
දෙසැම්බර් මාසයේ දී ලෝක මුදල් ගෙවීම් වේදිකාව තුළ යුවාන් සිව්වන වඩාත් ක්‍රියාකාරී ගෙවීම් මුදල් ඒකකය ලෙස පවතී: SWIFT
දෙසැම්බර් මාසයේදී යුවාන් භාවිතය ගෝලීය ගෙවීම්වලින් සියයට 3.75 දක්වා ළඟා විය. ඒ අනුව යුවාන් මුදල් ඒකකය,ලෝකයේ සිදුවන ගනු දෙනු වලදී සිව්වන වඩාත් ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස එහි ස්ථානය තහවුරු කර ගත් බව ගෝලීය මුල්‍ය හුවමාරු සඳහා සේවා සපයන්නා වන ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සංගමයේ (Society for Worldwide Interbank Financial Telecommunication-SWIFT) දත්ත ඊයේ(23) පෙන්වා දුන්නේය.
කෙටි කාලීන උච්චාවචනයන් තිබියදීත්, යුවාන් මුදල් ඒකකයේ ජාත්‍යන්තරකරණ ප්‍රවණතාවය වේගවත් හා ශක්තිමත්ව පවතින බව චීන විශ්ලේෂකයෙක් පැවසීය.
SWIFT ට අනුව, යුවාන් මුදල් ඒකකය පසුකර ඉදිරියට පැමිණි ජපන් යෙන් මුදල් ඒකකය වෙතින් එහි ස්ථානය නැවත ලබා ගත් නමුදු නොවැම්බර් මාසයේදී ගෝලීය ගෙවීම්වල යුවාන්හි කොටස සියයට 3.89 සිට තරමක් අඩු විය.
යෙන් විසින් යුවාන්හි ස්ථානය අහිමි කළ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල හැර 2024 දී සෑම මසකම වටිනාකම අනුව ගෝලීය ගෙවීම් සඳහා යුවාන් සිව්වන වඩාත් ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස ස්ථානය රැක ගෙන සිටී.
සමස්තයක් වශයෙන්, 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව යුවාන් මගින් ගෙවීම්වල වටිනාකම සියයට 3.6 කින් වැඩි වූ අතර, සාමාන්‍යයෙන් සියලුම ගෙවීම් මුදල් වර්ග සියයට 7.5 කින් වැඩි වූ බව SWඓFඨ් ට අනුව තහවුරු වේ.
මෙම සංඛ්‍යාලේඛන මගින් යුවාන් ජාත්‍යන්තරකරණයේ ස්ථාවර ප්‍රගතිය, ගෝලීය ගෙවීම් සහ පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස යුවාන් කෙරෙහි ඇති වර්ධනය වන ආකර්ෂණය සහ චීන ආර්ථිකයේ දිගුකාලීන සංවර්ධන ගම්‍යතාව පිළිබඳ සුභවාදී දැක්මක් පිළිබිඹු වන බව ආර්ථික විශ්ලේෂකයෝ පැවසූහ.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යුවාන් අගය ඇතුළු බහුවිධ සාධක යුවාන් හි SWIFT ශ්‍රේණිගත කිරීමට බලපාන බව ෂැංහයි මූල්‍ය හා ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂී ජුන්යැන්ග් ඊයේ(24) ග්ලෝබල් ටයිම්ස් වෙත අදහස් දක්වමින් පැවසුවේ කෙටි කාලීනව සිව්වන සහ පස්වන ස්ථාන අතර යුවාන් ශ්‍රේණිගත කිරීම විකල්පව දැකීම සාමාන්‍ය දෙයක් බවයි.
කෙසේ වෙතත්, පසුගිය දශකය දෙස බලන විට, ජාත්‍යන්තර වෙළඳාමේ යුවාන් භාවිතය වේගයෙන් ඉහළ යමින් පවතින අතර අනෙකුත් ප්‍රධාන මුදල් වර්ග අභිබවා යන බව ෂී ජුන්යැන්ග් පැවසීය. "යුවාන් ක්‍රමයෙන් අනාගතයේදී ලෝකයේ තුන්වන වඩාත්ම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වන බවට අපේක්ෂා කළ හැක."
දෙසැම්බර් මාසයේදී, ගෝලීය ගෙවීම්වලින් සියයට 49 ක කොටසක් හිමි ඇමරිකානු ඩොලරයට වඩා යුවාන් පසුපසින් සිටියේය. එලෙසම යුරෝව සියයට 21.74 ක් ද පවුම සියයට 6.94 ක් ද වූ අතර,ඒවා එම මාසය තුළ වැඩිපුරම වෙළඳාම් කරන ලද දෙවන සහ තුන්වන මුදල් ඒකක වූ අතර යුවාන් ස්ථානගත වුයේ සිව්වන ස්ථානයේ සිටියේය.
පසුගිය මාසවලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යුවාන් දුර්වල වීමේ ප්‍රවණතාවයක පවතින අතර එය පසුගිය දිනවලදී අඩු වී තිබෙනු දක්නට ඇත.
ජනවාරි මාසයේ මුලදී, චීන මහජන බැංකුව (PBC) සහ විදේශ විනිමය රාජ්‍ය පරිපාලනය චීන විදේශ විනිමය කමිටු රැස්වීමකදී ප්‍රකාශ කළේ ඵ්ඹ්C ඉදිරිපත් කර ඇති වැඩසටහනකට අනුව, අපේක්ෂාවන් ස්ථාවර කිරීමට, ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහ විදේශ විනිමය වෙළඳපොළ කළමනාකරණය ශක්තිමත් කිරීමට පුළුල් පියවර ගන්නා බවයි.
ඔවුනට අනුව චීනය යුවාන් විනිමය අනුපාතය සාධාරණ හා සමබර මට්ටමක මූලික වශයෙන් ස්ථාවරව තබා ගනු ඇත.
යුවාන් ජාත්‍යන්තරකරණය දිගු කාලීනව වාසිදායක සාධක වලින් ප්‍රතිලාභ ලබනු ඇති අතර, සැබෑ ආර්ථිකයේ තවත් චීන ප්‍රධාන භූමි සමාගම් විදේශ ව්‍යාප්තිය සහ සැබෑ ආර්ථිකයේ අංශවල යුවාන් පදනම් කරගත් ක්‍රියාකාරකම් අපේක්ෂා කරන බව චීන ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Yuan remains fourth most active payment currency in December: SWIFT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
