පෝට්සිටියට චීනයෙන් ඩොලර් මිලියන 120ක ආයෝජනයක්
ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන වරාය(Marina) ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ පැවැත්විණි.
හෙක්ටයාර 3.1ක් පුරා විහිදෙන අති නවීන සුඛෝපභෝගී නිකේතන වරාය ව්‍යාපෘතිය LOLC හෝල්ඩින්ග්ස් සමූහයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් CHEC පෝර්ට් සිටි සමාගම සමඟ හවුල්කාරිත්වයෙන් සිදු කරනු ලැබේ.
CHEC පෝර්ට් සිටි සමාගමේ ඩොලර් බිලියන 1.4ක ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ ප්‍රධාන ආකර්ෂණයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වනු ඇත.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සංචාරක හා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පැවසුවේ මෙම නිකේතන වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සඳහා පරිවර්තනීය පිම්මක් නියෝජනය කරනු ඇති බවයි.
යාත්‍රා 250ක ධාරිතාවයකින් යුත් මෙම නිකේතන වරාය ඩුබායි සහ ෆුකෙට් අතර ඇති එකම පූර්ණ සේවා නිකේතන වරාය ලෙස ස්ථානගත කර ඇති බව ද ඔහු පැවසීය.
රතු මුහුද, මාලදිවයින සහ ඈත පෙරදිග අතර ගමන් කරන සුඛෝපභෝගී යාත්‍රා සඳහා කොළඹ නිකේතන වරාය පැහැදිලිවම අතරමැදි සේවා සපයන ස්ථානයක් වනු ඇති බව ඇමැති හේරත් තවදුරටත් පැවසීය.
“මෙම ව්‍යාපෘතිය අපගේ සංචාරක ඉලක්ක සමඟ ගැළපෙනවා. එසේම රැකියා අවස්ථා, කුසලතා සංවර්ධනය, ආගන්තුක සත්කාර, සංචාරක සහ ඒ ආශ්‍රිත අංශවල දේශීය කුසලතා සඳහා අවස්ථා ලබා දෙනවා. 2025 සඳහා, අපි මිලියන 3ක සංචාරකයන් අපේක්ෂා කරනවා, එමඟින් ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගන්නයි බලාපොරොත්තුව. එය අපගේ ආර්ථික ප්‍රකෘතියට ඉතා වැදගත් ඉලක්කයක් ,” යනුවෙන් ද ඇමැති හේරත් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් පරිදි, පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා, ශ්‍රී ලංකාව ‘පොහොසත් රටක්’ ලෙස ගොඩනැංවීම සහ ජනතාවට ‘ලස්සන ජීවිතයක්’ සුරක්ෂිත කිරීම සහතික කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි