ගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකල් 66 දෙනෙක් වෙඩි තියලා මරලා
2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා රට පුරා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම් බහුතරයක් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ වෙඩි තැබීම් බව පෙනී ගොස් තිබේ.
මෙයින් මරණ 13ක් පසුගිය මාස තුන ඇතුළත වාර්තා වී ඇති අතර ඒවා ද පාතාලය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම් බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීම් පිටුදැකීමට දැඩි උත්සාහයන් දැරුවද, විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන්ගේ සම්බන්ධය සහ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දූෂණය ඊට අභියෝගයකව තිබේ.
මෙම ගැටලුව විසඳීම සඳහා, බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල බලපෑම මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ද මීට පෙර නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
දත්තවලට අනුව, 2024 අග භාගයේදී සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය ඉහළ ගිය අතර, ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර වෙඩි තැබීම් 13කින් මරණ 10ක් වාර්තා වී තිබේ.
2025 ජනවාරි මස මුල සිදු වූ වෙඩි තැබීම්වලින් තවත් තිදෙනෙකු මියගොස් තිබිණි.
අම්බලන්ගොඩ, ගල්කිස්ස, දික්වැල්ල, පදවිය, ගම්පහ, කඳාන, මීගොඩ, මරදාන, මීටියාගොඩ, ජා-ඇල, ගාල්ල, සීදූව, වැලිගම සහ අහුංගල්ල ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතව වෙඩි තැබීම් සිදුව තිබිණි.
ආසන්නතම වෙඩි තැබීම ජනවාරි 9 වැනි දින අහුන්ගල්ලේදී සිදු වූ අතර, එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලැබීය.
අහුන්ගල්ල ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ලෙස හඳුනාගෙන ඇති එම පුද්ගලයා, ‘ලොකු පැටී’ ලෙස හඳුන්වන ප්‍රසිද්ධ පාතාල චරිතයක් වන සුජීව රුවන්කුමාර සමඟ සම්බන්ධයක් ඇති බව වාර්තා වේ.
2024 දී, වෙඩි තැබීමේ සිදුවීම් 103ක් වාර්තා වී ඇති අතර, ඉන් 56ක් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියැවේ.
එම වසරේ මියගිය පුද්ගලයන් 63 දෙනාගෙන් 45 දෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බව ද කියැවේ.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ අතරතුර ටී-56 ගිනි අවි 20ක් ද සොයා ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ සහ වෙඩි තැබීම් ඉහළ යමින් තිබියදී මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ මෙම ගැටලුව විසඳීමට වහාම පියවර ගන්නා ලෙසයි.
අවශ්‍ය අවස්ථාවන්හිදී විශේෂ කාර්ය සාධක බලකාය (STF) සම්බන්ධ කර ගැනීමට ද ඔහු නියෝග කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි