පළාත් සභා වාහන 2000ක් ආගිය අතක් නෑ
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ අතුරුදන්ව ඇති වාහන අතර විවිධ සුඛෝපභෝගි පන්නයේ මෝටර් රථ හා ජීප් රථ රැසක්ද වේ.
පළාත් සභාවල විවිධ අමාත්‍යාංශ සහ ආයතන වලට අයත් වාහන මෙසේ වරින් වර අතුරුදන්ව ඇති අතර එම වාහන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මේ දිනවල විමර්ශනයක් කරගෙන යන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
පළාත් සභාවල බොහෝ වාහන පසුගිය කාල සීමාවේදී වැරදි ආකාරයෙන් පාවිච්චි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන් කෙරුණු ඇතැම් සුඛෝපභෝගි වාහන දේශපාලඥයන්ට හිතවත් ඇතැම් සුළු නිලධාරීන් පාවිච්චි කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මේ අතර මධ්‍යම පළාත් සභාවේ විවිධ වාහන තිස් එකකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විගණනයට තොරතුරු අනාවරණයවී නැතැයි වාර්තාවේ.
දකුණු පළාත් සභාවට අයත් යතුරුපැදිය ඇතුළු වාහන 201 ක භෞතික පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව විගණන අංශ පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි
සලේ සිටි සිරමැදිරිය නිරීක්ෂණය කරයි.. නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් හෙළිවෙයි..
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා..
ජාතික අභිලාෂයන්ට හානියක් නොවන පරිදි ඉරාන-ඇමරිකානු අවබෝධතා ගිවිසුමකට එළඹුනා - ගරිබාබාඩි
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය