‘රුපියල් 6000 දීමනාව ලබා දීමේ තීරකයා විදුහල්පති’ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි
රුපියල් 6,000ක දීමනාව ලබා දීමේදී දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව ත් තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් පිළිබඳව සොයා බලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 31) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
මව හෝ පියා අහිමි දරුවන්, ළමා නිවාසවල දරුවන්, ආර්ථික අර්බුද නිසා මව්පියන්ගේ රැකියා අහිමි වූ දරුවන් වගේ ම මෙම සහනය ලැබීය යුතු යැයි විදුහල්පතිවරුන්ට හැඟෙන දරුවන්ගේ නම් ඊට ඇතුළත් කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, පාසල් සිසුන්ට රුපියල් 6000 දීමනාව ලබා දෙන ආකාරය පිළිබඳව ජනතාවට වැටහීමක් නොමැති යැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමේදීය.
එහිදී ඇති වූ සංවාදය මෙසේය.
ප්‍රශ්න : පාසල් සිසුන්ට රුපියල් 6000 දීමනාව දෙන ආකාරය ගැන ජනතාවට වැඩි වැටහීමක් නෑ. නිසියාකාරව සන්නිවේදනය වෙලා නෑ?
අමාත්‍යවරයා : “ප්‍රධාන කාණ්ඩ දෙකක දරුවන්ට මේ සහනය ලැබෙනවා. දැනටමත් අස්වැසුම ප්‍රතිලාභී දරුවන් සිටිනවා. ඒක පැහැදිලියිනේ. නමුත් අස්වැසුම පවුල්වල දරුවෝ පමණක් නෙවෙයි මේ ප්‍රශ්නයට මුහුණ පා තිබෙන්නේ. ඒ නිසා තමන්ගේ පාසලේ ඉන්න සහනය ලැබිය යුතු දරුවන්ගේ ලේඛන හදන්න විදුහල්පතිවරුන්ට කිව්වා. මව හෝ පියා අහිමි දරුවන්, ළමා නිවාසවල දරුවන්, ආර්ථික අර්බුද නිසා මව්පිය රැකියා අහිමි වූ දරුවන් වගේ ම විදුහල්පතිවරුන්ට දැනෙනවා නම් මේ සහනය යම් දරුවෙකුට ලැබිය යුතුයි කියල ඊට ඔවුන්ගේ නම් ඇතුළත් කළ හැකියි.”
ප්‍රශ්න : ලබා දෙන්නේ වවුචරයක්ද? නැත්තන් ගිණුමට මුදල් ද?
අමාත්‍යවරයා : “මුදල් අමාත්‍යාංශය කියාවි. දරුවාට පොත පත ගැනීම සඳහා ම ක්‍රමවේදයක් හදන්න උත්සාහ කරනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..