මම කළේ විහිළුවක්.. විහිළුවක් තේරුම් ගන්න බැරි අය සිටීම ගැන කණගාටුයි - චන්දන අබේරත්න
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න තමා විමසා සිටියේ රිළා සහ මොනර මස් ආහාරයට ගත යුතුයි යන අදහසින් නොවන බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න පැවැසීය.
තමා එවැන්නක් ප්‍රකාශ කළේ විහිළුවට බවත් විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මෙම රැස්වීම සඳහා ආණ්ඩුකාරවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු සහභාගී වූහ. එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න විමසා සිටියේ සභාවේ සියල්ලන් සිනා සාගරයේ ගිල්වමිනි.
කෙසේ වෙතත් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඇමැතිවරයාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.
"එයින් රිළා මස් මොනර මස් ආහාරයට ගන්න කියලා අදහස් කළේ නැහැ. විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක්. රිළා මොනර ප්‍රශ්නයට කඩිනමින් යටි වගාවන් ආරම්භ කරනවා." තවද එහිදී තවමත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඌරු මස් පරිභෝජනයට නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..