ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම අද සළකා බැලූවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල හමුවේය.
අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මේ මස 21 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
පුවත්පත් මුද්‍රණයට කඩදාසි ලබාගෙන විසිනව කෝටි එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අසූහතරක(290,173,984) මුදලකට අගරු චෙක්පත් ලබාදුන් සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම හා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
කේසර ලංකා නමැති ආයතනයකින් පුවත්පත් මුද්‍රණයට මෙලෙස කඩදාසි ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගම යනු හිටපු ඇමැතිවරයකු වන ටිරාන් අලස්ට අයත් මව්බිම ඇතුළු පුවත්පත් කිහිපයක් මුද්‍රණය කරන ආයතනයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි