දෙසැම්බර් මාසයේ දී ලෝක මුදල් ගෙවීම් වේදිකාව තුළ යුවාන් සිව්වන වඩාත් ක්‍රියාකාරී ගෙවීම් මුදල් ඒකකය ලෙස පවතී: SWIFT
දෙසැම්බර් මාසයේදී යුවාන් භාවිතය ගෝලීය ගෙවීම්වලින් සියයට 3.75 දක්වා ළඟා විය. ඒ අනුව යුවාන් මුදල් ඒකකය,ලෝකයේ සිදුවන ගනු දෙනු වලදී සිව්වන වඩාත් ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස එහි ස්ථානය තහවුරු කර ගත් බව ගෝලීය මුල්‍ය හුවමාරු සඳහා සේවා සපයන්නා වන ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමයේ (Society for Worldwide Interbank Financial Telecommunication-SWIFT) දත්ත ඊයේ(23) පෙන්වා දුන්නේය.
කෙටි කාලීන උච්චාවචනයන් තිබියදීත්, යුවාන් මුදල් ඒකකයේ ජාත්‍යන්තරකරණ ප්‍රවණතාවය වේගවත් හා ශක්තිමත්ව පවතින බව චීන විශ්ලේෂකයෙක් පැවසීය.
SWIFT ට අනුව, යුවාන් මුදල් ඒකකය පසුකර ඉදිරියට පැමිණි ජපන් යෙන් මුදල් ඒකකය වෙතින් එහි ස්ථානය නැවත ලබා ගත් නමුදු නොවැම්බර් මාසයේදී ගෝලීය ගෙවීම්වල යුවාන්හි කොටස සියයට 3.89 සිට තරමක් අඩු විය.
යෙන් විසින් යුවාන්හි ස්ථානය අහිමි කළ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල හැර 2024 දී සෑම මසකම වටිනාකම අනුව ගෝලීය ගෙවීම් සඳහා යුවාන් සිව්වන වඩාත් ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස ස්ථානය රැක ගෙන සිටී.
සමස්තයක් වශයෙන්, 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව යුවාන් මගින් ගෙවීම්වල වටිනාකම සියයට 3.6 කින් වැඩි වූ අතර, සාමාන්‍යයෙන් සියලුම ගෙවීම් මුදල් වර්ග සියයට 7.5 කින් වැඩි වූ බව SWඓFඨ් ට අනුව තහවුරු වේ.
මෙම සංඛ්‍යාලේඛන මගින් යුවාන් ජාත්‍යන්තරකරණයේ ස්ථාවර ප්‍රගතිය, ගෝලීය ගෙවීම් සහ පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස යුවාන් කෙරෙහි ඇති වර්ධනය වන ආකර්ෂණය සහ චීන ආර්ථිකයේ දිගුකාලීන සංවර්ධන ගම්‍යතාව පිළිබඳ සුභවාදී දැක්මක් පිළිබිඹු වන බව ආර්ථික විශ්ලේෂකයෝ පැවසූහ.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යුවාන් අගය ඇතුළු බහුවිධ සාධක යුවාන් හි SWIFT ශ්‍රේණිගත කිරීමට බලපාන බව ෂැංහයි මූල්‍ය හා ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂී ජුන්යැන්ග් ඊයේ(24) ග්ලෝබල් ටයිම්ස් වෙත අදහස් දක්වමින් පැවසුවේ කෙටි කාලීනව සිව්වන සහ පස්වන ස්ථාන අතර යුවාන් ශ්‍රේණිගත කිරීම විකල්පව දැකීම සාමාන්‍ය දෙයක් බවයි.
කෙසේ වෙතත්, පසුගිය දශකය දෙස බලන විට, ජාත්‍යන්තර වෙළඳාමේ යුවාන් භාවිතය වේගයෙන් ඉහළ යමින් පවතින අතර අනෙකුත් ප්‍රධාන මුදල් වර්ග අභිබවා යන බව ෂී ජුන්යැන්ග් පැවසීය. "යුවාන් ක්‍රමයෙන් අනාගතයේදී ලෝකයේ තුන්වන වඩාත්ම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වන බවට අපේක්ෂා කළ හැක."
දෙසැම්බර් මාසයේදී, ගෝලීය ගෙවීම්වලින් සියයට 49 ක කොටසක් හිමි ඇමරිකානු ඩොලරයට වඩා යුවාන් පසුපසින් සිටියේය. එලෙසම යුරෝව සියයට 21.74 ක් ද පවුම සියයට 6.94 ක් ද වූ අතර,ඒවා එම මාසය තුළ වැඩිපුරම වෙළඳාම් කරන ලද දෙවන සහ තුන්වන මුදල් ඒකක වූ අතර යුවාන් ස්ථානගත වුයේ සිව්වන ස්ථානයේ සිටියේය.
පසුගිය මාසවලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යුවාන් දුර්වල වීමේ ප්‍රවණතාවයක පවතින අතර එය පසුගිය දිනවලදී අඩු වී තිබෙනු දක්නට ඇත.
ජනවාරි මාසයේ මුලදී, චීන මහජන බැංකුව (PBC) සහ විදේශ විනිමය රාජ්‍ය පරිපාලනය චීන විදේශ විනිමය කමිටු රැස්වීමකදී ප්‍රකාශ කළේ ඵ්ඹ්C ඉදිරිපත් කර ඇති වැඩසටහනකට අනුව, අපේක්ෂාවන් ස්ථාවර කිරීමට, ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහ විදේශ විනිමය වෙළඳපොළ කළමනාකරණය ශක්තිමත් කිරීමට පුළුල් පියවර ගන්නා බවයි.
ඔවුනට අනුව චීනය යුවාන් විනිමය අනුපාතය සාධාරණ හා සමබර මට්ටමක මූලික වශයෙන් ස්ථාවරව තබා ගනු ඇත.
යුවාන් ජාත්‍යන්තරකරණය දිගු කාලීනව වාසිදායක සාධක වලින් ප්‍රතිලාභ ලබනු ඇති අතර, සැබෑ ආර්ථිකයේ තවත් චීන ප්‍රධාන භූමි සමාගම් විදේශ ව්‍යාප්තිය සහ සැබෑ ආර්ථිකයේ අංශවල යුවාන් පදනම් කරගත් ක්‍රියාකාරකම් අපේක්ෂා කරන බව චීන ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Yuan remains fourth most active payment currency in December: SWIFT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..