සජබ දෙදරයි.. ඉමිතියාස්ගෙන් සජිත්ට කොන්දේසි 12ක රතු නිවේදනයක්.!
සමගි ජන බලවේගයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා එම පක්ෂයේ නායකයා සහ මහ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ, නායකයන් නිර්මාණය කිරීමේදී පැරෂුට්කරුවන්ටත් ප්‍රචාරණයේදී කොන්ත්‍රාත්කරුවන්ටත් අවස්ථා නොදී නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරනා ලෙසයි.
නිර්දේශ 12ක් සහිතව එම ලිපියෙන් බාකිර් මහතා අවධාරණය කර ඇත්තේ, පක්ෂය දරන්නා වූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස, ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන් එක හඩකින් කතා කිරීමට පෙළගස්වා ගනිමින් එම ප්‍රතිසංවිධානය කළ යුතු බවයි.
බාකීර් මාකාර් මහතා යොමුකළ එම ලිපියේ අඩංගු නිර්දේශ 12 මෙසේය.
- පක්ෂය දරන්නාවූ මතවාදය ගැන එක ස්ථාවරයකට පැමිණ කණ්ඩායමක් ලෙස ඉහළ සිට පහළ දක්වා ක්‍රියාකාරිකයන්, එක හඬකින් කතා කිරීමට පෙළගස්වා ගැන්ම. එවිටයි ඒ මතවාදය සාර්ථක ලෙසින් සමාජගත කළ හැකි වන්නේ.
- පක්ෂයක් ලෙස හැසිරීම මෙන්ම ඒ අනුව තීරණ තීන්දු ගැනීමේ අවශ්‍යතාව.
- හැකිතාක් දුරට පක්ෂයේ වගකීම් පැවරීමේදී සාමාජික එකඟතාව ලබා ගැන්ම සහ ප්‍රාථමික ඡන්ද පැවැත්වීම වැනි කරුණු තුළින් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුළ තහවුරු කිරීම.
- ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළින්, ජාතික සංවිධානවලට ආ හැකි අයුරින්, ස්වභාවික නායකයන්ට මඟ පාදා දෙන ක්‍රමවේදයක් හා බලාපොරොත්තු ඇති කරන වැඩපිළිවෙළක් සකස් කිරීම. (පැරෂුට් වලින් එන අයට නොරැවැටීම සඳහා)
- පාර්ලිමේන්තු මන්ත්‍රි හමුවීම්, පක්ෂ සංවිධායක හමුවීම්, කළමනාකරණ කමිටු රැස්වීම්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් විධිමත් ලෙස, නිසි කාලවකවානුව තුළ පැවැත්වීම. (විධායක සභාව හා පක්ෂ සමුළුවද ඇතුළුව)
- දිස්ත්‍රික් සභාපති සහ දිස්ත්‍රික් සංවිධාන සඳහා නිශ්චිත වගකීම් සහ කාර්යභාරයන් පැවැරීම මෙන්ම ඒවා පිළිබඳව ඔවුන් සමඟ තෛ්‍රමාසික සමාලෝචනයන් පැවැත්වීම.
- නායකතුමන් සහ ප්‍රධාන නිලධාරීන් සමඟ පක්ෂයේ විවිධ අංශ භාර ප්‍රධාන නිලධාරීන් මෙන්ම, තරුණ, කාන්තා, ශිෂ්‍ය, වෘත්තීය සමිති ඇතුළු අනුබද්ධ සංවිධානවල වගකීම් භාර ප්‍රධානීන් ද ඒ කටයුතු ගැන නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවන් නොවරදවා පැවැත්වීම.
- සමාජ ජාලා වගකීම සහ පක්ෂය වෙනුවෙන් වෙනම ඒකකයක් නිර්මාණය කිරීම. ඡන්දයට පමණක් සීමාවූ මෙහෙයුම් සඳහා කොන්ත්‍රාත් ලබාදීම වෙනුවට, පක්ෂයේ වෙනම ඒකකයක් මේ සඳහා නිර්මාණය කරගැන්ම තුළින් ඒ හා බැඳුණු ක්‍රියාකාරිකයන්ගේ දම්වැලක් මඟින් විධිමත් සන්නිවේදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව.
- පක්ෂ මතවාදය මෙන්ම කාලීන කරුණු ගැන පක්ෂයේ පණිවුඩයන්, ක්‍රියාකාරිකයන්ට සහ මහජනතාවට යන අයුරින් මෙය සකස් කර ගැන්ම.
- වසර දෙක තුනකින් ප්‍රධාන මැතිවරණයක් එන විට ඒ සඳහා අලුතින් එක්වන තරුණ ඡන්දදායකයන් ඉලක්ක කරගෙන (වයස 15,16,17 පරපුර), දේශපාලන අවබෝධය ලබාදෙන වැඩපිළිවෙළක් (රන්ජන් විජේරත්න ඇකඩමිය මෙන්) මෙන්ම සංවාදාත්මක සන්නිවේදන වැඩපිළිවෙළකට හැකි ඉක්මනින් පියවර ගැන්ම.
- පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද සඳහා අපේක්ෂක තේරීම උදෙසා නිර්ණායක තීරණය කිරීම. මෙහිදී වෘත්තීමය සුදුසුකම් ඇති අයවලුන්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍රජා සංවිධානවල මූලිකයන්, සම්බන්ධ කරගැන්ම මෙන්ම අවම වශයෙන් සියයට 25 බැගින් හෝ තරුණ සහ කාන්තා නියෝජනත්වය ලබාදිය හැකි අයුරින් පක්ෂය සූදානම් කරගැන්ම. (මෙයට ඉහත ඡන්දවලදී අසාර්ථක වී ඇති අපේක්ෂකයන් නැවැත ඉදිරිපත් කිරීමේ කරුණ මතු වුවහොත්, එය සියයට 35ක ප්‍රතිශතයකට වැනි ලෙසින්, ඒ සංඛ්‍යාව සීමා තැබීම.)
- පක්ෂයේ ආසන භාර සංවිධායකවරුන්ට සහ ප්‍රාදේශීය මහජන නියෝජිතයන්ට පක්ෂ නායකතුමන් සහ ප්‍රධාන නිලධාරීන්ව හමුවීම සඳහා නිශ්චිත කාල අවකාශයක් ලබාදීම.”
බාකිරී මහතාගේ මෙම ලිපියේ පිටපත් සජබ පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක වෙතද යොමු කිරීමට හෙතෙම කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..