
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.
විදුලිබල පනතේ සඳහන් වන්නේ වියදමට සරිලන විදුලි බිලක් ස්ථාපිත කළ යුතු බව යැයි කී හෙතෙම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙකම මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතේ යැයි අවධාරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිර්දේශ ලෙස හඳුන්වමින්ද එම නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බව සඳහන් කරමින් ලංවීම නිවේදනයක් නිකුත් කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙමිනි.
සමස්තයක් ලෙස සියලුම කාණ්ඩවලට අයත් විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙරේදා (17දා) තීන්දුවක් ගත් අතර එය එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයිද එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කොළඹදී නිල වශයෙන් මාධ්‍ය හමුවේ පැවැසීය.
මහජන උපයෝගිතා කොමිසම මෙම තීරණය ගත්තේ 2025 මුල් මාස 6 සඳහා මෙතෙක් පැවැති ගාස්තු එලෙසම පවත්වාගෙන යෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ පසු බිමකය.
මෙසේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රති යෝජනාව හා ඒවා සම්බන්ධයෙන් සිදු කළ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තීරණය කළ බව ඔහු කීය.
ඒ අනුව සිකුරාදා දින (17දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය වන බව කීවේ මේ අයුරිනි.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 – 30 අතර සියයට 29 කින්, ඒකක 31 – 60 අතර සියයට 28කින්, ඒකක 61 – 90 අතර සියයට 19කින්, ඒකක 91 -180 අතර සියයට 18 කින්, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ විදුලිය ගාස්තුව සියයට 19 කින් අඩු කෙරෙන බවත්, පොදු කාර්ය කාණ්ඩය සඳහා සියයට 12කින්ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 11 කින්ද, හෝටල් සඳහා සියයට 31 කින්ද, කර්මාන්ත සඳහා සියයට 30 කින්ද, ආගමික හා පුණ්‍යායතන සඳහා සියයට 21 කින්ද, වීථී ලාම්පු සඳහා සියයට 11 කින්ද ගාස්තු අඩු කර ඇති බව ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.
නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඒකක 0 – 30 අතර ගෘහස්ථ කාණ්‍ඩයේ රුපියල් 100ක් වූ මාසික ගාස්තුව රුපියල් 75 දක්වාත්, ඒකකයක් සඳහා අය කළ රුපියල් 6ක් වූ ගාස්තුව රුපියල් 4ක් දක්වා අඩු වන බවත් ඒකක 31 60ත් අතර රුපියල් 250ක් වූ මාසික ගාස්තුව රුපියල් 200 දක්වාත්, ඒකකයත් සඳහා අය කළ රුපියල් 9ක් වූ ගාස්තුව රුපියල් 4 දක්වාත් අඩු වන බවත් හෙතෙම සඳහන් කළේය.
පනතේ ප්‍රතිපාදන අනුව අවසාන නිගමනය මෙය වන අතර, සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නීත්‍යනුකූලව මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත්, නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටින බවත් සඳහන් කළේය.
ලෙකෝ විදුලි පෞද්ගලික සමාගම පෙර ගෙවුම් ගාස්තු ක්‍රමයක් යෝජනා කර තිබූ බවත් එය අප්‍රේල් මාසයේදී පමණ ක්‍රියාත්මක විය හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඊට කැමැති ලෙකෝ විදුලි පාරිභෝගිකයන්ට මෙම ක්‍රමයට අනුගත විය හැකි බවත් පැවැසීය.
මෙය සරල ක්‍රමයක් බවත් පෙර ගෙවුම් අනුව ඒකක 90 ඒකකයක් සඳහාම රුපියල් 14ක්ද, ඒකක 90 වැඩි ඒකකයක් සඳහා රුපියල් 52ක ගාස්තුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ බවද කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
