නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව... බලශක්ති අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්?
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20%කින් විදුලි ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබුණි.
අද මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දුනි.
එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර ඇත.
හෝටල් සඳහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12%කින් අඩුකර තිබේ.
රාජ්‍ය ආයතන සඳහා 11%කින්ද වීථි ලාම්පු සඳහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..