ඉන්දියාව සමග ඩිජිටල් හැඳුනුම්පත හැදීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතිලු – ඩිජිටල් ආර්ථික නි. ඇමැති කියයි
ඉන්දියාව සමග එක්ව හඳුන්වාදීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කළත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද එය සියයට සියයක් ආරක්ෂිත යැයි ද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ඊයේ (14දා) පැවසීය.
මෙම හැඳුනුම්පත සකස් කිරීමට විශාල මුදලක් වැය වන බවත් ඉන් සියයට 50ක් පමණ ඉන්දියානු ආධාර මගින් සිදුකිරීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පැවසීය.
ඩිජිටල් හැඳුනුම්පත ඇඟිලි සලකුණු, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාව ඇසුරු කරගෙන සකස් කරන බවත්, ඇඟිලි සලකුණු ගැනීම කඩදාසියක් මත නොව ඩිජිටල් ආකාරයට ගන්නා බවත් ඔහු කීය. ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ඉඩම් ගනුදෙනුවලදී ලොකු ගැටලු මතු වී තිබෙන අතර ඩිජිටල්කරණයෙන් එය නිසියාකාරයට සිදුකරගත හැකි බවත් ඔහු කීය.
පසුගිය රජය සමයේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේදී ජීව දත්ත තොරතුරු සමග එය සිදුකිරීමට නියමිතව තිබුණත් අද එම තත්ත්වය වෙනස් කර රජයේ නිලධාරීන්ට එම බලය ලබාදී ඇතැයි ද ඒ මහතා කීය. රජයේ නිලධාරීන්ට එම ක්‍රමවේදය පුහුණු කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.
නව ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට හඳුන්වා දීමටත් ලබන මස සිට එය නිකුත් කිරීමටත් අදහස් කරගෙන සිටින බව කී නියෝජ්‍ය ඇමැතිවරයා දැනට හැඳුනුම්පත් ලබාගෙන සිටින පුද්ගලයන්ට නව ඩිජිටල් හැඳුනුම්පත මාස හයකට පමණ පසුව සකස් කරදීමට අදහස් කරන බවද වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි