ආණ්ඩුව හාල් ප්‍රශ්නය අනාගෙන දැන් දෙස් දෙවොල් තියනවා - රෝහිණී කවිරත්න
තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇය නිකුත් කළ නිවේදනය....
පසුගිය වසර කිහිපයේම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක අස්වැන්නක් ලැබී ඇත. එයින් හාල් මෙ.ටො. ලක්ෂ 29 ක් නිෂ්පාදනය කෙරේ. මෙරට හාල් නිෂ්පාදනයෙන් හතරෙන් එකක් ‘කැකුළු සහල්’ ය. දකුණු පලාතේ වී වලින් 85% ක් ම කැකුළු ය. ඒ අනුව, ‘කැකුළු හාල් ටොන් ලක්ෂ 7 කට වැඩි අවම නිෂ්පාදනයක් පැවතුනේය.
අවස්ථා දෙකක දී, හාල් කිලෝ 20 බැගින් පවුල් ලක්ෂ 27 කට හාල් කිලෝ මෙ.ටො 54,000 ක් මේ අනුව බෙදා ඇත. මෙයින් 75%ක් පමණ කැකුළු හාල් වූ අතර ඉතිරිය සුදු කැකුළු විය. රජය මගින් කැකුළු සහල් කිලෝ 50,000 ක් නොමිලේ බෙදාදුන්නේ යැයි උපකල්පනය කළ ද, එය රටේ සමස්ත කැකුළු හාල් නිෂ්පාදනයෙන් 14 න් පංගුවකි (සුදු හාල් ප්‍රමාණයක් ද බෙදනු ලැබීය).
අප රටේ සහල් පාරිභෝජනයෙන් 22% ක් කැකුළු ද, 18% ක් සුදු කැකුළු ද වේ..ටො. ලක්ෂ දහයකට වැඩි අස්වැන්නකින් මෙ.ටො. 54,000 ක් රටේ දුප්පත්ම සමාජ තීරුවට ලබාදුන් විට කැකුළු හාල් හිඟයක් ඇතිවීමට කිසි ලෙසකින් හෝ සිදු විය හැකි තත්වයක් නොවේ. මෙම ප්‍රකාශය සමාජයේ දිළිඳුම ජනතාවට අනාගතයේ අවශ්‍යතාව මත හෝ ආහාර ලබාදීමේ වගකීමෙන් ගැලවීම සඳහා රජය සැලසුම් සහගතව ගොතන බොරුවකි.
හාල් බෙදීමේ තීරණය පාර්ලිමේන්තුව ද දායක වූ සාමුහිත තීරණයකි. ‘දරුවන් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය’ ට මා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, ළමා මන්දපෝෂණය පිළිබඳ විශේෂඥයින් යොදාගනිමින් වාර්තාවක් සකස් කරනු ලැබීය. එහි මෙරට ළමුන් අතරින් 36% කට කුමන හෝ මට්ටමක මන්දපෝෂණ තත්වයක් පවතින බව දැක්වේ. පාසල් දරුවන්ට දිවා ආහාර සහ අන්ත දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ අවශ්‍යතාව එම වාර්තා ම මගින් ද, තවත් අධ්‍යයනයන් රැසකින් ද, ජාත්‍යන්තර සංවිධාන ද පෙන්වා දෙනු ලැබීය. ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු කමිටුවක නිර්දේශය, හා ජාතික අවශ්‍යතාව සලකා රාජ්‍ය යාන්ත්‍රණය හරහා සහල් බෙදීම ක්‍රියාත්මක කළේය. එය පාර්ලිමේන්තුව හා විධායකය ජනතාව වෙනුවෙන් සාමුහික වගකීම් ඉටු කිරීමකි.
ලංකා ඉතිහාසයේ පළමු වරට තෛපොංගල් උත්සවයට කැකුළු හාල් නැතිවුණේ ද, සහල් හිඟයක් ඇති වූවේ වෙළඳපොල කලමනාකරණයට රජයට ඇති නොහැකියාව නිසාය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වාම ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ එක් වරක් හෝ රැස්වී නැත. රටේ ආහාර අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට රජය ලබා දෙන ප්‍රමුඛතාව එයින් මනාව පැහැදිලි වේ. සහල් අර්බුදය උත්සන්න වූයේ රටේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු එක් විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත් නොකර ජනමාධ්‍ය ඔස්සේ ගැලරිය පිණවීමට යාම නිසාය. පාර්ලිමේන්තු කමිටු සහ කැබිනට් මණ්ඩලය රටේ පෝෂණ අවශ්‍යතා පියවීම සඳහා ගත් කාලීන ප්‍රශස්ත පියවරවලට දෙස් දොවොල් තැබීමෙන් දැන් පළක් නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..