විසින් ගොණුකල පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව විසින් පෙත්සම්කාර පාර්ශවයට සහ වගඋත්තරකරුවන් වන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමන්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන්ට සිතාසි නිකුත් කර ඇත.
2023.8.30 වන දින ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී කුරුන්දි විහාරය පවතින ප්‍රදේශයට පිටස්තර කිසිවෙකුට යාමට අවස්ථාවක් නොදෙන බවට ප්‍රකාශකල බව මෙරට මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ සඳහන් කරන ලදී.
ලංකාවේ එකම පද්මාකාර ස්ථූපය පවතින, කුරුන්දි අට්ඨ කතා ලියූ ස්ථානය වන, මහාවංශයට අනුව ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ඛල්ලාඨනාග රජු විසින් ගොඩනැංවූ කුරුන්දි විහාරය බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ බව ශිලා ලේඛන, පුරාවස්තු සහ ඓතිහාසික මූලාශ්‍ර වලින් තහවුරු වී ඇත. බෞද්ධ බැතිමතුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිට මෙම කුරුන්දි විහාරය වන්දනා කිරීම සදහා පැමිනෙති.
මෙවැනි පසුබිමක ජනාධිපතිවරයා කරන ලද බවට මාධ්‍ය විසින් දක්වා ඇති ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වී ඇති අතර බෞද්ධයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් අංජන උදාර මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත 2023.09.06 දින පැමිණිල්ලක් ගොණු කරන ලදී.
9 වන වගන්තියේ සදහන් ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම ද
14 (1) (ආ) වගන්තියේ සදහන් සාමකාමීව රැස්වීමේ නිදහස ද
14 (1) (ඉ) වගන්තියේ සදහන් එකලාව හෝ අන් අය සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණකිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස ද
14 (1) (ඌ) වගන්තියේ සදහන් ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහස ද
ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය මගින් උල්ලංඝණය වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර
1) ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික මානව හිමිකම් උල්ලංඝණයක් සිදුව ඇති බවට ප්‍රකාශයට පත් කරන මෙන් ද
2) එකී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන මෙන් ද
අංජන උදාර මහතා සිය පැමිණිල්ලෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ වගඋත්තර කරුවන් ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශලේකම්තුමන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමන් නම් කර ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙනී සිටින මෙන් පෙත්සම්කරුවන්ට සහ වගඋත්තර කරුවන්ට සිතාසි නිකුත් කර ඇත.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..