
වක්‍රව සහ වංචනිකව සුභාස්කරන් අල්ලිරාජා දේශීය මාධ්‍ය අත්පත් කර ගන්නවා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කර ගැනීම් සිදු කරමින්’ මෙරට සිය මෙහෙයුම් ක්‍රියාකාරීව ව්‍යාප්ත කරමින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක සඳහන් වේ.
අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ ජාමුනි කමන්ත තුෂාර විසිනි.
අදාළ ගනුදෙනු ප්‍රොක්සි හරහා සිදුකර ඇත්තේ මාධ්‍ය ආයතනවල අයිතිය විදේශීය ආයතනවලට තහනම් කරන ශ්‍රී ලංකා රෙගුලාසි මග හැරීම සඳහා බවත් එලෙස ශ්‍රී ලංකා නීති උල්ලංඝනය කිරීම ජාතික ආරක්ෂාවට සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල විය හැකි බරපතළ තර්ජනයක් බවත් පෙත්සමෙහි සඳහන් වේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, සියලුම කැබිනට් සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සංඛ්‍යාත හිමියන් ඇතුළු සමාගම් දහයක් සහ සමාගම් අධ්‍යක්ෂවරුන් මෙන්ම අල්ලිරාජා සහ ඔහුගේ බිරිඳ ඇතුළුව වගඋත්තරකරුවන් හැටක් පෙත්සමේ නම් කර ඇත.
ලයිකා සමූහ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව හිමි සහ පාලනය වන හෝ අයත් සමාගම් අටක් එම පෙත්සමේ ලැයිස්තුගත කර ඇත.
එම සමාගම් ශ්‍රී ලංකාවේ එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන බලපත්‍ර සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලබා දුන් රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන සංඛ්‍යාත බලපත්‍ර දරයි.
“නීතිවිරෝධී, වැරදි, වංචනික සහ ප්‍රොක්සි හරහා, ලයිකා සමූහය දැනට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 11ක් පාලනය කරයි” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.
VIS Broadcasting (Pvt) Ltd විසින් මොනරා TV, සිත FM, රෙඩ් FM සහ තමිල් FM විකාශනය කරන අතර GMR Networks (Pvt) Ltd විසින් ආදවන් TV සහ ආදවන් Radio විකාශනය කරයි.
Colombo Communications (Pvt) Ltd හරහා ශ්‍රී FM, රන් FM සහ ඊ FM විකාශනය කරන අතර EAP Broadcasting Company (Pvt) Ltd විසින් ස්වර්ණවාහිනී සහ ETV විකාශනය කරයි.
පුද්ගලයන් කිහිප දෙනෙකු ද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත.
ඔවුන් අතර බෙන් හෝල්ඩිංග්ස් හි සමූහ අධ්‍යක්ෂ සහ ලයිකා මොබයිල් එක්සත් රාජධානියේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගෝවින්දසාමි තුරෙයිඅප්පා ජෙයසීලන් සහ නම් කර ඇති සමාගම් කිහිපයක කොටස් හිමියකු වන නිරුතන් රාජසුන්දරම් ඇතුළත් වේ.
ඔවුන් දෙදෙනාම විස්තර කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක නිෂ්කාශන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති පුද්ගලයන් ලෙසය.
එසේ තිබියදීත්, ජෙයසීලන් සහ රාජසුන්දරම් දැන් මාධ්‍ය නාලිකා කිහිපයක් සහ විකාශන බලපත්‍ර පාලනය කරන්නේ ‘වංචනික හා වක්‍ර යෝජනා ක්‍රම හරහා’ බව පෙත්සමෙන් කියාසිටී.
“එම තත්ත්වයන් තුළ, පිදුරුතලාගල සම්ප්‍රේෂණ කුළුණ ඇතුළු රට තුළ ප්‍රධාන සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ඇති මාධ්‍ය නාලිකා සහ විකාශන ආයතන 11කට වැඩි ගණනක් ක්‍රියාත්මක කිරීමට අවසර දීම ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ තර්ජන එල්ල කරයි.” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
