
පරීක්ෂාවකින් තොරව බහාලුම් 373ක් වරායෙන් නිදහස් කර තිබෙන බව සත්‍යයක්! ඒවායේ යම් නීති විරෝධී දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම භාර ගන්නවා- වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුම්වල යම් කිසි නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බවයි.
පරීක්ෂාවෙන් තොරව බහාලුම් 373 ක් වරායෙන් පිටතට යවා ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මෙලෙස පැවසීය.
“අපේ වරායට දිනකට එන බහාලුම් වලින් 80% ක් පමණ නැවත ප්‍රතිඅපනයනය කරනවා. මේ වන විට ආනයනය වන බහාලුම් දෙදහසක් පමණ මේ වනවිට දිනකට ලැබෙමින් පවතිනවා. මෙලෙස තදභදයක් ඇති වීමට හේතුව වරාය වර්තමානයට ගැලපෙන පරිදි සංවර්ධනය කර නොතිබීමයි. වරායේ තිබූ තදබදය ඉවත් කිරීම සඳහා "ග්‍රීන් චැනල්" ඔස්සේ පරීක්ෂාවකින් තොරව බහාලුම් 373 ක් පිටතට යවා තිබෙන බව සත්‍යයක්.එලෙස පරීක්ෂාවකින් තොරව බහාලුම් පිටකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිල්ලක් පවා යොමු වී තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා." යනුවෙන් පැවසීය.
එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් මෙරටට පැමිණි නැව් 27 ක ප්‍රමාණයක් නැවත හැරී ගොස් තිබෙන බවට අමාත්‍යවරයා දැනුවත් කළේ නැව් ඒජන්තවරු විසින් බව පැවසීය.
" නැව් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණි පසු වුවද නැවත ආපසු හැරී යන්නත් පුළුවන්. ඔවුන්ගේ ඊළඟ වරායට ළඟා වෙන්න තියෙන වෙලාව අනුව අපේ රටේ තියෙන තදබදය නිසාත් නැවක් ආපසු හැරිලා යන්න පුළුවන්. ඒ පිළිබඳව දත්ත තියෙන්නේ නැව් නියෝජිතයන් ගාව පමණයි. ඒ අනුව අපිට එයාලව විශ්වාස කරන්න වෙනවා.නැව් වරාය ඇතුලට ඇවිල්ල හැරිලා ගියාද පිටතින් හැරිලා ගියාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඇත්තටම අපේ වරාය දැන් කාර්යබහුලයි. ඒකත් රේගුවේ ප්‍රශ්නේ වගේ තමා. 2024 ඉවර වෙන්න තිබුන නැගෙනහිර ජැටිය අපි එනකොට තිබුනේ 2027 ඉවර කරන්නයි. මේ අවුරුද්දේම ඉවර කරගන්න අපි දැන් උත්සාහ කරනවා.” අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
