අඩු මිල බෝතලේට වෛද්‍ය සංගමයේ විරෝධය
සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.
නීත්‍යනුකූල මත්පැන් මිල අඩු කිරීම හරහා නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට බැඳිය නොහැකි යැයිද මිල අඩු වූ විට තරුණ පිරිස් සහ සමාජ ආර්ථික වශයෙන් දැඩි බලපෑමට ලක්වූ කණ්ඩායම් අතර මත්පැන් පරිභෝජනය ඉහළ යන බව සුරාබදු දෙපාර්තමේන්තුව නොදැන සිටීම කණගාටුවට කරුණක් යැයිද පවසමින් එම සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ හා දුම්කොළ, මද්‍යසාර සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මියගේ අස්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.
නීති විරෝධී මද්‍යසාර භාවිතය රට පුරා බහුලව සිදුවන බවට මත්පැන් කර්මාන්තකරුවන් කරන ප්‍රකාශ සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව එකඟ වීම විස්මය දනවන්නක් යැයි පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සැබැවින්ම නීත්‍යනුකූල මද්‍යසාර නිෂ්පාදන භාවිතයට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඉතා අඩු මට්ටමක යැයි අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය සහ අනෙකුත් අධ්‍යයන මඟින් මේ බව පැහැදිලිව අනාවරණය කොට ඇතැයිද ඊට අභියෝග කළ හැකි ස්වාධීන අධ්‍යයනයක් තිබේ නම් ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද එම ලිපියේ සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශ බොරු.. - රටේ ජීවන බර ඉහළ යාම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. - පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්