News Category
From Date
To Date
Maximum Number of Result

ජනතා සිහින යථාවක් කිරීමට 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු - ජනාධිපති නව වසරට සුබ පැතුම් එක්කරමින් කියයි

Dec 31, 2024 at 12:52 PM
|

 ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

2025 නව වසර වෙනුවෙන් සුබපැතුම් කරන ජනාධිපතිවරයා පවසන්නේ, නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බවයි.

ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

‘ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.
දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.

මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත. මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.

“සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා !”යි, සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි.’

සම්බන්ධිත පුවත් | Related News

සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.
රුසියාව විසින් රහසිගතව පවත්වාගෙන යනු ලබන ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රහාරක පද්ධතියක් වන "ඩෙඩ් හෑන්ඩ්" (The Dead Hand / Perimeter) පිළිබඳව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන 2026 - 2031 කාලසීමාව තුළ මේ රටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇත.
ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.