
සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්
දුම්වැටි බදු වැඩි කිරීමේ වාසිය දුම්වැටි කර්මාන්තය අත්කරගෙන ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) සඳහන් කළේය.
වැඩි ම අලෙවියක් ඇති සිගරට් කණ්ඩයේ සුරාබදු රුපියල් 4.51කින් ඉහළ දැමුව ද එහි වෙළෙඳපොළ මිල රුපියල් 10කින් වැඩි වී ඇතැයි එම සංවිධානය පවසයි.
නිවැරදි බදු අය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය නොකර මෙම බදු වැඩි කිරීම හේතුවෙන් සිගරට් කර්මාන්තයට රුපියල් මිලියන 7,000ක අමතර ලාභයක් උපයා ගැනීමට හැකි වී ඇතැයි ද ඇඩික් සංවිධානය පෙන්වා දෙයි.
මෙසේ දුම්කොළ සමාගමේ ලාභය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචාරණයට සහ විවිධ මැදිහත්වීම්වලට විශාල අමතර ලාභයක් ලැබෙන බව ත් ඉන් දරුවන් සහ තරුණයන් දුම්කොළ සමාගමේ ගොදුරු බවට වැඩි වශයෙන් ගොදුරු වන බව ත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පැවැසීය.
මද්‍යසාරවලින් ඇතිවන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය මද්‍යසාරවලින් ලැබෙන බදු ආදායමින් පියවා ගැනීමට නොහැකි වී තිබෙන බව ද විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
2022 වසරේ මද්‍යසාරවලින් ඇති වූ ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 237ක් වන විට එම වසරේ මද්‍යසාර බදු ආදායම රුපියල් බිලියන 165.2ක් පමණක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් බෝ නොවන රෝග මරණ සියයට අසූවක් දක්වා වැඩි වී තිබෙන බව ත් මෙරට මද්‍යසාර භාවිතයෙන් වසරකට පුද්ගලයන් 15,000ක් සහ දුම්වැටි භාවිතයෙන් පුද්ගලයන් 20,000ක් මරණයට පත්වන බව ත් ඔහු කීවේය.
මේ අතර, 2023 වසරේ මද්‍යසාර බදු සියයට විස්සකින් ඉහළ දැමීමෙන් මද්‍යසාර පරිභෝජනය (ශුද්ධ මද්‍යසාර) ලීටර මිලියන 8.3කින් අඩු වී රජයේ මද්‍යසාර සුරාබදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩි වී තිබූ බවද සේරම් පැවසීය.
එමෙන් ම, බදු වැඩි කිරීම තුළ සිගරට්වලින් රජය ලබා ගන්නා සුරාබදු ආදායම රුපියල් බිලියන 7.7කින් වැඩි වී සිගරට් අලෙවිය මිලියන 521.5කින් අඩු වී තිබූ බව ද හෙතෙම සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
