අපේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට ආවේ වරප්‍රසාද භුක්ති විඳීමට නොවෙයි - ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
වර්තමාන ආණ්ඩුවේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණියේ වරප්‍රසාද සහ වරදාන භුක්ති විඳීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ අවධාරණය කර ඇත්තේ, ‘දිවයින ඉරිදා` (12) පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී ය. එම පුවත් පතේ මාධ්‍යවේදී, සිරිමන්ත රත්නසේකර යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ටිල්වින් සිල්වා ඒ බව අවධාරණය කර ඇත.
“ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 159 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔවුන්ගේ මන්ත්‍රී වැටුප පක්‍ෂයට ලබා ගන්නා බවත්, එම නිසා ඔවුන්ට සිය ජීවිතය ගෙන යන්න හරිහමන් මුදලක් නැති බවත් චෝදනා එල්ල වෙනවා” යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ප්‍රකාශ කර ඇත්තේ පහත සඳහන් පරිදි ය :
“මේ සුවිසල් ජයග්‍රහණය ලබා ගත්තේ අපි හැමෝ ම එකාවන්ව මහන්සි වෙලා. එම නිසා මන්ත්‍රීවරයකුට ලැබෙන දේවල් පොදුවේ මෙම ව්‍යාපාරයට අයිතිය යන අදහස අපට තිබෙනවා. මේ ව්‍යාපාරයට පිරිස් ආවේ සැප ජීවිත ගත කරන්න නොවෙයි. අපි කලින් ජීවත් වෙච්ච විදියට ම ජීවත් වෙමින් ස්වේච්ඡාාවෙන් වැඩ කරනවා” යනාදී වශයෙන් පිළිතුරු ලබා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..