ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ අතුරුදහන්වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පිළිතුරු දෙයි
ජනාධිපති මාධ්‍ය අංශයේ රුපියල් මිලියන 160 කට අධික වටිනාකමකින් යුත් උපකරණ අතුරුදහන් වී ඇති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහු අදාළ චෝදනා සම්බන්ධයෙන් පහත ප්‍රකාශය සිදුකර ඇත. ඒමෙසේය.
‘ජනාධිපති මාධ්‍ය අංශයේ උපකරණ රාශියක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදුකරනු පිණිස මෙම සටහන ඔබ වෙත ඉදිරිපත් කරමි.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බාරගැනීම වෙනුවෙන් මා වෙත ආරාධනාව ලැබුනේ 2022 වසරේ ජුලි 25 වන දිනයි. 26 වන දින ධුරයට අදාල පත්වීම බාරගත් අතර එදින සිටම රාජකාරී අරම්භ කළෙමි. එහිදී මා පළමුව සිදුකළේ ජනාධිපති මාධ්‍ය අංශය වෙත අනුයුක්ත සහ අනුමත නිළධාරීන් ප්‍රමාණය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ පවතින වට්ටෝරු භාණ්ඩ ලේඛනය විධිමත්ව පවතින්නෙද යන්න ගැන සොයාබැලීමත් ය. (මොකද රාජ්‍ය සේවයේ තනතුරු දරණ කාලසීමාවට වඩා ඉන් පසු කාලයේ එන ගැටලු ගැන පූර්ව අවබෝධයක් අත්දකීම් මතින්ම දන්නා නිසාවෙනි)
2022 අගෝස්තු මස වන විට සියලු ඒකකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් විධිමත්ව සැදුම්ලත් ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති වට්ටෝරු භාණ්ඩ ලේඛනය සහ ඒ වන විට ප්‍රධාන ඉංජිනේරු ගබඩාවේ සහ එක් එක් නිළධාරීන්ගේ නමට පැවති වට්ටෝරු භාණ්ඩ අතර යම් වෙනසක් ඇති බවට කරුණු අනාවරණය කරගැනීමට හැකි විය. ඒ පිළිබඳව එවකට ජනාධිපති ලේකම්වරයා වූ සමන් ඒකනායක මහතා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශයේ සමස්ථ භාණ්ඩ අභ්‍යන්තර විගණනයක් කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල අවසරය ලබාගත්තේය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම සහිත නිලධාරීන් 09 දෙනෙකුගේ දායකත්වය සහිතව මාධ්‍ය අංශයේ පරිපාලන නිලධාරී සහ ඉංජිනේරු අධ්‍යක්ෂ යටතේ විධිමත් ඇගයීමක් සිදුකෙරිණ.
මාස දෙකකට ආසන්න කාලයක් සිදුකළ තාක්ෂණික විගණනයෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ එවකට තිබූ භාණ්ඩ නියමාකාරයෙන් හදුනාගත් අතර, භාවිතයට ගත හැකි හා නොහැකි උපකරණද වෙන් වෙන් වශයෙන් හන්දුනාගන්නට හැකි විය. පසුව එම උපකරණ ලැයිස්තුව අපගේ වගකීමට යටත්ව කටයුතු කරන බවටත්, ඉන් පරිභාහිරව අස්ථානගත වී ඇති භාණ්ඩ පිළිබඳව සහ පූර්වයේ කළ විගණනයන්ට අදාළව හෙළිදරව් වී ඇති යම් ප්‍රශ්ණකාරී තැනක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපති කාර්‍යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර කෙරිණ. මේ පිළිඹදව මා විසින් අවස්ථානුකූලව සියලු අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විගණන හා කළමනාකරණ රැස්වීමේදී කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව 2022 ජුලි 26 වන දා සිට 2024 සැප්තැම්බර් 22 දින දක්වා ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති, එම කාලයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිලදී ගත් භාණ්ඩ පිළිබඳ සියලු වාර්තා සේවය අවසන් කළ දින ඒ වන විට පත්ව සිටි වත්මන් ජනාධිපති ලේකම්වරයාටද පිටපත් සහිතව විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව බාරදුන් බව තහවුරු කරමි. ඒ සම්බන්ධ සියලු ලිපිලේඛන මා සතුව පවතී.
මා විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් රාජකාරිමය වගකීම් දැරූ කාලසීමාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ වට්ටෝරුගත යම් භාණ්ඩයක් අස්ථානගතවී ඇති බවට හෝ අවභාවිතාවක් සිදුවී ඇති බවට තොරතුරු වේනම්, ඒ පිළිබඳව පැවැත්වෙන ඕනෑම විමර්ශනයකට මා වගකීමෙන් යුතුව පූර්ණ සහාය දක්වන බවට සහතික කරමි.
මගේ රාජකාරි කාලසීමාවට පෙර සහ රාජකාරි කාලසීමාවෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්‍යයන් හෝ තාක්ෂණික හෝ තාක්ෂණික නොවන උපකරණ සම්බන්ධයෙන් මා වෙත කිසිදු රාජකාරිමය බැඳියාවක් නොමැති බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..