
පාලකයන්ට හොඳ පැත්ත පෙන්වා දුන්නත් යන්නෙම වැරදි පාරක - මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති
රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සහ මහනුවර කෞතුක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිලි දෙකක් ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගැනීමට එරෙහිව මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නිලධාරීන් මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය .
එහිදී එම වෘත්තිය සමිති නිලධාරීන් මහානායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ නුවරඑළියට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන මෙම ඉපැරණි ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙසට මහනායක හිමියන් මැදිහත්ව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි .
එහිදී මහා නායක හිමියන් වෘත්තී සමිති නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ නුවරඑළියේ එම කෞතුක ගොඩනැගිල්ල වෙනත් කටයුත්තකට යොදා ගන්නවාට එරෙහිව විදේශිකයන් පවා විරෝධතාවයේ යෙදෙන අයුරු තමන් වහන්සේ දුටු බවයි .
එම ගොඩනැගිල්ල මීට පෙර දී ද මේ ආකාරයෙන් අත්පත් අත්පත්කර ගැනීමට උත්සහ කළා නේදැයි මල්වතු මහ නාහිමියන් වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී ඔවුන් මහා නා හිමියන් හමුවේ පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා අගමැති ධූරය දැරූ 2018 වසරේ දී මේ ආකාරයෙන්ම එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවයි .
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
