රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් පිටුපස මිනිස් ජාවාරම්ද?
මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊටමියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊට තිබිය හැකි දේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2024 දෙසැම්බර් 19 වැනි දින උදෑසන, රෝහින්ග්‍යා සරණාගතයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරය දෙසට පැමිණ තිබිණි.
ඔවුන් දැනට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින අතර රජය විසින් ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර පවසන්නේ මෙම සරණාගතයන් සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
“අපි මුලදී ඔවුන්ට මානුෂීය පදනමක් මත උදව් කරනවා. ඔවුන් තවමත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස සළකනවා. අපි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඔවුන්ට මූලික පහසුකම් ලබා දිය යුතුයි. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) වැනි පාර්ශව සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙනවා,” යනුවෙන් ඔහු පවසා තිබේ.
පසුගියදා මෙරටට පැමිණි සරණාගතයන් පවසා ඇත්තේ ඔවුන් මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් පිටව ආ බවයි.
මෙය ගැටලු සහගත බව ඔහු සඳහන් කළේය.
“යන්නේ කොහෙද කියන එක ගැන අදහසක් නැතුව බෝට්ටුවකට නැඟීම සහ විශේෂිත ගමනාන්තයකට ළඟාවීමේ චේතනාවෙන් බෝට්ටුවකට ගොඩවීම කියන්නේ දෙකක්. ඒ නිසා මෙය මිනිස් ජාවාරමට සම්බන්ධ දෙයක් දැයි සැකයක් මතු වෙනවා. ඒ අනුව මෙය මිනිස් ජාවාරමට සම්බන්ධද යන්නත්, එවැනි ක්‍රියාකාරකම්වලට ප්‍රාදේශීය නියෝජිතයන් නායකත්වය දෙන්නේද යන්න පිළිබඳවත් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පරීක්‍ෂණ පවත්වනවා.” යනුවෙන් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික බැඳීම්, අන්තර්ජාතික නීති සහ ජාතික ආරක්‍ෂාව වැනි අංශ කිහිපයක් ගැන රජය සළකා බැලිය යුතු බැවින් අදාළ සරණාගතයන් පිරිස රඳවා ගන්නේද නැතහොත් ඔවුන් පිටුවහල් කරන්නේද යන්න පිළිබඳ රජය තවමත් තීරණය කර නොමැති බව ඔහු සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්