
නුවරඑලිය තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමකට ලබා දීමට එරෙහි උද්ඝෝෂණයට මහ සෙනගක්... ඕනනම් නුවරඑළියේ ජනාධිපති මැඳුර විකුණන්න – උද්ඝෝෂකයෝ කියති
නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් නුවරඑලිය නගර මධ්‍යයේ ඊයේ (09) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත්තිය සමිති නියෝජිතයන්, ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑළියේ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය 04 වැනිදා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාව ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් එම උත්සාහය පරාජය කිරීමට මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමකට හෝටලයක් පවත්වා ගෙන යෑම සඳහා විකිණීමට ගෙන ඇති තීරණය හකුළා ගන්නා තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුහු සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ උද්ඝෝෂකයෝ,
"ලංකාවේ වැඩකට නැති දේපළ ගණනාවක් තියෙනවා. උදාහරණයක් හැටියට නුවරඑළිය ජනාධිපති මැඳුර, වසරකට එක් වතාවක් හෝ දෙවතාවක් ජනාධිපති නුවරඑළියට ආවත් ඉන්නේ තරු පන්තියේ හෝටල්වල. ජනාධිපති මැඳුර නඩත්තු කරන්නට පනහකට ආසන්න සේවක පිරිසක් පඩි නඩි ගෙවලා තියාගෙන ඉන්නේ කිසිම වැඩකට නැතිව. ඒ තැන හෝටලයක් කළාට ජනතාවගේ කිසිම විරෝධයක් නැහැ. එසේ නොවී රටේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ස්ථානයක් වන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට මුළුමනින්ම විරෝධතාව ප්‍රකාශ කරනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
