බිලියන 280ක් වාහන ආනයනයෙන් බදු හැටියට අය කර ගන්න රේගු දෙපාර්තමේන්තුවට අණ දීලා...
ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණිය බව ආණ්ඩුවේ ඇමතිවරු කීව ද පළමු වැනි පන්දුවාර 10 අවසාන වන විට ආණ්ඩුවේ කඩුළු ගණනාවක් ම දැවී ගොස් අවසාන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පෙරවරුවේ වැල්ලවත්ත මයුර කෝවිලේ පැවැති තෛපොංගල් දින විශේෂ ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;
ප්‍රශ්නය:
කොහොමද මේ ගමන තෛපොංගල් දිනය මේ භක්තිකයන්ට හොඳට සමරන්න ලැබුණා ද?
පිළිතුර:
ජනතාව තමයි තීරණය කරන්න ඕනෙ. අපිට පේනවා ඉන්ධන බිල ගත්තත්, විදුලි බිල ගත්තත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගත්තත් මේ කිසි එකක අද පාලනයක් නැහැ. ඇත්තටම මම දැක්කා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා, අපි මේ ටෙස්ට් මැච් එකක් ගහන්නේ කියලා. දැන් පළවෙනි ඕවර දහය ඉවරයි. හැබැයි අපිට පේනවා විකට් ගණනාවක් ම ගිහිල්ලා.
ජනාධිපතිට තමන් කතා කරපු දේවල් ඔප්පු කර ගන්න බැරිව, ක්‍රියා කරගන්න බැරිව, බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන බව අපට පේනවා. අගමැතිතුමිය බොහොම අසරණ තත්වයට පත් වෙලා තියෙන බව පේනවා. ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඒ වගේ ම වෙළඳ ඇමතිතුමා හුඟක් කතා පවත්වපු කෙනෙක් ඡන්දෙට පෙර දැන් එතුමාට මේ අත්‍යවශ්‍ය ආහාර මිල අඩු ගණනේ මේ කැකුළු හාල් ටික, හාල් ටික පොල් ටික දී ගන්න බැරුව. අස්වැන්නේ කිසිම අඩුවක් නැහැ. ඒක අපි බොහොම වගකීමෙන් කියනවා. පාලනය කර ගන්න බැරුව අමාරුවේ වැටිලා ඉන්නවා.
විදුලිබල ඇමති නැවත වතාවක් රටේ ජනතාව රවටමින් ඉන්නවා. අපි හිතනවා මහජන උපයෝගීතා කොමිසම මේ ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරලා විදුලි බිල අඩු කරයි කියලා. ආණ්ඩුව අඩු කරන්න සූදානමක් නෑ. අනුර හරිනි තෙල් බද්ද, අනුර හරිනි ලයිට් බද්ද එහෙම මයි.
වාහන පිළිබඳ තිබිච්ච හීනත් දැන් හම්බ කර ගන්න යන්නේ. බිලියන 280ක් වාහන ආනයනයෙන් බදු හැටියට අය කර ගන්න රේගු දෙපාර්තමේන්තුවට අණ දීලා තියෙනවා. ඒක මේ රටේ මහජනයාගෙන් තමයි ගන්න යන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත.
මැතිවරණයට අර කියපු දේවල් ගත්තා ම බෙහෙත් හිඟයි. නැවත වතාවක් බෙහෙත් වංචා සිද්ධ වෙනවා. ඉතින් බොහෝ ඇමතිවරු මේ වෙන කොට දැවී ගිහිල්ලා තියෙන්නේ; ටෙස්ට් මැච් එක ගහන්න ආවට පළවෙනි ඕවර් දහයෙ ම.
ප්‍රශ්නය:
පළවෙනි ඕවර් දහය අසාර්ථක වුණොත් ඊළඟ ඕවර් ටික ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි ද?
පිළිතුර:
මහජනයා තීරණය කරයි. ඉතින් මහජනයා නේ මේක ගෙනාවේ. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දයක් නෙමෙයි නේ. මහජනයා තීරණය කරයි මේ පිළිබඳ නිසි අවස්ථාව ආවා ම. ඉතින් අපි බලං ඉමු. අපි බොහොම පැහැදිලි කියන්න ඕනේ තමන් ඡන්දෙට පෙර කියපුවා, රැකියා විරහිත පිරිස් වලට හතළිස් දාහක් උපාධිධාරීන්ට රස්සා දෙනවයි කියපුවා, ආහාර මිල අඩු කරනවයි කියපුවා, මෝටර් සයිකල් හීන තරුණයින්ට සැබෑ කරනවයි කියපුවා, විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කියලා ජනාධිපති දීපු පොරොන්දු, සහ ගහන තෙල් බදු අයින් කරනවා කියලා ජනාධිපති, ඒ වගේ ම සුනිල් හඳුන්නෙත්ති මහත්තයා එහෙම දීපු පොරොන්දු. මේවා අපට හොඳට මතකයි. ඒ වගේම අපි කියනවා මේ ආණ්ඩුව දූෂිතයින්ට අත තියන්නෙ නෑ. E-Visa, E passport වංචාවට අත තියන්නේ නැහැ. දූෂිතයෝ කොහොම නිදැල්ලේ ඉන්නවා. ඒ අතරේ ඉතින් අර සුපුරුදු මාධ්‍ය සංදර්ශන පවත්වනවා.”
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..