News Category
From Date
To Date
Maximum Number of Result

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ජනවාරි පළමුවෙනිදා ජාතික ධජය එසවීමේදී කළ වරදට ජාතික සංවිධාන වල විරෝධය පා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාට සංදේශයක්...

Jan 8, 2025 at 10:35 PM
|

නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුලස්ථානය වන ගොවිජන මන්දිරයේදී සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ උත්සවය පැවැත්වූ ජනවාරි 01 ජාතික ධජය එසවීමේදී බරපතල වැරැද්දක් සිදුකරනු ලැබුවේය. එම වරද කළ අය  සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්රයා ගන්න ක්‍රියා මාර්ග පිළිබඳව විමසීමට  ජාතික සංවිධාන කිහිපයක් විසින්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංදේශයක්  අද දින බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුවුනි.


මේ සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් වින්දන විදුර කුමාර(සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරය),ආචාර්‍ය සුපුන් ජයසිංහ(හෙළ අබිමන් ජාතික ව්‍යාපාරය),සඳුන් ගමගේ(ජාතික සංවිධාන එකමුතුව) ඇතුළු පිරිසක් සහභාගී විය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරයේ වින්දන විදුර කුමාර මහතා පවසා සිටියේ" ජාතික ධජය එසවීමේදී සිදුවූ බරපතල වරද සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රට හමුවේ කරුණු කියනු ඇතැයි අපි බලාපොරොත්තු වුනා. නමුත් එවැන්නක් අපට දකින්නට ලැබුණේ නැති නිසා අපි ජාතික සංවිධාන විධිහ්යට සිදූ වරද සම්බන්ධයෙන් කළ යුතු දේ ලිඛිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට අප පැමිණියා. නමුත් එතුමා කාර්යාලයේ නොසිටි නිසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිළධාරියා අදල ලිපිය භාර ගනු ලැබුවා. එහිදී මෙවැනි වරදවල් නැවත සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් අදාල සිදුවීමට සම්බන්ධ නිළධාරියට විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍ය සම්බන්ධීකාරකවරයා අපවෙත පවසා සිටියා." යනුවෙන් පැවසුවේය.

ඔවුන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත  ඉදිරිපත් කළ සංදේශය පහතින්,

ගරු ලේකම් තුමා,

එම් පී එන් එම් වික්‍රමසිංහමහතා,

කෘෂිකර්ම අමාත්‍යාංශය,

ගොවිජන මන්දිරය,

බත්තරමුල්ල.

ජනවාරි පළමුවැනිදා ගොවිජන මන්දිරයේ පැවැති "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත හඳුන්වාදීමේ උත්සවයේදී ජාතික ධජයට කළ අපහාසය සම්බන්ධවයි

පසුගිය ජනවාරි පළමුවනදා "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරින් වෙත හඳුන්වා දීමට සංවිධානය කළ ජාතික උත්සවයේදී ජාතික ධජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව සහ 1987/02/04 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද "ජාතික කොඩිය භාවිතා කිරීම සඳහා වූ රීති සංග්‍රහය" සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  ජාතික කොඩිය භාවිතය සඳහා හඳුන්වා දෙනු ලැබූ සම්පූර්ණ විස්තර විභාගය(ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය SLS 1: 2020) පැහැදිලි ලෙසම උල්ලංඝනය කර ඇති බව ඔබ තුමාද අනිවාර්යෙන් පිළිගන්නවා ඇතැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.

එදින ජාතික කොඩිය එසවීමේ සම්පූර්ණ සිද්ධිය අධ්‍යයනය කිරීමේදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්පුර්ණයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇතැයි තහවුරුවේ. අවසාන වශයෙන් ජාතික කොඩිය එසවීම ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම එසවීම හේතුවෙන් වැරැද්ද එතුමාගෙන් බැහැර නොවුවද ඔබ තුමා මෙම වරදෙහි සෘජු වග උත්තරකරුවා වන්නේය. ඔබ තුමා පෞද්ගලිකව අදාල කාර්ය අධීක්ෂණය නොකළේ වුවද  ඔබ තුමා විසින් මෙම කාර්ය භාර දුන් නිලධාරියා හිතා මතාම ජාතික ධජයට අවමන් කිරීමේ වුවමනාව පෙරදැරි කරගෙන මෙම විෂම ක්‍රියාව සිදු කළා විය හැක. අවසාන වග උත්තරකරුවා ඔහු වුවද, ධජය එසවූ ප්‍රධනාතම පුද්ගලයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාත් සමස්ථ උත්සවයම සංවිධානය කිරීමේ වගකීම දැරූ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබතුමාත් ජාතික ධජය වෙනුවෙන්ම වෙන් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙන චෝදනාව බැහැර කළ නොහැකි බව අපගේ හැඟීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයෙකු ලෙස ඔබතුමාත් නීති සම්පාදකයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට කළ දිවුරුම කඩා ඇති බවද ඔබතුමා අවිවාදයෙන් පිළිගන්නවා ඇත.ඒ අනුව ජනවරි පළමුවෙනිදා අදාල සිදිධිය සිදුවූ මොහොතේ පටන් ඔබ තුමා ඇතුළු සිද්ධියට වග කිව යුතු සියලු පාර්ශව ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දුන් දිවුරුම උල්ලංඝනය කර ඇති තත්වයක් තුල තවදුරටත් ඔබ තුමන්ලාගේ රාජ්‍යපාක්ෂික භාවය සැකයට තුඩු දෙන්නේය. ඒ අනුව එම නිෂ්චිත මොහොතේ පටන් ඔබ තුමා ඇතුලු වගකිවයුතු පාර්ශව මහජනයා සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් වලංගුභාවයක් ඇත්තේද යන කාරණය පුරවැසියන් වන අප තුල හට ගැනීම ස්වාභාවික බව ඔබ තුමා පිළිගන්නවා ඇතැයි අප විශ්වාස කරමු. ඒ අනුව මෙම බරපතල වරද නිවැරදි කිරීමට ඔබ තුමා පිලිගත හැකි පියවරක් ගෙන තිබේද එසේ පියවරක් ගෙන නොමැතිනම් එසේ වීමට හේතුව දැන ගැනීමේ පරම අයිතියක් අප සතුව ඇති බවද ඔබ තුමා පිලිගන්නවා ඇත.

යම් කිසි විදියකින් මෙම වරද සිදුවී ඇත්තේ අත්වැරද්දකින් නම් එම අත්වැරැද්ද කළ පුද්ගලයා හෝ පුද්ගලයන් පිරිසත් අමාත්‍යාංශ ලේකම්වරයාත් නියෝජ්‍ය ඇමතිවරයාත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට නව දිවුරුම් ප්‍රකාශයක් කිරීම මගින්  වරදට වගකිවයුතු අයවළුන් රාජ්‍ය පාක්ෂිකයන්  බවට මහජනයා තුල නැවැත විශ්වාසය තහවුරු වන බව අපගේ හැඟීමයි..

ඒ අනුව මෙම වරද නිවැරදි කිරීමට ඔබතුමා මැදිහත්ව ගත් ක්‍රියාමාර්ග ජාතිය හමුවේ එලිදරව් කරන ලෙස කාරුණිකව  අවධාරණය කරමි. 

ස්තුතියි,

මෙයට විශ්වාසී,

වින්දන විදුර කුමාර(සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරය)

ආචාර්‍ය සුපුන් ජයසිංහ(හෙළ අබිමන් ජාතික ව්‍යාපාරය)

සඳුන් ගමගේ(ජාතික සංවිධාන එකමුතුව)
2025.01.08



සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.