එජාප - සජබ එකතුවට ලකුණ හරස්වෙන ලකුණු
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේදී පක්ෂ ලකුණ පිළිබඳ කරුණු බලපා ඇති නිසා මේ වනවිට සාකච්ඡා අවසන් වී නැතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළද පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී සියලු දෙනා යළි එකතු වී කටයුතු කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණියද විපක්ෂනායකවරයා පමණක් විරුද්ධ වී නැවත යළි එකඟ වූ බවද වාර්තා වේ.
මෙම පක්ෂ දෙක එකතු වන්නේ නම් ටෙලිෆෝන ලකුණ යටතේ තරග වැදීමට සූදානම් වුවත් එයට බොහෝ දෙනෙක් කැමැත්ත පළකර නැති අතර එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කිරීමට කැමැත්ත පළකර ඇත.
එසේ නොමැති නම් පොදු ලාංඡනයක් යටතේ දූෂණයෙන් තොර අයගෙන් සැදුම්ලත් පිරිසක් ඒකරාශී කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම යෝග්‍ය බවට යෝජනා වී ඇතැයිද වාර්තා වේ.
මෙම පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් පක්ෂ දෙකේම අති බහුතරයක් කැමැත්ත පල කළ බවත් මේ වනවිට බිම් මට්ටමේ නියෝජිතයන් ඒක රාශි වී තරග කළ සමුපකාර මැතිවරණ සියල්ල ජයගත් බවද හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න සදහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි