සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්
දුම්වැටි බදු වැඩි කිරීමේ වාසිය දුම්වැටි කර්මාන්තය අත්කරගෙන ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) සඳහන් කළේය.
වැඩි ම අලෙවියක් ඇති සිගරට් කණ්ඩයේ සුරාබදු රුපියල් 4.51කින් ඉහළ දැමුව ද එහි වෙළෙඳපොළ මිල රුපියල් 10කින් වැඩි වී ඇතැයි එම සංවිධානය පවසයි.
නිවැරදි බදු අය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය නොකර මෙම බදු වැඩි කිරීම හේතුවෙන් සිගරට් කර්මාන්තයට රුපියල් මිලියන 7,000ක අමතර ලාභයක් උපයා ගැනීමට හැකි වී ඇතැයි ද ඇඩික් සංවිධානය පෙන්වා දෙයි.
මෙසේ දුම්කොළ සමාගමේ ලාභය වැඩි වීමෙන් ඔවුන්ගේ ප්‍රචාරණයට සහ විවිධ මැදිහත්වීම්වලට විශාල අමතර ලාභයක් ලැබෙන බව ත් ඉන් දරුවන් සහ තරුණයන් දුම්කොළ සමාගමේ ගොදුරු බවට වැඩි වශයෙන් ගොදුරු වන බව ත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පැවැසීය.
මද්‍යසාරවලින් ඇතිවන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය මද්‍යසාරවලින් ලැබෙන බදු ආදායමින් පියවා ගැනීමට නොහැකි වී තිබෙන බව ද විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
2022 වසරේ මද්‍යසාරවලින් ඇති වූ ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 237ක් වන විට එම වසරේ මද්‍යසාර බදු ආදායම රුපියල් බිලියන 165.2ක් පමණක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් බෝ නොවන රෝග මරණ සියයට අසූවක් දක්වා වැඩි වී තිබෙන බව ත් මෙරට මද්‍යසාර භාවිතයෙන් වසරකට පුද්ගලයන් 15,000ක් සහ දුම්වැටි භාවිතයෙන් පුද්ගලයන් 20,000ක් මරණයට පත්වන බව ත් ඔහු කීවේය.
මේ අතර, 2023 වසරේ මද්‍යසාර බදු සියයට විස්සකින් ඉහළ දැමීමෙන් මද්‍යසාර පරිභෝජනය (ශුද්ධ මද්‍යසාර) ලීටර මිලියන 8.3කින් අඩු වී රජයේ මද්‍යසාර සුරාබදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩි වී තිබූ බවද සේරම් පැවසීය.
එමෙන් ම, බදු වැඩි කිරීම තුළ සිගරට්වලින් රජය ලබා ගන්නා සුරාබදු ආදායම රුපියල් බිලියන 7.7කින් වැඩි වී සිගරට් අලෙවිය මිලියන 521.5කින් අඩු වී තිබූ බව ද හෙතෙම සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්