News Category
From Date
To Date
Maximum Number of Result

සරල උදෑසන ආහාර වේල බර ආහාර වේලක් කළ නූතන පරිභෝජනවාදයේ පියා එඩ්වඩ් බර්නේස්

Jan 14, 2025 at 11:01 PM
|

"මහජන සම්බන්ධතා වල පියා" ලෙස මෙන්ම "නූතන පරිභෝජනවාදයේ පියා"  ලෙස  හඳුන්වන  එඩ්වඩ් බර්නේස් යනු  නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බෑණනුවන්ය. ඔහු මානව මනෝවිද්‍යාව පිළිබඳ ඔහුගේ අවබෝධය උපයෝගී කරගනිමින් මහා ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලන ප්‍රභූන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා නූතන පරිභෝජනවාදය සඳහා මූලික අඩිතාලම දැමූ පුද්ගලයාය. ඇමරිකානුවන්ගේ උදෑසන ආහාරය අද දකින්නට තිබෙන ආකාරයෙන් පෙනෙන්නේ මන්දැයි යන කාරණය සම්බන්ධයෙන් ස්තූති කිරීමට හෝ දොස් පැවරීමට පෙරට එන්වවට වඩා පහසුවෙන් සියල්ලන්ගේ  ඇස් ඇරෙන සුළු කාරණයක් තිබේ. "බීච් නට්"  නම් ඇසුරුම් සමාගම නිෂ්පාදනය කළ ප්‍රධාන නිෂ්පාදනයක් වන බේකන් අමෙරිකානු සමාජය තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් පොරබදමින් සිටියහ. අවසානයේදි කිසිදු ප්‍රගතියක් අත්පත් කරගැනීමට නොහැකි වූ තත්වයක් තුළ සමාගම එඩ්වඩ් බර්නේස්ගේ පිහිට පැතූහ. සාමාන්‍ය ඇමරිකානුවෙක් ඉතා සැහැල්ලු උදෑසන ආහාරයක් එනම් සාමාන්‍යයෙන් කෝපි හෝ පාන් සමඟ දොඩම් යුෂ අනුභව කිරීමට පුරුදුවී සිටියහ. එවැනි තත්වයක් යටතේ බර්නේස් සාමාන්‍ය ඇමරිකානුවෙකුට ඔවුන් අනුභව කළ යුතු දේ සත්‍යවශයෙන්ම තෝරා දිය යුත්තේ කවුරුන් විසින්දැයි විමසිලිමත් විය. එහිදී ඔහු එක්තරා අමෙරිකානු වෛද්‍යවරයෙකු මුණ ගැසී උදෑසන ආහාරයට සැහැල්ලු ආහාරයක් ගැනීමද බර ආහාරයක් ගැනීමද සුදුසු යන ප්‍රශ්නය නැගීය. එහිදී ඔහු පිලිතුරු ලෙස ලබා දුන්නේ රාත්‍රී නින්දේදී ශරීරයේ ශක්තිය වැයවන බැවින් දිවා කාලයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට උදෑසන ආහාර වේල බර ආහාරයක් විය යුතු බවයි. එහිදී එඩ්වඩ් බර්නේස් ඉතා උපක්‍රමශීලීව එම වෛද්‍යවරයා ලවා කිසිදු මුදලක් වැය නොකර ඔහුගේ මතය අනෙකුත් වෛද්‍යවරු පිලිගන්නේදැයි විමසීමට අමෙරිකාව පුරා සිටින වෛද්‍යවරු 5000ක් වෙත උදැසන ආහාර වේල සැහැල්ලු ආහාරයක් විය යුතුද බර ආහාරයක් විය යුතුද යන පැනය විමසා ලිපි යැවීය. එම ලිපියට අමෙරිකාව පුරා විසිරී සිටින වෛද්‍යවරු 4,500 ක් උදෑසන ආහාර වේල බර ආහාර වේලක් විය යුතු බවට තවුරු කර පිළිතුරු ලිපි එවූහ. එම ලිපිවල මතය භාවිත කර එඩ්වඩ් බර්නේස් අමෙරිකානු පුවත්වල  වෛද්‍යවරු බිත්තර සහ බේකන් ඇතුළත් බර උදෑසන ආහාරයක්, සැහැල්ලු උදෑසන ආහාරයට වඩා ප්‍රයෝජනවත් බව සොයාගත් බව පවසමින් දැන්වීම් ලිපි ආදිය පල කිරීමට කටයුතු කළයේ. ඒ අනුව සමස්ත ඇමරිකානු ජනයාගේ උදෑසන ආහාරයට බේකන් එකතු වීම උපත ලැබුවේය. එම තත්වය "බීච් නට්" සමාගමේ බේකන් අලෙවියෙහි විශාල වැඩිවීමකට හේතුවිය. 

එලෙසම එඩ්වඩ් බර්නේස්ට, ඇමරිකානුවාගේ උදෑසන ආහාරයට බේකන් සහ බිත්තර හඳුන්වා දීමේ (ආගෞරවය හිමි වේ.ම්අමෙරිකාවෙන් පටන් ගත් "උදැසන ආහාර වේලට බර ආහාරයක් ගන්න" යන කාරණය ලොව පුරා ප්‍රචලිත විය. අවසානයේදී "උදේට රජෙක් වගේ කන්න" යන කියමනද නිර්මානය වන්නට හෝ හිතා මතා නිර්මානය කරන්නට ඇතැයි සිතිය හැක.

උදෑසන ආහාරයේ කෙටි ඉතිහාසය සැකෙවින්

බොහෝ මිනිස් හැසිරීම් මෙන්ම, උදෑසන ආහාරයද ඉතිහාසය පුරා විලාසිතාවන්ට ගොදුරු වී තිබෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. ඇති අතර එයින් බැහැර වී ඇත. ආහාර පිසීමේ වෙනස්කම් සමාජ සම්මතයන්, ආහාර සුරක්ෂිතතාව සහ සදාචාරාත්මක භීතිකාවන් ඇතුළු බොහෝ දේවල එම විලාසිතාවන් දක්නට හැකි බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.

දිනපතා උදෑසන ආහාර වේලක පළමු වාර්තාව පුරාණ ඊජිප්තුවෙන් හමුවේ. ඊජිප්තු ගොවීන් රැකියාවට යාමට පෙර උදෑසන බියර්, පාන් සහ ළූණු පරිභෝජනය කර ඇති බවට සාක්ෂි ඇතැයි පැවසේ. එය සාමාන්‍යයෙන් බර ආහාර වේලක් වූ අතර පුරාණ ඊජිප්තු ගොවියෝ දවස අවසන් වන තුරු නැවත කිසිවක් ආහාරයට ගෙන නැති බවද මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මධ්‍යතන යුගයේදි කතෝලික පල්ලිය විසින් උදෑසන ආහාරය ගැනීම "කෑදරකමක්" ලෙස සලකනු ලැබූ බැවින් එකල මිනිසුන් උදෑසන ආහාර වේල අනුභව ක්‍රීමෙන් වැලකී සිට ඇත. සාමාන්‍යයෙන් මහලු පුදගලයන් , අසනීප පුදග්ලයන්, දරුවන් සහ කම්කරු පිරිමින් පමණක් උදෑසන ආහාරය ගත් අතර ඔවුන්ට සාමාන්‍යයෙන් බර දහවල් ආහාර වේලට යාමට තරම් උවමනාවක් පැන නොනැගී ඇතැයි පැවසේ. 

උදෑසන ආහාරය යන පදය 15 වන සියවසේ යුරෝපයේ ආරම්භ වූ නමුත් උදෑසන ආහාර ගැනීම 1600 ගණන් වන තෙක් යුරෝපයේ දෛනික චාරිත්‍රයක් බවට පත් නොවීය. එසේ වී ඇත්තේ බොහෝ අය දිනපතා රැකියාවට යාමට ආරම්භ කළ කාලය වීම නිසායැයි කියවේ.

බේකන් සහ බිත්තර: එකට එකතු වීමට පෙර

ආහාර ඉතිහාසඥයින්ට අනුව, මිනිසුන් වසර මිලියන 6 ක් පමණ බිත්තර අනුභව කර ඇති අතර, මුලින් ඒවා කැලෑ පක්ෂීන්ගේ කූඩුවලින් රැගෙන අමුවෙන් අනුභව කර ඇත. ක්‍රි.පූ 3200 වන විට ඉන්දියාවේ බිත්තර නිෂ්පාදනය සඳහා කැලෑ පක්ෂීන් හීලෑ කරන ලද අතර, පුරාණ ඊජිප්තුව සහ පුරාණ චීනය කිකිළියන් හීලෑ කළ පළමු සමාජයන් බව සැලකේ.

බේකන් වල ඉතිහාසය ක්‍රි.පූ 1500 දක්වා දිවෙන අතර එය පැරණිතම සතුන්ගේ මස් වලින්  කපා සැකසූ ආහාරය බවට හඳුනාගෙන තිබේ. 'බේකන් ගෙදර ගෙන ඒම' යන වාක්‍ය ඛණ්ඩය ආරම්භ වූයේ 12 වන සියවසේ එංගලන්තයේ ය. විවාහක පුරුෂයෙකුට වසරක් තුළ තම බිරිඳ සමඟ වාද නොකළ බවට දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්‍රිය හැකි නම්, ඔහුට බේකන් කොටසක් පිරිනමනු ලැබේ. ඒ අනුව 'බේකන් ගෙදර ගෙන ඒම' මහත් ගෞරවයක් ලෙස සලකන්නට විය.

ලොව පුරා උදෑසන ආහාරය

බේකන් සහ බිත්තර මේ වන විට ඕනෑම තැනක පාහේ සොයාගත හැකි වුවද, බොහෝ රටවල උදෑසන ආහාරය ලෙස මතකයට එන පළමු ආහාරය එය නොවේ.

 මිසෝ සුප්, සුදු බත් සහ මාළු ජපානයේ පොදු ජනයාගේ උදෑසන ආහාරය වේ. ජපනුන්ගේ උදෑසන ආහාරය සාමාන්‍යයෙන් සැහැල්ලු ආහාර වේලක් වන අතර බොහෝ විට හරිත තේ සමඟ මුසුවනු ඇත.

ඉන්දියාවේ උදෑසන ආහාරය, ආහාර කලාපය අනුව වෙනස් වේ. නමුත් උදැසන ආහාරය සාමාන්‍යයෙන් දිවා ආහාරයේදී හෝ රාත්‍රී ආහාරයේදී අනුභව කරන ආහාර වලට සමාන වන අතර රොටි, තොසේ, කුළුබඩු සහිත අර්තාපල් හෝ විවිධ චට්නි එයට ඇතුළත් විය හැකිය.

නෝර්ඩික් රටවල් සාමාන්‍යයෙන් සීතල මස්, මාළු, චීස් හෝ එළවළු සමඟ උදෑසන ආහාරය සඳහා සැන්ඩ්විච් අනුභව කරයි.

ශක්ෂුකා යනු උතුරු අප්‍රිකාවේ ආරම්භ වූ උදෑසන ආහාරයකි. එය දැන් සමස්ථ මැද පෙරදිග පුරා ජනප්‍රිය වී තිබේ. එය තක්කාලි සෝස් එකක තැම්බූ බිත්තර වලින් සමන්විත වන අතර සාමාන්‍යයෙන් උණුසුම් පිටා හෝ නාන් සමඟ පිරිනමනු ලැබේ.


සම්බන්ධිත පුවත් | Related News

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලු‍ණු සමාගම පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.