සිරිලංකාවට ආ අදානිගේ කොරෝනාව - ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
(ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති පෙයි-චිං නුවර සිට)
2025 ජනවාරි 2 වැනි දා රෑ 9:36 ට ඉන්දියාවේ ගෞතම් අදානිගේ NDTV වෙබ් අඩවියේ මහ භයානක, ඇඟ හරිවැටෙන ප්‍රවෘත්තියක් පළවුණා. නිකිල් පාණ්ඩේ කියන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කරකයා ලියපු ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ කෝවිඩ් වසංගතයෙන් අවුරුදු පහකට පස්සේ පුපුරලා ගිය අලුත් වයිරසයකින් චීනයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවක් සහ ආදාහනාගාර කාර්යබහුල වී ඇති බවක්. ඊට පහුව දා (ජනවාරි 3 වැනි දා) ඉඳලා මේ භයානක ප්‍රවෘත්තිය අපේ සිරිලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය එක විදිහට පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙවල්වල මිනිස්සු, යාළුවෝ කලබල වෙලා මට කතා කළා.
ඒත් මේ දවස්වල චීනයේ රැඳිලා ඉන්න අපිට එහෙම දෙයක් දකින්න නෑ. සියලු පාසල් සහ විශ්වවිද්‍යාල සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. බස්, කෝච්චි හැම එකක් ම වෙන දා වගේ ම සෙනඟ පුරවගෙන දුවනවා. කඩ සාප්පු, ආපනශාලා පුරුදු විදිහට මිනිස්සුන්ගෙන් පිරිලා තියෙනවා. මේ මිනිස්සුන්ගෙන් බහුතරයක් මුඛ ආවරණ පැළඳලත් නෑ. මුඛ ආවරණ පළඳින අයගෙන් සෑහෙන පිරිසක් කරන්නේ මේ දවස්වල තියෙන තද සීතලෙන් ආරක්‍ෂා වෙන්න.
එහෙම නම් අදානිගේ කට්ටිය හොයාගත්ත අලුත් වයිරසය මොකක්ද?
මේකට කෙටියෙන් කියන්නේ HMPV කියලා. ඇත්තෙන්ම, අදානිගේ කට්ටිය අලුතින් හොයාගන්න අවුරුදු 24 කට කලින් - 2001 අවුරුද්දේ, තමයි මෙහෙම වයිරසයක් තියෙන බව මුලින් ම තහවුරු කරගත්තේ. ඒ හඳුනාගැනීම කළේ නෙදර්ලන්තයේ ළමයි 28 දෙනෙක් සම්බන්ධ කරගෙන කරපු පර්යේෂණයකින්. මේ කියන්නේ HMPV ඉපැදුණේ 2001 අවුරුද්දේ කියන එක නම් නෙවෙයි. අලුත් හඳුනාගැනීම සම්බන්ධ කරගෙන කලින් කරලා තිබුණු නිරීක්‍ෂණ විශ්ලේෂණය කළාම පැහැදිළි වුණා අඩුම තරමින් ඊට කලින් අවුරුදු 50 ක් විතර මේ වයිරසය හින්දා ශ්වසන රෝග ඇතිවෙලා තියෙනවා කියලා. ඉතින් මේක අවුරුදු හැට - හැත්තෑවකට වඩා පරණ “අලුත්” වයිරසයක්!
මේ වයිරසය හින්දා ඇතිවෙන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සා තත්ත්වයක්. ළදරුවෝ, වයස අවුරුදු 65 ට වැඩි වයසක අය, ඇදුම වගේ රෝගවලින් පෙළෙන අය, පිළිකාවලට ගොදුරුවෙලා ඉන්න අය මේ හෙම්බිරිස්සාවෙන් පීඩාවට ලක්වෙන්න පුළුවන්. මොන විදිහකින් හරි ප්‍රතිශක්තිය අඩු අයට තමයි මේක වදදෙන්නේ. මේ හෙම්බිරිස්සාවට පත්වෙලා මරණයට පත්වෙන අය ඉතාමත් අඩුයි. ඉපැදිච්ච ගමන් දරුවෙක්ට මෙහෙම හෙම්බිරිස්සාවක් හැදුණොත් ඒක මාරාන්තක වීමේ ඉඩක් තියෙනවා.
උතුරු අර්ධගෝලයේ තියෙන රටවල්වල ශීතල කාලයේ අන්තිමේ සහ වසන්ත කාලයේ මුල තමයි මේ වයිරසය ඔළුව උස්සන්නේ. ඉතින් එහෙම වයිරස් ආසාදනය වැඩිවෙද්දි වගකීමක් තියෙන රටවල් ඒ ගැන වාර්තා ප්‍රසිද්ධ කරනවා. අවදානම් කාණ්ඩවල ඉන්න අයට පරිස්සම්වෙන්න කියලා අවවාද කරනවා. පහුගිය දෙසැම්බර් අන්තිමේ චීනයේ මෙහෙම වාර්තාවක් නිකුත් කළා. ඒක හැම අවුරුද්දේ ම සාමාන්‍යයෙන් නිකුත් කරන වාර්තාවක්. ඇත්තෙන්ම, මේ අවුරුද්දේ වාර්තාවෙලා තියෙන HMPV ආසාදන ප්‍රමාණය ගිය අවුරුද්දට වඩා අඩුයි.
ඒත් අදානිලාට මේ කරුණු කාරණා අදාළ නෑ. අපේ මාධ්‍ය හනුමන්තලාත් මෙහෙම ටොම් පචයක් දැක්ක ගමන් ම අගක් මුලක් හොයන්නේ නැතුව හතර වටේ ගිනි තියනවා. අදානිගේ NDTV එක මෙහෙම ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළත් රොයිටර්, AP, AFP වගේ බටහිර බලවත් මාධ්‍ය නියෝජිත ආයතන මේ ගැන වචනයක්වත් කිව්වේ නෑ. ඇමෙරිකාවේ, එංගලන්තේ, ප්‍රංශයේ පවා මේ හෙම්බිරිස්සාව තියෙන හින්දා තමයි ඒ අය මේක ප්‍රවෘත්ති වටිනාකමක් නැති කාරණයක් විදිහට දකින්නේ.
කොහොම වුනත්, ජනවාරි 6 වැනි දා හින්දු පත්තරේ පළ කරපු වාර්තාවකින් කියනවා “HMPV ගැන බයවෙන්න ඕන නෑ” කියලා. ඒ ඇයි කියලා දන්නවා ද? ඉන්දියාවෙත් මේ හෙම්බරිස්සාව තියෙනවා!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..