
අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාවක් එළියට
ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස්කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව එම නව ව්‍යවස්ථා කෙටුම්පතේ සඳහන් වෙයි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් කර තිබේ.
එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු පත්කරන ලද සාමාජිකයන් වන අතර, 10 දෙනෙකු ඡන්දයක් මඟින් තෝරාගැනීම සිදු කරයි.
පත්කරනු ලබන 08 දෙනා තෝරාගැනීම සඳහා වෙනම 06 දෙනෙකු ගෙන් සමන්විත නාමයෝජනා කමිටුවක් සකස් කර ඇති අතර, එහි සාමාජිකයන් පහතින් දැක්වෙයි.
1) ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති
2) වරලත් ගණකාධිකාරවරුන් ගේ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන ලද එම ආයතනික කමිටු සාමාජිකයෙක්.
3) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙක්.
4) ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.
5) slid ආයතනයේ සභාපතිවරයා හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.
6) CIMA ආයතනයේ ප්‍රධානියා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.
ඉහත නම් කරන ලද කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා නම් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 18 දෙනා අතරින් සාමජිකයන් 08 දෙනෙකු තෝරා පත්කර ගැනීම සිදු කළ යතු බව නව ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි සාමාජිකයන් 10 දෙනා අතරින් 05 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා සමාජවලින් නිලවරණයකින් තෝරා ගත යුතු බව නව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි.
ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 05 දෙනා තෝරාගනු ලබන්නේ පහත සඳහන් ආකාරයටය,
ක්‍රීඩකයන් ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
පාසල් ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
කාන්තා ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
විනිසුරුවරුන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
පුහුණුකරුවන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්
ඉහත සඳහන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම්වල හරහා අධ්‍යක්ෂවරුන් තෝරාපත්කර ගැනීම ඒ ඒ සංගම් සහ ක්‍රීඩා සමාජ හරහා සිදු කළ යුතු බව ද එම නව ව්‍යවස්ථා කෙටුම්පතේ දැක්වෙයි.
ජනපති විසින් මීට පෙර පත්කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වය දැරූ කමිටුව විසින් කෙටුම්පත් කරන ලද මෙම ක්‍රිකට් නව ව්‍යස්ථාව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
