
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම අද සළකා බැලූවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල හමුවේය.
අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මේ මස 21 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
පුවත්පත් මුද්‍රණයට කඩදාසි ලබාගෙන විසිනව කෝටි එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අසූහතරක(290,173,984) මුදලකට අගරු චෙක්පත් ලබාදුන් සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෝමාගම හා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
කේසර ලංකා නමැති ආයතනයකින් පුවත්පත් මුද්‍රණයට මෙලෙස කඩදාසි ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගම යනු හිටපු ඇමැතිවරයකු වන ටිරාන් අලස්ට අයත් මව්බිම ඇතුළු පුවත්පත් කිහිපයක් මුද්‍රණය කරන ආයතනයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
