රැකියා සඳහා වැඩි ම පිරිසක් රට හැර යාම 2024දී
2024 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි ම පිරිසක් රැකියා සඳහා විදේශගතවී ඇති වර්ෂය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද (දෙසැ. 31) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
පසුගිය වර්ෂය තුළ විදේශගතවූ ප්‍රමාණය 312,836 ක් බව ත් මීට පෙර වැඩි ම පිරිසක් විදේශගතවී ඇත්තේ, 2022 වර්ෂයේ බව ත් එම කාර්යංශය සඳහන් කළේ ය.
එසේ ම, පසුගිය වසර 6 තුළ (2019-2024) ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 13 ක් රැකියා සඳහා විදෙස්ගතවී ඇති අතර පසුගිය 2024 වර්ෂය තුළ පිරිමි ශ්‍රමිකයින් 185,162 ක් හා කාන්තා ශ්‍රමිකයන් 127,674 ක් රැකියා සඳහා විදේශගතවී තිබේ.
ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශගතවී ඇත්තේ, කුවේට් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 77,546 කි.
දෙවනුව වැඩි වශයෙන් විදේශගතවී ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 51,550 කි.
පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බව එම කාර්යංශය සඳහන් කරයි.
ඒ අනුව, 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,098 දෙනෙකු ද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,665 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,665 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව කාර්යංශය පෙන්වා දෙයි.
පසුගිය 2024 නොවැම්බර් මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,462 ක් මෙරටට ප්‍රේෂණ ලෙස ලැබී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්