ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2024 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය රුසියානු ශ්‍රි ලංකා මිත්‍රත්වයට හානි කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා මාධ්‍ය ආයාතනය එක්ව ජනවාරි මස 10 වනදා සිට පෙබරවාරි 2 වෙනිදා දක්වා කොළඹ ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිත ලෝක ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය 2024 රුසියාව සම්බන්ධයෙන් බරපතල වැරදි අර්ථකථනයක් ලබා දීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි. අද(12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මේ බව පැවසීය.
එම නිවේදනය මගින්,
"සාම්ප්‍රදායික රුසියානු ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා වල ආත්මීය පදනමට අනුරුප නොවන මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවසර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ වග කිව යුතු බලධාරින්ගෙන් නිසි ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය බලාපොරොත්තු වේ." යනුවෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.
ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මතභේදාත්මක 2024 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳව.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද '2024 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය' නම් , නිදහස් චතුරශ්‍රයේ පිහිටි "Arcade Independence Square " හි පැවැත්වෙන ප්‍රදර්ශනයේ රුසියානු විරෝධී ඡායාරූප ප්‍රදර්ශනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ව්‍යාකූලත්වයට පත්ව සිටී. එහි ප්‍රදර්ශනය වන ඡායාරූප බටහිර සහ කියෙව් පරිපාලනයන්ගේ අර්ථ නිරූපනයන් අවධාරණය කරමින් පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශ්වික ආකාරයකින් යුක්රේන කලාපයේ සිදුවන වත්මන් සිදුවීම් පිළිබිඹු කරනු ලබයි. එලෙසම, ඩොන්බාස් හි පදිංචිකරුවන්ට එරෙහිව සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයේ අපරාධ, යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන ජනගහනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, රුසියානු මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් ඝාතන සහ කියෙව් නාසි ජුන්ටාව විසින් මින්ස්ක් ගිවිසුම් ද්‍රෝහී ලෙස උල්ලංඝනය කිරීම් ප්‍රදර්ශනය කිරීම සංවිධායකයින් උවමනාවෙන්ම වැලකී සිටින බව පෙනෙන්නට තිබේ. එවැනි විෂය මූලික නොවන ප්‍රදර්ශන භාන්ඩ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම බටහිරයන්ගේ කුහකකම සහ ද්විත්ව රංගනය පිළිබඳ තවත් සාක්ෂියකි. ඒ අනුව සාම්ප්‍රදායික රුසියානු ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා වල ආත්මීය පදනමට අනුරුප නොවන මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවසර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වග කිව යුතු බලධාරින්ගෙන් නිසි ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය බලාපොරොත්තු වේ.
ලන්දේසි තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ගත් කල, ලන්දේසි යටත් විජිතවාදීන් විසින් සාපරාධී ලෙස ශ්‍රී ලංකාවෙන් පැහැර ගන්නා ලද, ශ්‍රී ලාංකේය ජනතාවගේ උරුමයන් වන, කෞතුක වස්තු ශ්‍රී ලංකාවට ආපසු ලබා දීම සඳහා අඛණ්ඩව උත්සාහකිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අපි නිර්දේශ කරමු.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්