යහපාලන සෞඛ්‍ය ක්‍රමවේදයෙන් විශාල ගසාකෑමක්
වෛද්‍ය උපකරණ සහ ඖෂධවේදී නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේදී පැවැති ක්‍රමවේදය වෙනුවට යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකු විසින් අත්තනෝමතිකව ක්‍රියාත්මක කළ ක්‍රමවේදයක් නිසා රජයේ මුදල් විශාල වශයෙන් ගසාකෑමක් සිදුවන බවට වෛද්‍ය උපකරණ ගෙන්වන ආයතන ප්‍රකාශකයෙක් ජාතික පුවත්පතකට පවසා ඇත.
ඔහු එහිදී පවසා ඇත්තේ 2015 ට පෙර පැවැති ක්‍රමවේදය අනුව වෛද්‍ය උපකරණ නිෂ්පාදනයන් මෙරටට ආනයනය කිරීම සඳහා පියවර දෙකක් පැවැති අතර පළමුව එහි සාම්පලයක් ලියාපදිංචි කළ යුතුය. බලපත්‍රය ලබාගැනීම සඳහා මාස එකහමාරක් පමණ කාලයක් ගතවේ. පසුව එම භාණ්ඩය ලියාපදිංචි කළ යුතුය. ඒ සඳහා තවත් මාස හයක පමණ කාලයක් ගතවේ. වසරක පමණ කාලයක් තුළ එකී භාණ්ඩ ආනයනය සඳහා අවසර ලැබෙන අතර ඊට වැය වූයේ රුපියල් දස දහසක මුදලක් පමණක් බවයි.
ලියාපදිංචිය සඳහා මාස කිහිපයක් හෝ වසරක් යන නිසාත් ලියාපදිංචි ගාස්තු සඳහා එක් නිෂ්පාදනයක් සඳහා වැය වන්නේ රුපියල් දසදහසක් පමණක් නිසාත් ලියාපදිංචි වන ආයතන සංඛ්‍යාවද ඉහළ අගයක් ගනී. මේ නිසා විශාල තරගකාරීත්වයක් ඇතිවේ. මේ තරගකාරීත්වය නිසාම ටෙන්ඩර් කැඳවීමේදී රජයට විශාල මුදලක් ඉතිරිවන බවද පවසයි.
මේ ක්‍රමවේදය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීම නිසා ඔහුගේ පූර්ණ බලපෑම මත වෙනත් අතරමැදි ආයතන කිහිපයකට පමණක් විශාල ලාභ ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.
නිෂ්පාදනයත් ගෙන්වීම සඳහා ලියාපදිංචිය සඳහා ක්‍රමවේද තුනක් සැකසිනි. මේ සඳහා පළමුව පිටරටකට අයත් ආයතනයක ලියාපදිංචි කළ යුතුය. ඒ සඳහා ලක්‍ෂ 05ක් අය කරන අතර සාම්පල ලියාපදිංචිය සඳහා තිස්පන්දහසක මුදලක් අය කෙරේ. එක් නිෂ්පාදනයක් ලියාපදිංචිය සඳහා හාරලක්‍ෂ තිස්දහසක් අය කෙරේ. එහෙත් මේ සඳහා වසර දෙකත් තුනත් අතර කාලයක් වැය වන බවද සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..