අර්චුනා රාමනාදන්ට මන්ත්‍රී ධුරයත් අහිමිවන ලකුණු.!
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ක්වෝ වොරන්ටෝ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ජනවාරි මස (31) වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර ඇත.
මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වීම ලබානොදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් රජයේ සේවකයකු ලෙස ඔහු එමගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ඇත.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ එම පෙත්සම (15) කැඳ වූ අතර එය කරුණු සලකා බැලීම සදහා ලබන ජනවාරි (31) වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.
රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදිම නීති විරෝධී වන බැවින් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට එම මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් කියා සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් බවත් රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා භාරදීම නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කරයි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය අර්චුනා රාමනාදන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි