News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික කොඩිය රාජ්‍ය උත්සව අවස්ථාවක වැරදියට එසවීම එයට කරන අපහාසයක් මෙන්ම පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය උල්ලංඝනය කිරීමක්- නීතිඥ සවනි රාජකරුණා

Jan 5, 2025 at 12:29 AM
|

ජාතික ජන බලවේගය ආණ්ඩුව සමස්ත ශ්‍රී ලංකාවම සකලවිද ආකාරයෙන් පිරිසිදු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය ජනවාරි පළමු වැනිදා එම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය වන ගොවි ජන මන්දිරයේදි පැවැත් වුණි. එම උත්සවය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි. එහිදී උත්සවය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අමාත්‍යවරයා සහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ජාතික කොඩිය එසවීම සිදු කරනු ලැබුවේය. කෙසේ වුවද ජාතික කොඩිය එල්ලා තිබුණේ කොඩියේ ඇති සිංහයාගේ වලිගය කොඩි කණුව දෙසට වන්නටය. එය ශ්‍රී ලංකාවේ ජාතික කොඩියට කරනු ලබන අපහාසයක් ලෙසට සමාජය තුළ බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ. ඒ අනුව ජාතික කොඩිය එසවීම සහ එය පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමයේ නීතිමය ස්වභාවය සම්බන්ධයෙන් අප නීතිඥ සවනි රාජකරුණා මෙනෙවියගෙන් විමසා සිටියෙමු. එහිදී ඇය දැක්වූ අදහස් පහත පරිදිය...

" 19 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 33 (1) වගන්තියෙහි ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය විය යුතුය යනුවෙන් සඳහන් වූවා. එහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා ඉතා වැදගත් තර්කයක් ඉදිරිපත් කළා. ඒ බව ගරු අධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ සඳහන් කර ඇත්තේ මෙසේය.,

'අපේ ජාතික කොඩියේ ආරම්භය ජාතික කොඩිය සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාවක් මත පදනම් වූවක් බව නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී, කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් පෙන්වා දුන්නේ 1979 දී ජාතික කොඩිය භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර 1981 දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පටිපාටියක් තිබෙන බවයි. එම පටිපාටියට අනුව  අප සෑම කෙනෙකුම ජාතික කොඩිය ගැන වඩාත් ගැඹුරින් සිතිය යුතුයි. අපගේ ජාතික කොඩිය අපගේ නෙත ගැටෙන විට අපගේ උරහිස් ස්වයංක්‍රීයව සෘජු වනු ඇත. අපගේ හදවත් මේ අපේ මව්බිම යන සිතුවිල්ලෙන් පිරී යයි. මේ අනුව, ජාතික කොඩියෙන් ලබා දෙන පණිවිඩය සහ එහි වැදගත්කම පහත පරිදි වේ:-

ජාතික කොඩියට ගරු කරන්න, එය ඔබව දිරිමත් කරනු ඇත. ජාතික කොඩියේ මූලික පණිවිඩය මෙයයි. එය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ළඟා විය යුතු පණිවිඩයක් වන්නේ ජාතික කොඩිය අපගේ මාතෘ භූමියේ, අපගේ නිදහසේ සහ අපගේ ජනතාවගේ එකමුතුකමේ සංකේතයක් වන නිසයි. එලෙසම ජාතික කොඩිය ජාතියේ අනාගතය පිළිබඳ අපගේ බලාපොරොත්තු සහ අභිලාෂයන්හි සංකේතයකි. මේ අනුව ජාතික කොඩිය අපේ ජනතාවගේ එකමුතුකමේ සංකේතය බව නිශ්චිතවම ප්‍රකාශ කර ඇත. ඉහත කරුණු සලකා බැලීමේදී 5 වැනි වගන්තියේ 33 (1) ඡේදය වැරදි බවත් (ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය බවට වන වගන්තිය) ඉවත් කළ යුතු බව අපගේ අදහසයි.' යනුවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇත.

එලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය වෙන් වන්නේ ජාතික කොඩිය වෙනුවෙන්මය. එම වගන්තියේ, ශ්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය දෙවන උපලේඛනයේ දැක්වෙන සිංහ කොඩිය විය යුතුය යනුවෙන් පැහැදිලිවම දක්වා තිබෙනවා.

එලෙසම, ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිවැරදිව ප්‍රදර්ශනය කිරීම සඳහා වන රීතිය "ජාතික කොඩිය භාවිතා කිරීම සඳහා වූ රීති සංග්‍රහය" 1987/02/04 ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලැබුවා. එලෙසම  "ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  ජාතික කොඩිය භාවිතයේ සඳහා සම්පූර්ණ විස්තර විභාගය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය SLS 1: 2020 ලෙස නිවැරදිව ලේඛනගත කර තිබෙනවා. 

එම රීති සංග්‍රහයේ 6(ඈ)  රීතියේ පැහැදිළිවම නියම කර ඇත්තේ ජාතික කොඩිය ඔසවා තැබිය යුත්තේ එහි සිරස්  තීරු දෙක කොඩිගහ දෙසට පිහි⁣ටන පරිද්දෙන්  විය යුතු බවය. එම පිහිටීම රීතින්වල 2 වන රූප සටහනේ පෙන්වා දී තිබේ. ජාතික කොඩිය එසවිය යුතු ආකාරය, එසවිය යුතු අවස්ථා, එහි ප්‍රමාණය යනාදි සියලු කාරණා පනවා ඇති රීතින් වලට අනුව විය යුතුය. මෙම රීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය සමග බලාත්මක විය යුතු බව ඉහත සඳහන්  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව පැහැදිලිය. ජාතික කොඩිය එම රීතින්වලට අනුකූලව පාවිච්චි කිරීමට සෑම පුරවැසියෙක්ම ව්‍යවස්ථාමය වශයෙන් බැඳී සිටියි.

ඒ අනුව ජාතික කොඩියේ සිරස් තීරු දෙක කොඩි ගසට විරුද්ධ දෙසින් පිහිටන පරිදි එසවීම ජාතික කොඩිය එසවීම පිළිබඳ රීති සංග්‍රහය සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (6 වන ව්‍යවස්ථාව) උල්ලංඝනය  කිරීමක් බව නීතිඥවරියක ලෙස අවධාරණය කරනවා."

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.