නුවරඑලිය තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමකට ලබා දීමට එරෙහි උද්ඝෝෂණයට මහ සෙනගක්... ඕනනම් නුවරඑළියේ ජනාධිපති මැඳුර විකුණන්න – උද්ඝෝෂකයෝ කියති
නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් නුවරඑලිය නගර මධ්‍යයේ ඊයේ (09) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත්තිය සමිති නියෝජිතයන්, ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑළියේ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය 04 වැනිදා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාව ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් එම උත්සාහය පරාජය කිරීමට මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමකට හෝටලයක් පවත්වා ගෙන යෑම සඳහා විකිණීමට ගෙන ඇති තීරණය හකුළා ගන්නා තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුහු සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වූ උද්ඝෝෂකයෝ,
"ලංකාවේ වැඩකට නැති දේපළ ගණනාවක් තියෙනවා. උදාහරණයක් හැටියට නුවරඑළිය ජනාධිපති මැඳුර, වසරකට එක් වතාවක් හෝ දෙවතාවක් ජනාධිපති නුවරඑළියට ආවත් ඉන්නේ තරු පන්තියේ හෝටල්වල. ජනාධිපති මැඳුර නඩත්තු කරන්නට පනහකට ආසන්න සේවක පිරිසක් පඩි නඩි ගෙවලා තියාගෙන ඉන්නේ කිසිම වැඩකට නැතිව. ඒ තැන හෝටලයක් කළාට ජනතාවගේ කිසිම විරෝධයක් නැහැ. එසේ නොවී රටේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ස්ථානයක් වන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට මුළුමනින්ම විරෝධතාව ප්‍රකාශ කරනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..